
(ෂේන් සෙනෙවිරත්න)
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 7000 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370 ක් දක්වා පහත වැටුණු බවයි.
ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කීපයකට ඖෂධ ගැන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනමාධ්‍යයට බලපෑම් කිරීම හෝ පාලනය කිරීම රජයේ අපේක්ෂාව නොවෙන බවත් රජයට අයත් මාධ්‍ය ආයතනවලට පවා කිසිදු බලපෑමකින් තොරව නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම උදා කර දී තිබෙන අමාත්‍යවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මිල අඩු කරා කියලා ඉන්දියන් ජරාව නම් එපා
අම්මෝ මෙන්න තව පචයක්
බෙහෙත් ලාබ වෙලා! ආයෙත් ගණං යන්න කලින් ඉක්මනට ලෙඩ වෙන්ඩ ඕන. ඩිස්කවුන්ට් එකකුත් හම්බුනොත් සෑහෙන්න ලාබයි.
බැලුනය පුපුරයි බලාගෙන.....දැන් පැනඩෝල් ඒකක් ගත්තහම පාමසියෙන් සල්ලි ගන්නෙ නැතුවම ඉතුරැ සල්ලි දේවි ....
අප්පට සිරි.මේ කොහේද අප්‍රිකාවෙවත්ද?ලංකාවෙත් එහෙම උනා නම් කොච්චචර ශෝක්ද
බොරු කියන්න එපා, මම මගේ බෙහෙත් SPC එකෙන් ගන්නවා, හැම මාසෙකම, මට ගිය මාසෙට වඩා 20%ක් විතර ගෙවන්න වුණා, කරුණාකර සාමාන්‍ය මිනිස්සුන්ව රවට්ටන්න එපා, කලින් තියෙන මේසයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි. මිල සහ වර්තමාන මිල, යම් කාලයක් විය හැක
නියම වැඩක්
පාමසි වල නම් බේත් තාම පට්ට ගණන්.
මේව මොනව උනත් කැකුළු හාල්ම ඉල්ලන්න. ඉලව් ගෙදරකදි, මගුල් ගෙදරකදි කැකුළු හාල් පැත්තවත් නොබලන අයත් කැකුළු හාල්ම ඉල්ලන්න.
මිල අඩු බෙහෙත් ඉන්දියාවේ පකිස්තානයේ ඕන තරම් තියෙනවා, පිළිකනු වලත් බෙහෙත් හදනවා කියනවා. ඉතින් ඉල්ලන ඕන තරමක් අඩු මිලට ගන්න බැරි කමක් නැහැ, ප්‍රස්නය බෙහෙත් වල කොලිටිය! ගුණාත්මක බව. ගුණයක් නැත්නම් අඩු මිල කියල බෙහෙත් බීලා ඇති පලයක් නැහැ නේ?
අන්න නියම වැඩ . එකෙන්ම respect
මිල වැඩි වෙච්ච තරමට ගුණාත්මක බව වැඩි කියන්න තරම් ලංසි පැපොල් ගොටුකොලයෙක් වෙන්නෙපා ගුණරත්න
මොනවාද අඩු වුණ බෙහෙත් කියනවාද? දැන් සාමාන්‍ය උණකට බෙහෙත් ටික ගත්තොත් රුපියල් 1000 කට කිට්ටු වෙනවා. දොස්තර ගාස්තු නැතුව
අනිවාරෙන් NMRA එකෙන් කොලිටි චෙක් කරන්න. නැත්තන් ඔය බම්බුව වහලා දාන්න. වැඩ බැරිනන් පඩි මොකටද?
ඒකාධිකාරය වගේම සේනක බිබිලේ ප්‍රතිපත්තියත් නීතිගත කරන්න.
නියමයි...හොඳ දෙයක් කරන්න ටික කාලයක් යනවා ඉවසීමෙන් කටයුතු කරමු
ඒ නිසා වෙන්න ඇති කොළඹ ශ්‍රැංග්‍රිලා එකේ රෑට රෑට ඩීල් දාලා අසාදු ලේඛණ ගත කරපු සමාගමකට බේත් ගේන්න කොන්ත්‍රාත් දුන්නේ. නේද ගොයියෝ???
නිසි කල ෆාමසි වල මිල ගණන් පාලනය කරන්න ජනතාවට වැරැදි කරන සමහර වෙළඳ මාෆියා කොටස් වලට දැඩි දඬුවම් නීතියෙන් ලබාදීමට ජනතාවාදී පාර්ලිමේන්තුව කටයුතු කරනු ඇතැයි ජනතාව විශ්වාස කරමින් සිටිති...