
(ක්රිෂාන් ජිවක ජයරුක්)
වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්රධාන මහේස්ත්රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය.
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කළ අතර අද දින ඇප ලබා දෙනවාද යන්න ගැන සලකා බලන බව මහේත්රාත්වරයා ඊයේ දැනුම් දුන්නේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කළ ඉල්ලීම ප්රතිකෂේප කළ මහේස්ත්රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් යන්නේ බන්ධනාගාර රෝහලටද? ගෙදරින් අල්ලාගත්තු විස්කි බෝතල් දෙක-තුනක් ගෙන්නගත්තා නම්, අර මදාවි සිල්වත් එක්ක ෂොට් එකක් දාගෙන සොමියේ ඉන්න බැරියැ. මතක් කරලා බාම් කුප්පියත් ගෙන්න ගන්න...
මෙන්න කුඩු විරුවන්ගෙන් පලිගන්නවෝ... !!!
රිමාන්ඩ් එකේ ඉන්න අයට බණ පදයක් අහන්න පුළුවන්වෙයි.
සිදුවන සියල්ල යහපත් හා සාධාරණ අන්දමින්ම සිදුවේවා...!
යුක්තිය මම කළා/ ගෙදර නෝනා තියා/ මගේ යාලුවෝ මං එනතුරු උන්දෑ බලාගනියි නිරතුරු/.../
අර ආලේප ඕනෑ නම් කියන්න පොලිස්පති, විත්ති කූඩුවේ හිටගෙන ඉඳලා අමාරුත් ඇතිනේ...!
88,89 කාලෙත් පුද්ගල හමුදා තියාගෙන තමයි තරුණ ඝාතන කලේ. රාජ්ය නිලධාරීන්ට මෙවැනි පුද්ගල හමුදා තියාගෙන නීතියටද වැඩ කළේ..? උපරිම දඬුවම් දෙන්න ඕනෑ...
ගරු අධිකරණයේ තීන්දුවට හිස නමා ආචාර කරමි...
නීතිපති පුද්ගලිකවම දේශබන්ධු මහතාට බරපතල ප්රහාරයක් එල්ලකිරීම සැකයට භාජනය කලයුතුද?ලුලා නැති වළට කණයා පණ්ඩිත වෙන්න යනවදෝ කියලත් හිතෙනවා?
මෙයා හංගපු අවි ආයුධ පෙන්නන්න ගෙනියන්නේ කවදාද ?