
(රංජන් කස්තුරි)
විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන ඇත.
මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනාඥයකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇත.
විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසදෙන තෙක් කෙටි කාලින විසදුමක් ලෙස සිලු විදුහල්පති ශ්‍රේණිධාරීනට විදුහල්පති දීමනාව රුපියල් 15,000 ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව ද එම සංගමය සඳහන් කරයිත
COMMENTS
මට නම් හිතෙන්නේ අන්ධානුකරණයෙන් උතුම් අධ්‍යාපනය දෙන දරුවන් දෙස බැලීමේ අඩුපාඩුවක් ඇත...
ජවිපෙ ගුණ්ඩු වලට හසු වී වර්ජන කරමින් දරුවන්ගේ අනාගතය වනසා දමනවාට වඩා මෙම තීරණය හොදයි. ඔබට ජයවේවා!
මම ඔය කතාව කියන්නේ 1983 ඉදන් ආපු රජයේ මුදල් වලින් පාසලට වැසිකිළියක් හදලා ඒකට ලක්ෂ ගානක් වියදම් කරනවා දේශපාලන නැටුම් වලට
කවදාවත් දේශපාලකයන් පාසල් කටයුතු වලට ගාව ගන්න එපා .
අපි කීව වගේනේ ගෙන්න ගන්න...
ඔය තීරණේ දිගටම ඉන්න. මහජනතාව හැටියට අපි කැමතිත් නෑ දේශපාලුවෝ පාසල් උත්සව අස්සේ රිංගනවට. හැබැයි ඔය ඉල්ලන දීමනාව ලැබෙන්නෙත් නෑ.
වෘත්තීය සමිති වලට නීතියෙන් බලයක් තියෙනවද රජයේ හෝ පොදු දේපල සහ රාජ්‍ය ආයතන ගැන ඒ විදිහේ තීරණ ගන්න. උදාහරණයක් ලෙස, අධ්‍යාපන ඇමැති සහ රාජ්‍ය ඇමැති කියන්නේ අධ්‍යාපන කටයුතු බාර අය. ඒ අයට තිබෙන නිළ බලය වෘත්තීය සමිති වලට යටත් නෑ නේද. අනේ මන්දා. මේ අය දැන් අවරුදු දෙකකට කලින් ළමයින්ගේ අධ්‍යාපනය කාලා දැම්මා යන්තම් කොරෝනා උවදුරෙන් එළියට එන වෙලාවේ ස්ට්‍රයික් කරලා. අපේ දරුවන්ට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න වුණේ මුළු උසස් පෙළ කාලයෙන්ම එක් වාරයක් විතරක් පාසල් ගිහින් දැන් මේ ආයිමත් පටන් අරන්.
ඒ කියන්නේ සජිත්ගේ "සක්වල' ඡන්ද ව්‍යාපාරයටත් තිතද?.අවංක උත්සහයක් නම් සජිත්ටත් එයාගේ නියෝජිතයන් මගින් ඒ කටයුතු කරන්න පුලුවන්නේ, දරුවන්, ගුරුවරු ඉදිරියේ දේශපාලන කතාවන් නවත්වා දමමින්.