
(අංජුල මහික වීරරත්න)
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
කාලාන්තරයක් තිස්සේ යටත් වැසියන් ලෙස අප බෙදා වෙන්කොට පාලනය කළ ජනවාර්ගික ආගමික කුලභේද පමණක් නොව දේශපාලන නියෝජිතයන් සහ ජනතාව අතර මුල් බැසගෙන ඇති අගතීන් සෝදා හැර සමාජය පවිත්‍ර කළ යුතුව තිබෙනවා.එසේම නූතන ලෝකයට අවශ්‍ය මානව ගරුත්වය ආදරය දයාව මානව සමාජයේ පදනම බව අපට ම අවධාරණය කර ගත යුතුයි.
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන්.
ගොවියන් ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා.සියලුම ජනතාවට ඒ සඳහා සුවිශේෂී භූමිකාවක් තිබෙනවා.
තැලෙන පෑගෙන යටත් වැසියකු නොවී ආර්ථික තලයේ නිදහස සාක්ෂාත් කර කර ගන්න නම් අප සියලු දෙනා එක්ව මව්බිම වෙනුවෙන් කැපි විය යුතුව තිබෙනවා.
වෛරයෙන් ක්‍රෝධයෙන් අපවිත්‍ර කරනු ලැබූ ජාතික ආත්මය පවිත්‍ර කිරීම සඳහා ඔබට අත්හළ නොහැකි වගකීමක් තිබෙනවා.
අපට වගකීමේ යෂ්ටිය බාර වූ පරිද්දෙන් අනාගත දිනක වගකීමෙන් ඒ ඔබට බාර කරනු ලබනවා.
ඔබට අප විසින් භාර දෙනු ලබන රට අපට ඉතිහාසය විසින් භාර දුන් රට නොව දියුණු සංස්කෘතික මනුෂ්‍යත්වයක් සහිත රටක්.ඉතිහාසය විසින් අපට උරුම කර දී ඇති මේ මහඟු අවස්ථාව මඟහැර යාමට අපට කිසිදු යුක්ති සහගත බවක් නැහැ.අප එසේ නොකළ බවට අනාගතය සාක්කි දරනු ඇත.
අනාගත සිහිනය අප එක්ව සැබෑ කර ගනිමු.අප මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොමැකෙන නමක් සටහන් කරන ගමනක්.අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය
නොහැකියි.නමුත් අපට සමානාත්මතාවය සහ නිදහසේ ආදර්ශය රැගත් පොහොසත්ම රාජ්‍ය බවට පත්විය හැකියි හැකියි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)







මෙවර නිදහස සමරන්නේ අනාගතය දෙස බලාගෙනයි
(අංජුල මහික වීරරත්න)
අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අනාගතය දෙස බලාගෙන නිදහස් දිනය සමරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දිනයේ ජාතිය අමතමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
මෙවර අපි සමරන්නේ සුවිශේෂී නිදහස් දිනයක්.
අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දින වෙනුවට මෙවර අනාගතය දෙස බලාගෙන නිදහස් දිනය සමරනවා.උතුරු නැගෙනහිර දකුණ රට මැද ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලංකාවක් ගැන නූතන ශ්‍රී ලංකා ජාතියක් ගැන එකාවන්ව සිහින දකින සමයක අද අප නිදහස සමරනවා.1948 වසරේ අප රටට අප වෙනුවෙන් තීරණ ගැනීමට අවශ්‍ය දේශපාලන නිදහසක් ලැබුණා.දේශපාලන ස්වාධීනත්වය ලැබීමේ ඉතිහාසයේ පළමු මොහොත එයයි.
COMMENTS
මේ සේරම කරන්නේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත් නිසයි. නිවටයින්ට එය අමතක වූවද සැබෑ හෙළයින්ට එය අමතකව නැත.
ඔබේ චාම් සහ නිහතමානී බවට අපේ උත්තමාචාර්යය. කලින් හිටපු අය ඒ කාලේ කොහොමද නිදහස් දවසට ආවේ. රජ කෙනෙක් එනවා වගේ. කොච්චර වියදම් කළාද?
අරගලකරුවන්ද කයිවාරුකරුවන්ද?
එහෙනම් අර බේරේ වැවේදාපු වාහනවලට අලාභේ ගෙවපල්ලා. හොඳට මතක තියා ගන්න මීලගට එන්නේ හාල් සහ බඩගිනි අරගලය. ඔයාලා හැමෝටම පුළුවන් සම්බන්ධ වෙන්න.
මොන දේ කරන්න උත්සාහ ගත්තත් ඒ හැම තැනකම අප්සෙට් පොරවල් ඉන්නව මේ ශ්‍රි ලංකාව එහෙම තමයි. ඒ කොහොම උණත් මගේ උපරිම සහයෝගය දෙනවා. ජය වේවා.
කලින් ආණ්ඩුවේ සුඛෝපභෝගී වාහන විකුණනවා ඒ සල්ලි වලින් බස් දානවා කියපු උදවිය අද ආවේ අධි සුඛෝපභෝගී වාහන වලින්, ඉතාම ධනවත් අයෙක්ට විතරක් ගන්න පුළුවන් වාහන වලින්, එහෙම ඇවිත් කියවනවා අපිත් බෝම දුක්විඳින අරගලකරුවන් කියල, බම්බු ගහගන්න ජනාධිපතිතුමා, ඔහේ දැන් එපා වෙලා තියෙන්නේ අපිට. අර නොයෙක් අපහාස කර කර එලවපු රනිල් හිටියා නම් මිනිස්සු මීට වඩා සහනයෙන් ඉන්නවා.
අපට ලෝකේ ධනවත්ම රාජ්‍ය බවට පත්විය නොහැකි බව තීරණය කරේ මොන සාධක සහිතවද? අපි අංක එක වෙන්න යන සමානාත්මතාවය හා නිදහස ඇති ලෝකේ අනිත් රටවල් මොනවද? කෙනෙකු දෙයක් කියනවිට ඒක ප්‍රශ්න කරල බලන්න ජාතියක් (ශ්‍රී ලාංකික) විදිහට අපි ඉගෙන ගන්න ඕන.
සැබෑ හේලයෝ යුද්ධයේන් පස්සේ සුද්දේ පටන් ගත්ත එකනේ ප්‍රශ්නය වුණේ.
හොරුන්ගෙන් රට බේරගෙන ලැබූ පළමු නිදහස් දිනය. ජයවේවා.
බෙරේ වැවේ නාපු ප්‍රසන්න වගේ අයට තාමත් ජිවත් වෙලා ඉන්න වාසනාවන්තම වුනේ අරගලය කරපු හොඳ මිනිස්සු හින්දා. එදා කෙන්තියට බෙරේ වැවට දාන්න නෙමෙයි මිනිස්සු බැලුවේ ඒ වෙලාවෙම චුත කරන්න.
රම්බොඩො, කොටි ත්‍රස්තවාදයෙන් රට මුදවාගත්තයි කියන මනුස්සය මොකද හොරකම් කරන්න ගත්තේ? එයාගේ මල්ලිලා අයියලා පුතාලා කියන හෙන පවුල් ගහක් නෙමෙයි මහා ඝන පවුල් වනාන්තරයක්ම එකතු වෙලා රටට දුන්නා නේද ගේම? එකනේ කට්ටියම නිකම් රිජෙක්ට් වෙලා ගියේ.
අපි අපි කියනකොට පරිස්සමින්. තාම 3% නම් එහෙයි කියන්නයි, කුණු හෝදන්නයි ඇති.
ලජ්ජාවක් නැතිව කට අරලා කියන හැටි. තොපි මුලු 365 දවසෙම අරගල කර කර තමයි ඉටියේ එකම ආණ්ඩුවක්වත් අරියට කරන්න දෙන්නෙ නැතිව.
විකාර දොඩවනවා කන හල කිලෝ එකටත් තිබෙන බදු වලට අමතරව රුපියල් 65 විශේෂ බද්දක් ගහල , පසුගිය කාලයේ කෘෂිකර්ම නිලධාරීන් නිසිලෙස රාජකාරි නොකළ නිසා පොල් රටේ නැහැ , හාල් පොල් ටික සාධාරණ සාධාරණ මිලකට දෙන්න බැහැ , පාස්පෝර්ට් ගන්න පොරොත්තු ලේකනේ මාස 6 පමණ ඉන්න ඕනේ , කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය වලටත් විශාල බදු ගහල , කර්මාන්ත අවුල් වෙලා , දෙස් විදෙස් ආයෝජකයෝ ආයෝජනය කරන්නේ නැහැ , අඩුම තරමේ මනුස්සයෙකුට ඉන්න ගෙයක්වත් හදාගන්න බැහැ , නාගරික සංවර්ධන අධිකාරිය , වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පරිසර දෙපාර්තමේන්තු ඇතුළු විවිධ දෙපර්තුමෙන්තුවලින් අවසර ගන්න වෙලා , රජයේ නිලධාරියෝ වැඩ අමාරු වෙන්න අල්ලස් ගැනීමේ බලාපොරොත්තුවෙන් හදාගනු ලැබූ බහුභූත නීති ගොඩකි , මේවා වෙනස් කරන්න කිසිම සැලස්මක් නැතුව කිසිම පියවරක් ගන්නේ නැතිව පොහොසත් රටක් ගැන කතා කරන එක විහිළුවකි , ,