IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා

(සුජිත් හේවාජුලිගේ) 

ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් දෙදින  විවාදයක්  හෙට (21)සහ  අනිද්දා (22) පැවැත්වේ.

පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට රැස්වේ.

අනිද්දා දිනයේදී (23) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න  මහතා පැවසීය.

අනතුරුව කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදයක් එදින    ප.ව 3.30 – ප.ව 5.30 දක්වා   පැවැත්වේ

අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්පන්දන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ නිකුත් කිරීම සඳහා ලබන  24 සිකුරාදා  පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමටද  මෙහිදී තීරණය කර ඇත.



අදහස් (0)

ක්ලීන් ශ්‍රී ලංකා විවාදය හෙට අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site