
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයේ දිගම්පතහා ප්රදේශයේ යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මිය ගොස් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇතිබව සීගිරිය පොලිසිය කියයි
මෙසේ මිය ගොස් ඇත්තේ දිගම්පතහා ප්රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනෙකු බවත් දඹුල්ල සහ තනමල්විල ප්රදේශ පදිංචිකරුවෝ බව පොලිසිය සඳහන් කර සිටී. වෑන් රථය දඹුල්ල සිට හබරණ දෙසට ධාවනය වෙමින් තිබී ඇත.
හබරණ දෙසින් දඹුල්ල දෙසට යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදී තවත් වාහනයකට ඉස්සර කිරීම සඳහා යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි
මෙසේ මිය ගොස් ඇත්තේ ගිම්හාන ජයතිලක සහ තවිදු චේතිය රත්නායක යන දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd