
(අංජුල මහික වීරරත්න)
චීනයේ පැවැත්වෙන ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සහභාගී වී සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස, සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ විශේෂ කෘත්‍රිම බුද්ධි (Al) තාක්ෂණික ප්‍රදර්ශනයක් නැරඹීමට සහ ඒ ආශ්‍රිත සාකච්ඡා වට කිහිපයකට එක් විය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහත්වරු ඇතුළු නියෝජිතයෝ මීට සහභාගී වී සිටිති.
චීනය මේ වන විට විවිධ මට්ටමින් කෘත්‍රිම බුද්ධිය (Al) ප්‍රායෝගිකව යොදා ගන්නා ආකාරය සහ ඔවුන් සතු සුවිශේෂී තාක්ෂණික දියුණුව පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා නියෝජිතයින්ගේ විශේෂ අවධානය යොමු විය.
විශේෂයෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු මහජනතාවට සෘජුවම බලපාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් චීනය ලබා ඇති ප්‍රගතිය සහ ඔවුන් එම නාක්ෂණය සමඟ වැඩ කරන ආකාරය මෙහිදී නිරීක්ෂණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා මෙම නවීන තාක්ෂණික මෙවලම්, දැනුම සහ ප්‍රවීණත්වය මෙරටට ලබා ගැනීම පිළිබඳවත්, කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවන් මෙහිදී අදහස් හුවමාරු කරගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘත්‍රිම බුද්ධ? ලංකාවේ නේද තියන්න ඕන. හේතුව වැඩියෙන්ම මේ අය ඉන්නේ ලංකාවෙනේ.