
(අංජුල මහික වීරරත්න)
ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා එළදෙනුන් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි එළදෙනුන්ගේ හිඟකම ලංකාවට විශාල බලපෑමක් එල්ල කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ලංකාවේ එක් එළදෙනකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් එළදෙනකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යාංශය කියයි.
ඉන්දියාව සහ පකිස්ථානය සමග කළ සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය.
ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන එළ සහ මී එළදෙනුන් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියා-පකිස්ථාන හරක් ලංකාවට - ලංකාවේ සම හරක් ඉන්දියාවට
අපේ හරක් බැරිද දන්නේ නැහැ සයිබීරියාවට හරි පටවන්න !
ඇයි, දියවන්නාවේ ඉන්න හරක් ගොඩ මදිවටද?
ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන ගවයන් නම් ප්‍රශ්නයක් නෑ. නමුන් නමුත් නඩත්තු වියදම්ව වැඩි නම් ගොවියන්ට පාඩුයි. උන් පෝෂණය කිරීමට යන පිරිවැය විශාලයි. දැන් ලංකාවේ ගොඩක් හරක් පට්ටිවල ඉන්න හරක්ගෙන් ඔය කියන තරම් ප්‍රයෝජනයක් නෑ. උන් නඩත්තු කරන්න ගිහින් ගොවියන් හිඟන්නෝ වෙලා ඉන්නේ. මොන ප්‍රශ්නයක්ද දාන්නේ නෑ ඒ ගවයන්ගේ උදරය, හා ශරීරය ලොකු වෙනවා විතරයි. ගොම විතරයි. ඒවත් වගාබිම් වලට යොදන්න බෑ.
Govirala කියන්නේ දියවන්නාවේ ඉන්න හරක් ගැන..."ඔවුන් නඩත්තු කරන්න ගිහින් ජනතාව හිඟන්නෝ වෙලා ඉන්නේ. ඒ ගවයින්ගේ උදරය හා ශරීරය ලොකු වෙනවා විතරමයි. ගොම විතරයි... ඒවත් වගාබිම් වලට යොදන්න බෑ..."