
(කාංචන කුමාර ආරියදාස )
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියා සිටී
වැස්ස නිසා ගුණාත්මක භාවයෙන් යුතු එළවළු වෙළඳ මධ්‍යස්ථානයට නොලැබීම හේතුවෙන් ඒවා අලෙවි නොවන නිසාවෙන් මේ තත්ත්වය උදාවී තිබෙන බවත් ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කර සිටි.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිට පළාත්වලින් ලැබෙන එළවළු මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බවද පෙන්වා දෙන ලේකම්වරයා එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථාද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවද මධ්‍යස්ථානය තුළ කැරට් ලිස් කිලෝ එකක තොග මිල රු 100 ත් 140 ත් මිලකට සෙමෙන් අලවි වන බව කියයි
පහතරට එළවලු බොහොමයක් වෙළදපලේ දක්නට නොමැති තරම් බව පෙන්වා දෙන ඒ මහතා එළවළු සිල්ලර මිල ඉහල යා හැකි බව පෙන්වා දුන්නේය
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය බෝංචි කිලෝවක් රුපියල් 400ත් 420ත් අතර මිලකට අලෙවි වන බවත් කැරට් සහ ලීස් කිලෝවක් රුපියල් 130 ත් 140 අතර මිලකට අලවන බවත් වට්ටක්කා කිලෝවක් රුපියල් සියයකටත් අමු මිරිස් කිලෝ එකක් රුපියල් 250ක මිලකට අලෙවිවීම සිදුවන බවද එම යම් මට්ටමකින් මිල ඉහළ ගියද ඒවා අලෙවි කර ගැනීමට වෙළෙන්දන් නොමැති බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය
2025 දෙසැම්බර් මස 18
604
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුලේ එළවලු හිඟයක්