
(අංජුල මහික වීරරත්න)
බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශීලි රටවල සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉන්දීය රජය සමඟ එක්ව ත්‍රිකුණාමලය පුළුල් සංවර්ධනයකට ලක් කරන බව පැවසූ ජනාධිපතිවරයා 2025 වසරේදී ජනතාවගේ ජීවන ගැටළුවලට විසඳුම් ලබා දෙමින් මුළුතැන්ගෙයි සටන නිමා කරන බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (16) පෙරවරුවේ කන්තලේ දුම්රියපොළ ඉදිරිපිට පැවති “රනිල්ට පුළුවන්” ජන රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
එහිදී ජනතාවගෙන් ඉදිරිපත් වු ඉල්ලීම අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතුළු ත්‍රිකුණාමලයට කර්මාන්ත කලාපයක් ලබා දීමටත්, වෙරුගල්ආරු පාලම ඉදිකරදීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද දේශප්‍රේමිත්වය ගැන කථා කරන සජිත් හා අනුර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අතහැර පළා ගිය බවයි. වසර දෙකකට පසු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ අද රට ඉල්ලා 38 දෙනෙක් පොරකන බවද ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
මිත්‍රශිලී රට වලින් ඡන්දදායකයොත් ගේන්න වෙයි. මොකද සීයට ලංකාවේ ඡන්දදායකයෝ ඡන්දේ දෙන්නේ නෑ.
ඔව්, ඔව් ඒ රටවල ඇමතිවරු සහ තානාපතිවරු අනුර කුමාර සමඟ බොහෝ අවස්ථාවල සාකච්ඡා පැවැත්වුවා ඔහු අනාගත ජනාධිපති බව දැනගෙනම.
මෙච්චර කල් ලැබුණු සහනවලින් කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. රටම ලෝකෙටම ණයකාරයෝ කරලා හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්වෙකට පත්කරලා ඉවරයි.
ආන්ඩුවේ කන්තෝරු ඉස්සරහත් ඔය වගේ පොරවල් ඉන්නවා. මම ලොක්කව අඳුරනවා. වැඩේ කරලා දෙන්න ගානක් දෙන්න කියලා පස්සේ ගාන අරන් මාරුවෙනවා. කිසිම ලොක්කෙක් අඳුරන්නේ නැහැ. ඒත් ලොක්කෝ අඳුරනවා වගේ පෙන්නන්න අය යන එන තැන්වල ගැවසෙනවා. මේ අඳුරන බව කියන්න තමයි ප්‍රතිපත්ති ප්‍රකාෂනේටත් ලොක්කන්ගේ පොටෝ දැම්මේ. දැන් ඡන්දේ පැරදුණාම ඒ යාලුවන්ගේ ගෙවල්වල සතිය දෙක නැවතිලා කාලා බීලා විවේකයක් අරන් එන්න. හික්කඩුවේ වැල්ලේ ඉන්න කොල්ලොත් කියනවා. මම මෙච්චර ගාණක් සුද්දෝ අඳුරනවා කියලා...
නිකන් බොරු එපා මනුස්සයෝ.. විදේශ තානාතිලා මාර්ගයෙන් ඒ රටවල් මෙයාට අනතුරු අගවලා තියනවා ඡන්දය පෙනි පෙනි පුජාතන්තවාදි විරෝධි කිසිම කියාවක් කලොත් මෙයාට රටවල් වලට ගමන් තහනමක් පනවා කියලා
මිත්‍රයෝ කියන්නේ ඔයාගේ මිත්‍රයෝද? නැත්නම් රටේ මිත්‍රයෝද?
