අවස්ථා හයකදී විවිධ දේශපාලන අර්බුද හා යුධමය ආක‍්‍රමණවලට විරෝධය පළ කිරීමේ අටියෙන් රටවල් ගණනාවක්ම ස්වේච්ඡුාවෙන් ඔලිම්පික් උළෙල වර්ජනය කර තිබේ. මේ ලිපියේ අවධානය ඒ අවස්ථා හය පිළිබඳවයි

යුද්ධ, ආක‍්‍රමණ, වර්ණභේදවාදය සහ තහනම් ඖෂධ චෝදනා නිසා හය වතාවක් ඔලිම්පික් වර්ජන


ඔලිම්පික් ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙලයි. ක‍්‍රීඩාව හරහා වඩා යහපත් හා සාමකාමී ලොවක් ගොඩනැඟීම ඔලිම්පික් උළෙලේ පරමාර්ථයයි. එහෙත් වසර 125 ක නූතන ඔලිම්පික් ඉතිහාසයේ අවස්ථා ගණනාවකදීම දේශපාලන අර්බුද හා යුධ තත්ත්වයන් නිසා රටවල් ගණනාවක්ම ඔලිම්පික් උළෙල වර්ජනය කරනු දක්නට ලැබිණි.


1916 වසරේදී පළමු වැනි ලෝක යුද්ධය නිසාද 1940 හා 1944 යන වසරවලදී දෙවැනි ලෝක යුද්ධය නිසාද ඔලිම්පික් උළෙල අවලංගු විය. 1948 දී ජපානයට හා ජර්මනියට ඔලිම්පික් උළෙලට සහභාගිවීම තහනම් කරන ලද්දේ දෙවැනි ලෝක යුද්ධයේදී ඔවුන් මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදුකරන ලද විනාශය නිසාය. වර්ණභේදවාදී ඇපාතයිඞ් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මකවූ සමයේදී දකුණු අප‍්‍රිකාවට ඔලිම්පික් උළෙල තහනම් කරන ලදී.

එහෙත් මීට අමතරව අවස්ථා හයකදී විවිධ දේශපාලන අර්බුද හා යුධමය ආක‍්‍රමණවලට විරෝධය පළ කිරීමේ අටියෙන් රටවල් ගණනාවක්ම ස්වේච්ඡුාවෙන් ඔලිම්පික් උළෙල වර්ජනය කර තිබේ. මේ ලිපියේ අවධානය ඒ අවස්ථා හය පිළිබඳවයි.

 

1. 1956  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් ඔලිම්පික් උළෙල වර්ජනය කළ රටවල්:

චීනය, ඊජිප්තුව, ඉරානය, ලෙබනන්, නෙදර්ලන්තය, ස්පාක්‍ද්ක්‍දය හා ස්විට්සර්ලන්තය

 ඕස්ටේ‍්‍රලියාව ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දැරූ පළමු අවස්ථාව මෙයයි. ඔලිම්පික් උළෙලට මසකටත් අඩු කාලයක් තිබියදී සෝවියට් සංගමය හන්ගේරියාව ආක‍්‍රමණය කළේ එරට පැවැති කොමියුනිස්ට් රජයට එරෙහිව පැන නැඟී තිබූ හන්ගේරියානු විප්පලවය නතර කිරීම සඳහායි. මීට විරෝධය පළ කිරීමක් වශයෙන් නෙදර්ලන්තය, ස්පාක්‍ද්ක්‍දය සහ ස්විට්සර්ලන්තය 1956 ඔලිම්පික් උළෙලින් ඉවත් වූහ.
තායිවානයට ස්වාධීන රජ්‍යයක් ලෙස ඔලිම්පික් උළෙලට සහභාගිවීමට ඉඩදීම නිසා ඊට විරෝධය පෑමක් ලෙස චීනයද ඔලිම්පික් උළෙල වර්ජනය කළේය. චීනය සැමවිටම තායිවානය සැලකුවේ තමන්ගෙන් බිඳී ගිය ප‍්‍රාන්තයක් ලෙසය. එලෙස 1956 දී ඔලිම්පික් උළෙලින් ඉවත්වූ චීනය නැවත 1980 චීන සෘතු ඔලිම්පික් දක්වාම එයට සහභාගී නොවීය. 
අවසානයේදී සූවස් ඇලේ අර්බුධය නිසා ඊජිප්තුව, ඉරාකය හා ලෙබනනයද 1956 මෙල්බන් ඔලිම්පික් වර්ජනයට එකතු වූයේ සූවස් ඇලේ පාලනය තමන්ට නතු කර ගැනීමේ අරමුණෙන් බි‍්‍රතාන්‍ය, ඊශ‍්‍රායලය හා ප‍්‍රංශය එක්ව ඊජිප්තුව ආක‍්‍රමණය කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙනි.
කෙසේ වෙතත් සෝවියට් සංගමය හා හන්ගේරියාව ඔලිම්පික් උළෙලට සහාභාගවූ අතර වෝටර් පෝලෝ අවසන් තරගයේ්දී හන්ගේරියාව 4x0 ක් ලෙස සෝවියට් සංගමය පරාජය කොට රන් පදක්කම දිනා ගත්තේය. එහිදී සෝවියට් ක‍්‍රීඩකයෙකු විසින් තටාකයේදී හන්ගේරියානු ක‍්‍රීඩකයෙකුට පහරදීම නිසා ඔහුගේ හිසෙන් රුධිරය වහනය විය. මෙම සිද්ධිය හඳුන්වනු ලබන්නේ ‘‘දියට එක්වූු රුධිරය’’ (Blood in the Water) නමිනි. කෙසේ වෙතත් වැඩිම පදක්කම් ප‍්‍රමාණයක් පළමු වරට දිනා ගනිමින් එවර ඔලිම්පික් උළෙලේ වැඩි ගෞරව දිනා ගත්තේ සෝවියට් සංගමයයි. සාමකාමිත්වයේ සංකේතයක් වශයෙන් මුල්ම වතාවට එවර ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයේදී රටවල් වශයෙන් වෙනවෙනම නොව මිශ‍්‍රව ආචාර පෙළපාලියෙහි ගමන් කිරීමට ක‍්‍රීඩකයෝ පියවර ගත්හ. මෙම සම්ප‍්‍රදාය අද දක්වාම ක‍්‍රියාත්මක වේ. 

 

2. 1964 ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල වර්ජනය කල රටවල්ඃ

වීනය, උතුරුකොරියාව, ඉන්දුනීසියාව

මෙය ආසියාතික රටක් විසින් සත්කාරකත්වය දැරූ ප‍්‍රථම ඔපිම්පික් උළෙලයි.
1963 වසරේදී ‘‘නැඟී එන බලවේගයන්ගේ ක‍්‍රීඩා උළෙල’’ (Games of the new Emerging Forces) නමින් විකල්ප ආධුනික ජාත්‍යන්තර කී‍්‍රඩා උළෙලක් ඉන්දුනීසියවේ ජකර්තාහිදී පැවැත්වින. එයට තම රටවල ඉහල පෙළේ කී‍්‍රඩකයින් සහභාගී කරවීමට චීනය, උතුරු කොරියාව හා ඉන්දුනීසියාව යන රටවල් ක‍්‍රියා කළේය. මෙම විකල්ප කී‍්‍රඩා උළෙලට සහභාගීවූ කී‍්‍රඩකයන්ට 1964 ඔලිම්පික් උළෙලට සහභාගිවීමට අවසර නොදීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළේය. ඉහත රටවල් 1964 ඔලිම්පික් උළෙල වර්ජනය කළේ ඊට විරෝධතාව පෑමක් වශයෙනි. එමෙන්ම මෙම වසරේදී පළමු වරට දකුණු අප‍්‍රිකාවට ඔලිම්පික් උළෙලට සහභාගීවීම තහනම් කරන ලදී. ඒ එවකට දකුණු අප‍්‍රිකාවේ ක‍්‍රියාත්මකවූ වර්ණභේදවාදී (ඇපතයිඞ්* ප‍්‍රතිපත්තියට විරෝධය පෑමක් වශයෙනි. මෙම තහනම 1992 වසර දක්වා ක‍්‍රියාත්මක විය. 


