(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව 15 කනුව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ජයසේර මුදියන්සේලාගේ සරත් චන්ද්‍රපාල නැමති තිදරු පියකු බව පොලිසිය කියයි.
මරණයට පත්වු තැනැත්තා නිවසේ සිට පුත්තලම නගරයට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී මාර් ගයේ ගමන් කරමින් සිටි ගව රංචුවක ගැටී ඇති බව කියයි.අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි තිදරු පියා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදි මරණයට පත්ව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd