IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා ඉදිකිරීම් සමාගම්වලට සහ මාර්ග සංවර්ධන අධිකාරියටඋපදෙස්  දුන්නේය.

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය සම්මත වී ඇති හෙයින් සියලුම සංවර්ධන කටයුතු කඩිනම් කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්වරු පොතුහැර - රඹුක්කන අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන්නට අද සහභාගී වූහ.

 

 



අදහස් (7)

අධිවේගයේ පොතුහැර -රඹුක්කන වැඩ ඉවර වෙන දවස කියයි

pj Monday, 24 March 2025 06:45 AM

දක්ෂිණ අධිවේගයේ වගේ මං තීරැ සහ ගාඩ් රේල් ඒක අතර පරතරය අඩු ද ?

:       0       5

සාලිය Monday, 24 March 2025 07:22 AM

කොළඹ මීරිගම හදන්නේ කවදාද දෙවියනේ?

:       0       23

Sudaa Monday, 24 March 2025 11:30 AM

මුලින්ම කොළඹ - මීරිගම අධිවේගී මාර්ගය සම්පුර්ණ කර අවසන් කරන්න

:       0       18

Gayan Monday, 24 March 2025 12:07 PM

කඩවත -මීරිගම කොටස හදලා දුන්නා නම් මාර වටිනවා

:       0       17

prasanna Monday, 24 March 2025 12:11 PM

76 වසරක්ම රට සංවර්ධනය කරලා නෑ... බැංකු කඩපු එකයි මිනිමරපු එකයි හැදුනුම්පත් එකතු කරපු එක විතරයි කරලා තියෙන්නේ

:       2       21

Dasun Monday, 24 March 2025 01:03 PM

පහුගිය ආණ්ඩු ප්‍රමුඛතාව දීලා වැඩකරේ නෑ කියලා බයිල ගගහ කඩවත මීරිගම නොහදා පොතුහැර රඹුක්කන හදන්නේ රෙදි ගලවගෙනද

:       0       18

Jagath Monday, 24 March 2025 03:31 PM

අඩු ගානෙන් highway හදනවා කියපු මොරටුව University එකේ මහ ඇදුරෝ වෙන්න ඇති දැන් project එක කරන්නේ. පට්ටපල් බොරු කියලා මෝඩ මිනිස්සු රවට්ටලා බලයට ආවා කියන එක තේරුම්ගන්න බැරි ගොන්නු තාම ඉන්නවා...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site