
(අංජුල මහික වීරරත්න)
නොවැම්බර් මස 26දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර ඇති අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6239 වෙනුවෙන් අක්කර 9067.40 සඳහා රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර තිබෙන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයැදුම්පත්වලට අදාල වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ අනුව අක්කර 4324 ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා ගොවීන් 3272 වෙනුවෙන් රුපියල් මිලියන 70 ක් ඔවුන්ගේ ගිණුම් වලට බැරකිරීම සිදු කළ බවද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබුණු නිර්දේශ කරන ලද වගා බිම් අක්කර 7657ක ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් අද (10) ගොවීන්ගේ ගිණුම් වලට බැර කරන බවද මණ්ඩලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන සොච්චම් මුදලක්ද මාලිමා ආණ්ඩුවෙන් දීල තියෙන්නෙ? අපේ සීයාගේ ආණ්ඩුව තිබ්බානම් ලක්ෂ නමසීයේ ඒවායින් බෙදන්නෙ, හරියට අරගලයෙන් වෙච්ච හානිවලට වන්දි දුන්නා වාගේ...තව ඕන්නම් ගොවියන්ට බාර් ලයිසනුත් දෙනවා කුඹුරු අක්කරයකට එක ගානේ. එකත් මදිනම් ජනපති අරමුදලෙනුත් හෝල්සේල් එකේ දීල දානවා...