03. 1976 කැනඩාවේ මොන්ටි‍්‍රයල් ඔලිම්පික් උළෙල වර්ජනය කළ රටවල්:

අප‍්‍රිකානු රටවල් 20කට අධික සංඛ්‍යාවක් සහ තායිවානය 

1976 වසරේ මුලභාගයේදී නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම වර්ණභේදවාදී දකුණු අප‍්‍රිකාව සමඟ කී‍්‍රඩා තරග වලට සහභාගීවීමේ ජාත්‍යන්තර තහනම නොසලකා හරිම්න්  එරට තරග සංචාරයක නිරත විය. එහෙත් 1976 ඔලිපික් උළෙලට සහභාගී වීම සඳහා නවසීලන්තයට අවස්ථාව ලැබිණි. මෙයට විරෝධය පළ කරමින්් අප‍්‍රිකානු රටවල් 28ක් එවර ඔලිම්පික් උළෙල වර්ජනය කළහ. මෙම වර්ජනයට මූලිකත්වය ගත් ටැන්සානියාව ඇතුළුව මුළු මහත් අප‍්‍රිකානු මහද්වීපයම පාහේ මෙම වර්ජනයට එකතු වූ කී‍්‍රඩකයින් 400කගේ පමණ සහභාගිත්වය ඔලිම්පික් උළෙලට අහිමි විය. ජවන හා පිටිය කී‍්‍රිඩා ඉසව් වල ජය  කෙහෙලි නැන්වූ කෙන්යා හා ටැන්සානියා කී‍්‍රඩා තරුද ඒ අතරවූහ. මේ අතර තායිවානයේද 1976 ඔලිම්පික් උළෙල වර්ජනය කළේ ඇයට චීන ජනරජය වශයෙන් තරග කරන්නට ඉඩ දීම. 
කැනඩාව විසින් ප‍්‍රතික්ක්‍ෂේප කළ හෙයිනි. මේ සියල්ලෙහි ප‍්‍රතිඵලයවූයේ සංවිධායකයන්ට කැනේඩියානු ඩොලර් බිලියනයක පමණ මුදලක් අහිමි වීමයි. වෙන්කළ හෝටල් කාමර සහ ගුවන් ටිකට්පත් සඳහා ගෙවූ මුදල් පෙරලා ගෙවීමට සිදුවීම ඊට හේතුවයි. 


4. 1980 ‐ රුසියාවේ මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කළ රටවල්:

ඇමරිකා එක්සත් ජනපදය ඇතුලූ රටවල් 65ක්. 

1979 වසරේදී සෝවියට් සංගමය මඟින් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කිරීමට විරෝධය පළ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 65ක් මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කළහ.
කැනඩාව, ඊශ‍්‍රායලය, ජපානය, චීනය, බටහිර ජර්මනිය හා බොහෝ මුස්ලිම් රටවල් ඒ අතර විය. සමහර රටවල් ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට ක‍්‍රීඩකයන්ට ඉඩ දුන්නත් ඇමරිකානු ක‍්‍රීඩකයන්ට ඒ අවස්ථාව හිමි නොවීය. ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු ඔලිම්පික් පිටියේ ප‍්‍රබල රටවල් බොහොමයක් සහභාගී නොවූ මොස්කව් ඔලිම්පික් උළෙලේ පළමු තැන දිනා ගැනීමට පදක්කම් 195ක් දිනූ සෝවියට් සංගමය සමත් විය. එය අදටත් පවත්නා වාර්තාවකි. 


5. 1984 x‐ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලිස් ඔලිම්පික් උළෙල වර්ජනය කළ රටවල්:

සෝවියට් සංගමය ඇතුළු රටවල් 14ක්. 

1980 දී ඇමරිකා එක්සත් ජනපදය සිදු කළ නිගරුවට එකට එක කිරීමක් වශයෙන් 1984දී සෝවියට් සංගමය නැගෙනහිර ජර්මනිය ඇතුලූ නැගෙනහිර යුරෝපීය රටවල් 14ක් ඔලිම්පික් උළෙල වර්ජනය කළහ. මේ සම්බන්ධයෙන් සෝවියට් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ‘‘දැඩි ජාතිවාදී හැඟීම් හා සෝවියට් විරෝධී හිස්ටීරියාව’’ නිසා ඇමරිකානු භූමියේදී තම ක‍්‍රීඩකයින්ට තම ක‍්‍රිඩකයින්ට ශාරීරික හානියක් සිදුවෙතැයි තමන් බිය වන බැවින් ලොස් ඇන්ජලිස් ඔලිම්පික් උළෙල වර්ජනය කරන බවයි. එහෙත් මෙම ඔලිම්පික් උළෙලට රටවල් 140ක් සහභාගී වූහ. එය ඔලිම්පික් ඉතිහාසයේ ඉහලම සහභාගීත්වයයි. සෝවියට් දේශය නොමැති මෙම ඔලිම්පික් තරගාවලියේ පාලූ ගෙයි වලං බින්ද ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 83ක් දිනා ගනිමින් ප‍්‍රධාන ස්ථානයට පත් විය. ඔලිම්පික් තරගාවලිය ඇතර ඇමරිාකානු ක‍්‍රීඩාලෝලීහු පහත බැනරය ප‍්‍රදර්ශනය කළහ. 
”රුසියාවට ආදරයෙන් සොඳුරු මොහොතක් ගෙවමින් සිටිමු. ඔබ මෙහි සිටියානම් සතුටු වන්නෙමු’’.


1988 -x දක-ුණු කොරියාවේ සියොල් ඔලිම්පික් උළෙල වර්ජනය කළ රටවල්:

කියුබාව, ඉතියෝපියාව සහ උතුරු කොරියාව

දකුණු කොරියාව සමඟ එක්ව සම සත්කාරකත්වය දරන්නට තමන්හට ඉඩ නොදීම නිසා කෝපයට පත් උතුරු කොරියාව මෙම ඔලිම්පික් තරගාවලියෙන් ඉවත් විය. මේ අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආරාධනය පිළිගත් සෝවියට් දේශය තරගාවලියට සහභාගි වීමට තීරණය කළේය. චීනය හා නැගෙනහිර යුරෝපීය සමාජවාදී කඳවුරද රුසියාව හා එක්වුහ. කියුබාව, ඉතියෝපියාව හා නිකරගුවා යන රටවල් උතුරු කොරියාව හා එක්ව තරගාවලිය වර්ජනය කළහ.‘සියොල් නගරයේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීම ඇමරිකානු හමුදා අරක්ගත් ගුවන්තනාමෝ නාවික බල ප‍්‍රදේශයේ ඔලිම්පික් උළෙලක් පැවැත්වීම වැනියැයි කියුබාහු නායක පිදෙල් කස්ත්‍රෝ පැවසීය.
ආරක්ෂක හේතු මත 1984 දී ලොස් ඇන්ජිලීස් නොගිය සමාජවාදී රටවලට ඊට වඩා ආරක්ෂාවක් සියොල් වල තිබෙන්නේදැයි මම පුදුමයට පත්වෙමි’ යි හෙතෙම වැඩි දුරටත් පැවසීය.
මේ වර්ජනය කිරීම් තිබුනද ජාතීන් 159 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩකයන් අට දහසක් සියොල් ඔලිම්පික් උළෙලට සහභාගි වූහ.
පිරිමි මීටර් සියය ඉසව්ව ජයගත් කැනේඩියානු ක‍්‍රීඩක බෙන් ජොන්සන් තහනම් උත්තේජක ලබා ගත් බවට පසුව තහවුරුවූ නිසා ඔහුගේ පදක්කම අහිමි කරන ලදී. එය ලෝකය පුරා ජනමාධ්‍යවල සිරස්තල මැවීය.
ඔලිම්පික් තරගාවලියෙන් පසුව මුණ ගැසුනුු දකුණු හා උතුරු කොරියා නායකයෝ 2021 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට ඒකාබද්ධ කණ්ඩායමක් යැවීමට කතිකා කරගත් නමුත් කොරෝනා වසංගතය නිසා තමන් මෙවර තරගාවලියට සහභාගී නොවන බව අවසන් මොහොතේ උතුරු කොරියාව නිවේදනය කළේය.
ලෝකයෙහි රටවල් හා ජාතීන් අතර දේශපාලන අර්බුද හා යුධ ගැටුම් කිසිදා නිමා නොවනු ඇත්තේය. එහෙයින් මෙවැනි වර්ජනය කිරීම්ද ඔලිම්පික් වංශ කතාව පුරාම යළි යළිත් ලියැවෙනු ඇත්තේය.

 

1956 - මෙල්බර්න්,  ඕස්ටේ‍්‍රලියාව

 

1964 - ටෝකියෝ, ජපානය

 

1976 - මොන්ටි‍්‍රයල්, කැනඩාව

 

1980 - මොස්කව්, සෝවියට් දේශය

 

1988 - සෝල්, දකුණු කොරියාව

 

1984 - ලොස් ඇන්ජලීස්, ඇමරිකා එක්සත් ජනපදය

 


 සුනන්ද කරුණාරත්න