
(අමිල චින්තක ගමගේ)
ප්‍රවීණ ගායන ශිල්පිණි අමිතා වැදිසිංහ මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ඥාතීන් පවසයි.
ජනප්‍රිය ගී රැසක් සිංහල ගීත කලාවට එක් කළ ඇය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ ගීත රැසක හිමිකාරියකි.
ඒ අතරින් සෙන්කඩ ගලපුර දළදා බුදු රැස්, ඔන්න බබෝ ඇතින්නියා. බැද්ද පුරා,රන්සඳ මඬලක් සේ ,සුගත තථාගත හිමියනි, රන්දොරින් එන්න ආදරේ, අනෝතත්තවිල නෙළුම නෙළාලා, ආදර චාරිකා,නිසල නිසසල අම්බිලියෝ, ඔන්න බබෝ, පින්න මල් පිපී ,හිරු කුමරුනි,මේ උදාර ලංකා භූමියයි කන්ද උඩින් හඳ පායන ලීලා එම ගීත වලින් කීපයකි.
ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට (25) පස්වරු 3.30 දක්වා කොළඹ ජයරත්න රෙස්පෙක්ට් හි තැන්පත් කර ඇති අතර ආදාහන කටයුතු හෙට (25) පස්වරු 5.00 ට බොරැල්ල සුසාන භූමියේ දී පැවැත්වීමට නියමිතය.
COMMENTS
අප කුඩා දරුවන් කළ ගුවන්විදුලිය තුලින් ඇසුණු ඔබගේ ලයාන්විත ගී, අපිට තවම කටපාඩම් . මවුනි ඔබතුමියගෙ භවගමන සුගතිගාමී වේවා!!!
නිවන් සුව ලැබේවා, ආදරණීය කලාකාරිනියනි...!
ඔබට නිවන් සුව ලැබේවා!. අර්ථවත්, රසවින්දණීය ආකාරයෙන් ගායනා කළ ගීත තවත් බොහෝ කාලයක් අප අතර රැඳෙවා..!
ඇයටම ආවේණික වූ මධුර හඩකින්, මනෝහර ගී රැසකින් සිංහල ගීතාවලිය නමැති අනෝථත්ත විල පොබ කළ නෙලුම, ඔබතුමියට නිවන් සුව ලැබේවා!
ආදරණීය සොයුරිය, ඔබ තුමියට නිවන් සුව අත්වේවා
මට මතකයි... අපේ පාසලේ සංගීත ගුරුතුමිය ලෙස, ඔබතුමිය අපට පාසල් ගීය කියන්න උගන්නපු හැටි 1981/82 දී. ගරු මෑණියනි, ඔබට නිවන් සුව...
නිවන්සුව
ගරු මහත්මියනි ඔබට නිවන් සුව!
නිවන් සුව ලැබේවා