
(ගයාන් සූරියආරච්චි)
අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
දේශබන්දු තෙන්නකොන් මහතාගේ බිරියගෙන් සහ පුතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ඒ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි පෞද්ගලික නිවසේදීය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබුණි.
COMMENTS
පුලුවන්නම් අල්ලලා පෙන්වන්න, අනිවාර්යයෙන් ආණ්ඩුව ඔහු අල්ලන්නේ නැහැ. අරගල නාටකයේ අනුර, රනිල්, දේශබන්දු, සනත් නිශාන්ත ඔක්කෝම නළුවෝ..., ඔක්කෝම යාලුවෝ මල්ලී, 94 චන්ද්‍රිකා පොරොන්දු වුණු රනිල්ව ඇතුළට දමන්න.. 2005 දී මහින්දත් පොරොන්දු ගොඩක් දුන්නා කෝ කළාද? 2015 සිරා මොනවාද කිව්වේ කෝ කළාද? 2019 රට රකින විරුවා? 2024 අනුරත් කියපුවා කරන්නේ නැහැ. මේ රටම දන්නා දේශබන්ධු අල්ලන්න බැරි ආණ්ඩුව කොහොමද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ?
අර ෆොන්සේකා කාලේ ධනුන තිලකරත්න ඇල්ලුවා වගේ තමයි මේකත්, ආණ්ඩුව කිව්වාම බල්ලොත් පස්ස හරවනවා. ඒ තරම් පිරිහිච්චි ආණ්ඩුවක් වුණා මාස 5න්...!
ප්‍රථමයෙන්ම ඔහුගේ ආරක්ෂාවට යොදා සිටි කණ්ඩායමම අත්අඩංගුවට ගතයුතුයි.
සිල්වා, ඔයා ඉන්න තැනක් දන්නවා නම් කියන්න, තක්කඩියෙක් අල්ලන්න බැරිවීම ජාතික ආරක්ෂාවට ගැට ගහන්නේ කොහොමද? තමුන්ලාට මතකද සිරිපාල හෙවත් මරුසිරා, බැදිගම උක්කුවා, ඒ අයත් අල්ලන්න කල්ගියා, පොලිසියේත් ඉන්නේ මිනිස්සු...
17 වෙනිදා අභියාචනාධිකරණය තීන්දුවක් දෙනකන් බලමු.
කණ්ඩායම් 6ක් තියා මුළු පොලිසියම මෙයාව අල්ලන්න දැම්මත් ඊළඟ උසාවි දිනේට ඉස්සෙල්ලා දවසේ හරි උසාවි දිනේ දවසේ උදේ ලංකාවේ පොලිසියට මෙයාව හොයා ගනියි කියලා මට හිතෙයි..!
සෙනෙවිරත්න, රටම සහ මුළු ලංකාවේ පොලීසියම හොඳින් දන්නා හඳුනන දේශබන්දු අල්ලන්න බැරි ආරක්ෂක අංශ කොහොමද? ඉදිරියේදී හදිසියේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන ත්‍රස්තවාදියෙක් අල්ලන්නේ..., අනිවාර්යයෙන්ම මේ තත්වය අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාවට තර්ජනයක්..., පොලිසිය දන්නවා ඔහු ඉන්න තැන... නමුත් පොලිසිය ආණ්ඩුවේ නියෝග පිළිපදින්නේ නැහැ. එහෙම නැතිනම් ඉහළින් පොලිසියට නිල නොවන ආකාරයට උපදෙස් ලැබිලා දේශ බන්ධු අල්ලන්න එපා කියලා.
මහජන මුදල් වලින් පඩි කන නිලධාරීන් රාජකාරිය කරන්නේ නැත්නම් ආණ්ඩුව ජාතික ජන බලවේගයට හිතවත් ස්වේච්ඡා සංවිධාන වල සහ පූරවැසියන්ගේ බළකායක් පිහිටුවීමට නායකත්වය දී අසමත් නිලධාරීන් සේවයෙන් පහකළ යුතුයි! ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට නිෂ්චිත යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුයි!
දේශබන්දු තෙන්නකෝන් තමයි ලංකාවේ නීත්‍යානුකූල පොලිස්පතිතුමා. දැන් ඔය දේශපාලන වෛර වෙනුවෙන් තමන් මොකද්ද කරන්න ඕනෑ කියලා වත් දන්නේ නැති සාමාන්‍ය ජනතාව අවුස්සගෙන ගේම් ගැහුවාට රටට වැඩක් කරපු හැම මිනිහාටම අද ඉන්න වෙලා තියෙන්නේ හැංගිලා. යුක්තිය වෙනුවට වෛරය තමයි බලයට ගෙනාවේ. මේකෙ විපාක මුළු රටටම විඳින්න වෙනවා මෙහෙම ගියොත්...!
අපි පොඩි කාලේ මේ මේසපන්දු මහත්තයා හැංගිමුත්තං සෙල්ලම කරන්න ආවනං අපි තාම හොයනවා. දැන් ලොක්කෙක් උනාට අවුරුදු තිහකට කලින් මම පොඩියි.