(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය ලේඛනයේ ප්‍රායෝගික නැති කාරණා බොහොමයක් තිබෙන බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය අයවැයේ ඉදිරි පියවරක් මේ අයවැයේ තිබෙනවා නම් ප්‍රශ්නයක් නැතැයි කී මන්ත්‍රීවරයා පහුගිය අයවැයේ ඉටු නොවූ දේවල් නැවත ඉදිරිපත් කරනවා නම් ඒ ගැන  ගැටළුවක් තිබෙන බව සඳහන් කළේය.

බදු වැඩි කිරීම, දේශීය ණය ලබා ගැනීම සහ දේශීය ආයතන විකිණීමෙන්  එහාට ගිය ගමේ රැකියා ගම  උත්පාදනය  වැනි දේවල් අයවැයේ තිබෙනවාද තිබෙනවා ද?නැද්ද? යන ගැටලුව ඇතැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.