IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඖෂධ ඒකාධිකාරිය බිඳීම නිසා ඖෂධ මිල 200ගුණයකි පහතට

(ෂේන් සෙනෙවිරත්න)

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 7000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණු බවයි.

ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කීපයකට ඖෂධ ගැන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජනමාධ්‍යයට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙන බවත් රජයට අයත් මාධ්‍ය ආයතනවලට පවා කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම උදා කර දී තිබෙන අමාත්‍යවරයා අවධාරණය කළේය.

 



අදහස් (18)

ඖෂධ ඒකාධිකාරිය බිඳීම නිසා ඖෂධ මිල 200ගුණයකි පහතට

pakeer Wednesday, 15 January 2025 11:14 PM

හැබැයි මිල අඩු කරා කියලා ඉන්දියන් ජරාව නම් එපා

:       6       15

Damith Thursday, 16 January 2025 12:11 AM

අම්මෝ මෙන්න තව පචයක්

:       19       20

බකල ජයා Thursday, 16 January 2025 01:08 AM

බෙහෙත් ලාබ වෙලා! ආයෙත් ගණං යන්න කලින් ඉක්මනට ලෙඩ වෙන්ඩ ඕන. ඩිස්කවුන්ට් එකකුත් හම්බුනොත් සෑහෙන්න ලාබයි.

:       6       22

pj Thursday, 16 January 2025 03:45 AM

බැලුනය පුපුරයි බලාගෙන.....දැන් පැනඩෝල් ඒකක් ගත්තහම පාමසියෙන් සල්ලි ගන්නෙ නැතුවම ඉතුරැ සල්ලි දේවි ....

:       5       12

Buddika Thursday, 16 January 2025 04:19 AM

අප්පට සිරි.මේ කොහේද අප්‍රිකාවෙවත්ද?ලංකාවෙත් එහෙම උනා නම් කොච්චචර ශෝක්ද

:       4       13

Ajith wickramasinghe Thursday, 16 January 2025 06:38 AM

බොරු කියන්න එපා, මම මගේ බෙහෙත් SPC එකෙන් ගන්නවා, හැම මාසෙකම, මට ගිය මාසෙට වඩා 20%ක් විතර ගෙවන්න වුණා, කරුණාකර සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන්න එපා, කලින් තියෙන මේසයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. මිල සහ වර්තමාන මිල, යම් කාලයක් විය හැක

:       8       18

Asanga Thursday, 16 January 2025 07:35 AM

නියම වැඩක්

:       9       7

සාලිය Thursday, 16 January 2025 07:37 AM

පාමසි වල නම් බේත් තාම පට්ට ගණන්.

:       2       12

රට වැසියා Thursday, 16 January 2025 07:46 AM

මේව මොනව උනත් කැකුළු හාල්ම ඉල්ලන්න. ඉලව් ගෙදරකදි, මගුල් ගෙදරකදි කැකුළු හාල් පැත්තවත් නොබලන අයත් කැකුළු හාල්ම ඉල්ලන්න.

:       9       11

ගුණරත්න Thursday, 16 January 2025 10:08 AM

මිල අඩු බෙහෙත් ඉන්දියාවේ පකිස්තානයේ ඕන තරම් තියෙනවා, පිළිකනු වලත් බෙහෙත් හදනවා කියනවා. ඉතින් ඉල්ලන ඕන තරමක් අඩු මිලට ගන්න බැරි කමක් නැහැ, ප්‍රස්නය බෙහෙත් වල කොලිටිය! ගුණාත්මක බව. ගුණයක් නැත්නම් අඩු මිල කියල බෙහෙත් බීලා ඇති පලයක් නැහැ නේ?

:       7       12

Jayanath Thursday, 16 January 2025 11:03 AM

අන්න නියම වැඩ . එකෙන්ම respect

:       7       14

Samanth Thursday, 16 January 2025 11:05 AM

මිල වැඩි වෙච්ච තරමට ගුණාත්මක බව වැඩි කියන්න තරම් ලංසි පැපොල් ගොටුකොලයෙක් වෙන්නෙපා ගුණරත්න

:       6       12

Hasith Thursday, 16 January 2025 11:50 AM

මොනවාද අඩු වුණ බෙහෙත් කියනවාද? දැන් සාමාන්‍ය උණකට බෙහෙත් ටික ගත්තොත් රුපියල් 1000 කට කිට්ටු වෙනවා. දොස්තර ගාස්තු නැතුව

:       4       11

Baala beheth Maama Thursday, 16 January 2025 01:40 PM

අනිවාරෙන් NMRA එකෙන් කොලිටි චෙක් කරන්න. නැත්තන් ඔය බම්බුව වහලා දාන්න. වැඩ බැරිනන් පඩි මොකටද?

:       2       4

Kamal Koyrala Thursday, 16 January 2025 03:02 PM

ඒකාධිකාරය වගේම සේනක බිබිලේ ප්‍රතිපත්තියත් නීතිගත කරන්න.

:       1       4

Lasantha Thursday, 16 January 2025 03:18 PM

නියමයි...හොඳ දෙයක් කරන්න ටික කාලයක් යනවා ඉවසීමෙන් කටයුතු කරමු

:       4       4

මිලානෝ වැසියා Friday, 17 January 2025 02:05 AM

ඒ නිසා වෙන්න ඇති කොළඹ ශ්‍රැංග්‍රිලා එකේ රෑට රෑට ඩීල් දාලා අසාදු ලේඛණ ගත කරපු සමාගමකට බේත් ගේන්න කොන්ත්‍රාත් දුන්නේ. නේද ගොයියෝ???

:       0       1

සුදන්ත මංචනායක Saturday, 18 January 2025 02:55 AM

නිසි කල ෆාමසි වල මිල ගණන් පාලනය කරන්න ජනතාවට වැරැදි කරන සමහර වෙළඳ මාෆියා කොටස් වලට දැඩි දඬුවම් නීතියෙන් ලබාදීමට ජනතාවාදී පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇතැයි ජනතාව විශ්වාස කරමින් සිටිති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site