දැන් ඒ කියන්නේ ඒ රටවල් වලින් ඇවිත් අපේ ණය ගෙවනවද? එහෙනම් මරුනේ අපට තියෙන්නේ කාලා බිලා ජොලියෙ ඉන්න විතරයි නේද? ජනාදිපතිකමට පොල්පිත්තක් වුණත් හරියනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමග 100% ක්ම එකඟ වන අතර ජ.වි.පෙ කතා කරන කතා පෙට්ටියක් පමණක් මිස ඉලක්ක සපුරා ගන්නා කිසිම වැඩපිලිවෙලක් නැති, අදුරදර්ශී, හුදෙක් සිතුවිලි සහ සිහින මත පදනම් වු ඡන්ද ව්‍යාපාරයක් බව ඉතා පැහදිලි ලෙසම පෙනෙන්නට තිබේ. මා වැරදි යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් සත්‍යය ඔබට අනුර කුමාර මහතාගෙ "සටන" වැඩ සටහනේ ප්‍රකාශ තුලින් පැහදිලිවම අවබෝධ කර ගැනීමට හැකිය. ඇත්තෙන්ම හොරු සමග සිටියත් ආර්ථිකය ගොඩගත හැක්කේද, දේශිය සහ විදේශීය සබඳතා සහ උදව් ඇත්තේද, අත්දැකීම් සහිත ආචාර්‍යය සමරසිංහ, අචාර්‍ය කුමාරස්වාමි, ආචාර්‍ය දේවරාජා වැනි කණ්ඩායමක් ඇත්තේ ද, ජාතික සමගිය ඇති කළ හැක්කේද ඔහුටය. ඒ සියල්ල නොසලකා අත්දැකීම් නැති, අපරිනත පිරිසකට බලය දීමෙන් ඔබ නැවත කබලෙන් ලිපට වැටෙනු ඇත. ඒකාන්ත වශයෙන්ම කන්න, බොන්නවත් නැතිව පෝලිම් වල ලගින්න සිදුවීම සක්කරයා ආවත් වලක්වනු නොහැකි වනු ඇත. එය අද කියු දෙයක් ලෙස ලියා තබාගන්න.
පෙරේරා දන්න දේවල්. පෙරේරා වැඩ කරන්නේ පැලවත්තේ බුද්ධි අංශයේ වගේ. රනිල්ට නැත්නම් වෙන කාටද පුළුවන් ඇමරිකා ජනාධිපතිට හරි රාජ්‍ය ලේකම්ට හරි ටෙලිෆෝන් එකෙන් කෙලින්ම කතා කරන්න. අනිත් අය සුද්දෙක් දැක්කම වැටෙන හැටි අපිට පේනවානේ.
හැමදාම කොහෙට හරි මුක්කු ගහන්න තමයි හදන්නේ අපිට ඕන එඩිතර නායකයෙක්ගග
තවමත් ජනතාව අන්දනවා. මෙහෙමත් කාලකන්නියෙක්.
රාජපක්ෂ හොර කල්ලියේ වර්තමාන වැඩ බලන නායකයා ලෙස පත්වී සිටින මෙතුමාට, මේ තනතුර හොබවන්න ඕනෑවටත් වඩා සුදුසු කම් තියනවා.. එකම කාසියේ දෙපැත්ත බඳූ අනෙක් පාර්ශවයේ හොර කල්ලිය මෙහෙයවීම අතින් මොහුට ඇති පළපුරුද්දට සම කල හැකි වෙනත් පුද්ගලයෙක් ලංකාවේ නැහැ... ලංකාවේ ජනාධිපති කමට වඩා ලෝක බැංකුවේ අධිපති කමට සුවිශේෂී සුදුසු කම් ඇති මෙතුමා එම තනතුරට පත් කිරීමට නම්, ලංකාවේ සියලුම ජනතාව එකට එක්ව එක් කටයුතු කරන බව ආයේ අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි... හොරකම් නිසා, බංකොලොත් භාවයට පත්ව සිටින අපේ රට ගොඩ නැගීමට නම්, ලෝක බැංකුවට, ලංකාවේ මහ බැංකුවට අත්කළ ඉරණම ක්‍රියාත්මක කරනවා හැර, වෙනත් විකල්පයක් නම් නොමැති බව මේ රටේ ජනතාව අවබෝධ කර ගත යුතුය..