
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කුමන්ත්‍රණය කළැයි කියන ප්‍රධාන සැකකාරිය වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ සැකකාරිය මුස්ලිම් කාන්තාවකගේ වෙස් ගෙන ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීය.
2022 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වෙනි දින එම ඝාතනය සිදුකර තිබූ අතර මේ සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම වැඩ වාසය කළ ඒකල සුගතසිරි හිමි ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
නැදගමුවේ මහානාම හිමි ඝාතනය ඝාතනය කිරීමෙන් පසුව එම හිමිට අයත් ඩිපෙන්ඩර් රථයක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සැකකාර හිමි සොරාගෙන විකුණා එකී මුදල් ඩුබායි රාජ්‍යයේ සිටි සැකකාරියගේ ගිණුමට බැට කර තිබූ අතර සැකකාර හිමිගේ ප්‍රකාශ මත එකී වහන දෙක පොලිසිය මගින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න පාතාලය , ඝාතන මේ මාස තුන හතරකින් පටන්ගත් දෙයක් වගේ වැලපෙන මැක්ස් වගේ අය මේවත් බලන්න, දැන් මේවහෙලිවෙනවට සතුටුවෙන්න. පාතාලය කලබල වෙලා එළි බහින්නෙ තවදුරටත් මෙහෙම ඉන්න බැරි බව දක්න නිසා කරන දෙයක් කරල නිහඬවෙන්න.
ලංකාවේ ශාසනයත් දැන් දුෂණය වෙලා....