IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතිපතිගේ තීරණය බල ශූන්‍ය කරන්නැයි රිට් පෙත්සමක්

(තිළිණි ද සිල්වා   සහ  රංජන් කටුගම්පොළ)

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ එම ළමයින්ගේ මව්පියෝ හතර  දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ අද රිට් පෙත්සමක් ගොනු කළහ.

සරෝජනී පෙරේරා , ජෙනිෆර් වීරසිංහ , මර්වින් ප්‍රේමලාල් ,ජෙෆ්රියාස් සබ්රීන් යන මහත්ම මහත්මීන් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කරනු ලැබ සිටියි.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , දෙවැනි වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපති ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.



අදහස් (3)

නීතිපතිගේ තීරණය බල ශූන්‍ය කරන්නැයි රිට් පෙත්සමක්

Rocky Thursday, 14 October 2021 06:31 AM

නීතිපති කියන්නේ නීතියේ අයිතිකාරයාද ?

:       0       0

මොට්ටපාල Thursday, 14 October 2021 07:29 AM

ඇත්තටම නඩු පැවරුවේත් නීතිපතිම නේද.? ඉල්ලා අස්කර ගන්නට නම් නඩුවට හේතුවක් නැතිව ඇතිනේද. නඩු පැවරුවේ හේතුවක් ඇතිව නේද. එහෙමනම් නීතිපති අධිකරණයේ කාලය නාස්ති කිරීමක් කරල නැද්ද නොදන්නා නිසා අහන්නෙ.

:       0       1

Kule Thursday, 14 October 2021 02:15 PM

මේ 11 දෙනා වගේමයි පොලීසියේ 800 එදා මරලා දැම්මේ .නීතිය තවම ඉෂ්ට වෙලා නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site