
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන ඒ.අයි තාක්ෂණයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කර ඇතැයි මාධ්‍ය අංශය පවසයි.
විවිධ මාධ්‍ය ආයතන සහ පුවත් වෙබ් අඩවිවල නිල ලාංඡන ද ව්‍යාජ ලෙස භාවිත කර නිර්මාණය කරන ලද මෙම බොරු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.
විවිධ ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම රටේ ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධ ව්‍යාජ පුවත් මෙලෙස නිර්මාණය කර ඇත.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් සැකසූ මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඉල්ලා සිටී.
රජයට සහ අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීම නීතිමය වශයෙන් දඩුවමි ලැබිය හැකි වරදක් බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Dubai රජය කරපු දේ දැක්කද? ලංකාවේ 21 දෙනෙක් ඇදිවත පිටින් රටින් පිටුවහල් කළා... රජයට සහ ජාතික ආරක්ෂාවට විරුද්ධව වැඩකළා කියලා... ඒකට අපේ රටේ උදේ ඉදලා ඩේටා ඉවර වෙනකල් ආණ්ඩුවට ජනාධිපතිට අමු කුණුහපරෙන් බනිනවා සෝෂල් මීඩියා වල... ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ රට හදන්න. ඔහොම ගියොත් නැවතත් හොරු බලයට එනවා. ජනතාව ඡන්දයෙන් බලයට පත් කර ගත්තු ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් නැවත ඡන්දයකින්... නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් නැවත හොරුන්ට රට දෙන්න.