IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා  ප්‍රතික්‍ෂෙප කළේය.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා සම්බන්ධයෙන් විත්ති වාචක කැඳවීමට තරම් ප්‍රමාණවත් සාක්කි පැමිණීල්ල විසින් ඉදිරිපත් කොට ඇති බවට තීන්දු කරමින් විත්තියේ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා විත්තියේ ස්ථාවරය ලබන පෙබරවාරරී මස 21 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.

2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් මස 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීමේ කාර්යයේ යෙදී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන් රැදී සිටි අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, එහි රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා ඔවුන් ඒ සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් “මිලේනියම් සිටි” ආරක්‍ෂක නිවස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබු රහස් ලිපි ගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රදර්ශණය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස්ථාන වලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප්‍රදර්ශනය කළ බවටද එම නිලධාරීන් දින 10ක් මහනුවර හා කටුගස්තොට පොලිස්ථාන වල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ බවටද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

 



අදහස් (3)

උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

තරංග Tuesday, 24 January 2023 07:12 PM

දැන් ඉන්න වීර ජනාධිපතිගෙ තවත් එක වීර ක්‍රියාවක් . මේ සිද්දියේදි අතලොස්සක් හැරෙන්න සියලුම හමුදා සෙබලු කොටී විසින් මරා දැමුවා.

:       2       46

බමුණු Wednesday, 25 January 2023 06:23 AM

රටට සේවයක් කල පුද්ගලයින්ට ගෞරව නාම දෙනවා වගේම රටට ද්‍රෝහී වූ කටුගම්පල වැන්නවුන් ජාතීද්‍රෝහීන් ලෙස නම් කරන්න.

:       0       25

Bamunuarachchi Wednesday, 25 January 2023 06:31 AM

ඔය චෝදනාව කටුගම්පොලට පමණක් නොවෙයි රනිල්, රාජිතටත් අදාළයි. මොවුන් සියළුම දෙනා ජාතිද්‍රෝහීන් ලෙස හංවඩු ගහන්න.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site