
(අංජුල මහික වීරරත්න)
දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන ලෝහ අවශ්‍යතාවයෙන් කොටසක් දේශීයව ලබා ගන්නා අඛලි ලෝහ මඟින් සහ ඉතිරිය ආනයනය කරනු ලබන ලෝහ කුට්ටි මඟින් සපයා ගනු ලබයි.
දේශීය කුඩා පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීම පිණිස 2020-11-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දුන් තීරණයක් පරිදි යකඩ, තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල සහ චිනච්චට්ටි යන ලෝහවල අබලි ලෝහ මෙන්ම ඇලුමිනියම් කුට්ටි, සින්ක් කුට්ටි සහ තඹ කම්බි අපනයනය අත්හිටවනු ලැබ තිබේ.
එසේ වුවද, ඇතැම් පාර්ශ්වයන් විසින් විවිධ සංයෝජිත වර්ගී කරණ සංකේතාංක (HS Code) යටතේ වෙනස් ආකාරයෙන් අර්ථ කථනය කරමින් ලෝහ ආශ්‍රිත ව්‍යාජ නිෂ්පාදන සහ අබලි ලෝහ අපනයනය කිරීම හේතුවෙන් දේශීය කර්මාන්ත සඳහා දේශීයව සපයාගත හැකි ලෝහ ආශ්‍රිත අමුද්‍රව්‍යයන්ගේ හිඟයක් නිර්මාණය වී ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන, දේශීය කර්මාන්ත සඳහා අගතියක් සිදු වන අයුරින් අබලි ලෝහ අපනයනය වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd