IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දේශපාලනය පරාදයි

ලෝකයේ සැම සිදුවීමකටම කුමක් හෝ සහ සම්බන්ධයක් තිබෙන්නේය එයට බුදුරජාණන් වහන්සේ හේතුඵල වාදය යැයි වදාළ සේක. ඇල්බට් අයින්ස්ටයින්ට අනුව එය සාපේක්‍ෂතා වාදය වූයේ ය එමෙන්ම ශ්‍රීක දාර්ශනිකයින් වන සොක‍්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් ද තර්ක ශාස්ත‍්‍රය වැනි මතු සම්බන්ධ කතාවකට දාර්ශනික හැඩතල එකතු කළෝය එය අතීතයත් වර්තමානයත් ගැලපෙන කතාවකි. මේ මොහොතේ සිදුවෙමින් පවතින සමාජ දේශපාලනික ආර්ථික සැම කතාවකටම පෙර හෝ මතු සම්බන්ධතාවක් ඇත.

 

මම පරම්පරාගත බෞද්ධයෙක් විදියට සිවුරු දාගෙන බුද්ධාගම විකුණගෙන කන චීවරධාරීන් එක්ක රණ්ඩු කරනවා. ඔවුන් අපි විශ්වාස කරන, හදාරණ බෞද්ධ දර්ශනය විකෘති කරනවා. නිර්මල බුදු දහම ඔවුන් විනාශ කරලා දානවා. එහෙම කරන්නේ ජනප‍්‍රිය අතලොස්සක්

 

ඇතුලත සිට යමක් දිහා බැලීමත්, පිටත සිට යමක් දිහා බැලීමත් කාරණා දෙකක්. ඔබ දැන් පිටත ඉන්න කෙනෙක්, පිට ඉඳන් බලද්දි කොහොමද ඔබට දේශපාලන හැසිරීම් පේන්නේ.

ඇත්ත වශයෙන්ම එළියට ඇවිත් බලද්දි මට හිතෙන්නේ මෙච්චර කලක් අපි ඔක්කොම එකතු වෙලා කරලා තියෙන්නේ යම් කිසි නාඩගමක්, නාටකයක් කරා නේද කියලා හැඟීමක්. මමත් අවුරුදු 31ක් පාර්ලිමේන්තුවේ හිටියා. නිදහස ලබලත් අවුරුදු 71ක් වෙනවා. ඇත්තටම පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිහින් බැලූවොත් එක පක්ෂයකටවත් බැරි වෙලා තිබෙනවා අපේ රටේ තිබෙන මිනිස් සම්පතින්, සොබාදහමෙන් ප‍්‍රයෝජනයක් ගන්න.

ඇත්තෙන්ම මට හිතෙනවා මෙරට එක තැන පල්වෙන තත්ත්වයකට ඇවිත් කියලා. ඒ වෙනුවෙන් එක පක්‍ෂයකට, එක පුද්ගලයෙකුට ඇඟිල්ල දික්කරන්න මම සූදානම් නෑ. මමත් මේ සිදුවීමට වග කියන්න ඕන කියලා මට හිතෙනවා.

 

අපි කොතනින්ද පටන් ගන්නේ එතකොට?

ඇත්තටම අපට අලූත් ආරම්භයක් අවශ්‍ය වෙලා තිබෙනවා. සිස්ටම් චේන්ජ් කියන්නෙ වචන සෙට් එකක් නොවෙයි. අපේ මානසිකත්වය, ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් කරන වැඩ පිළිවෙලක්. 21 වෙනි සියවසේ පළවෙනි කාර්තුවත් ඉවර වී ගෙන යන්නේ. 1948 වෙන කොට ආසියාවේ ඉදිරියෙන්ම තිබුන අපේ රට අද කොතනද තියෙන්නේ. ජපානේ විතරයි අපිට උඩින් තිබුනේ. අද අපි අසාර්ථක රාජ්‍යයක්, බංකොලොත් රාජ්‍යයක් වීමේ තිබෙන ඛේදවාචකය අපේ ඇස් ඉදිරිපිට පේනවා. වර්තමාන ආණ්ඩුව වගේම 1948 පසුව ආණ්ඩු පාලනය කරපු හැමෝම මෙයට වගකිව යුතුයි. එපමණක් නෙවෙයි ආණ්ඩු නොකරපු එළියේ හිටපු පක්‍ෂ, විපක්ෂ විවිධ විකෘති සිහින දැකපු විප්ලවකාරීන්, දේශපේ‍්‍රමයේ නාමෙන් මේ රට විකුණගෙන කාපු චීවරධාරීන් සහ මේ රටේ ඉන්න අනිකුත් සිංහල, දෙමළ, ඉස්ලාම් අන්තවාදීන් මේ මහා පාප කර්මයට හවුල්කරුවන් වෙනවා. ඒ නිසා අපිට කොහේද වැරදුනේ කියලා හදවතින්, බොක්කෙන් සිතිය යුතු වෙනවා.

 

ඔබ පසුගිය මහ මැතිවරණ තරග පිටියට පැමිණ ආයෙමත් ඉවත්වෙනවා. එහෙම නොවුනානම් ඔබට අත්වන ඉරණම ජයග‍්‍රහණයද, පරාජයද?

මට ඇත්ත වශයෙන්ම ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. නමුත් මම විශ්වාස කරනව මම දිනයි කියලා. ඒකට හේතුව විදියට මම දකින්නෙ මාතර ආසනේ විතරක් 2019 ජනාධිපතිවරණයට පාවිච්චි කළ එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද 10,000 ක් අඩුවෙලා තියෙනවා. දිස්ත‍්‍රික්කයෙන්ම ගත්තාම 65,000 ක් අඩු වෙලා තියෙනවා. එයින් වැඩි කොටසක් මම මාතරින් ඡුන්ද ඉල්ලපු නැති නිසා ඡුන්දය නොදුන් අය.

 

ඇයි ඉතින් තරගයෙන් ඉවත් උනේ?

දෙකඩ වෙලා ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා මම මුල ඉඳලාම විශ්වාස කලා. මගේ ‘‘එඩිතර මංගල’’ කැම්පේන් එක පටන්ගත්තේ මාතර අපේ මහගෙදර පිරිතක් කියලා. එදින රාත‍්‍රියේ සජිත් පේ‍්‍රමදාස මහත්මයත් ආවා, රවි කරුණානායක මහත්මයත් ආවා. එදා ඒ පිරිත් දේශනාව මැද්දේ මම මේ දෙන්නා වෙනමම කාමරේකට එක්කරන් ගිහින් කිව්වා ඔය දෙන්නා වෙන් වෙලා ඡන්ද ඉල්ලන ක‍්‍රමයක් නෙවෙයි. එකතු වෙලා අපි කොහොමද මේ සටන දිනන්නේ කියලා තීරණයක් ගන්න කියලා. එහෙම කියලා මමත් ඒ කාමරයෙන් එලියට ගියා. නමුත් ඒක එහෙම වුනේ නෑ. අන්තිම මොහොත වෙනකලූත් අපේ පක්ෂය දෙකඩ කරන්න අපේම පක්ෂයේ අය කටයුතු කළා. එහි ප‍්‍රතිඵලය වුනේ මේ රජය තුනෙන් දෙකක් ගත්ත එක. මතක තියාගන්න යුඑන්පී කාරයෝ ලක්ෂ 16 ක් ඡුන්දෙ දාන්න ගෙදරින් එළියට බැස්සේ නෑ. තවත් ලක්ෂ 7 ක් ඡුන්ද පොළට ගිහින් ඡන්ද කොලේ කුරුටු ගෑවා. ඒත් යූඑන්පී කාරයො.

 

චන්ද්‍රිකා - මහින්ද, මෛතී‍්‍ර, ගෝඨාභය මේ සමීකරණය ඔබ කොහොමද දේශපාලනිකව විසඳ ගන්නේ?

මම පෙර කියූදේම තමයි. මේ සමීකරණයේ අවසාන ප‍්‍රතිඵලය ‘‘දේශපාලනය පරාදයි’’. එය තවත් පැහැදිලි කරනවනම් ඔය හැමෝම ජනාධිපති පුටුවෙ වාඩි වුනේ මේ රටට වැඩක් කිරීමේ අවංක චේතනාවෙන්. නමුත් මේ රටේ තිබෙන විවිධ බලවේගයන් මෙල්ලකර ගැනීිමට ඒ අයට ශක්තියක් නැති උනා. 1956 බණ්ඩාරනායක මහත්තයා එළියට දාපු ජාතික බලවේගය තමයි, අදත් මේ රට ආපස්සට අදින්නෙ. ඒ බෝතලයක හිරකරලා තිබුණු පෙරේතයා එලියට දැම්මේ බණ්ඩාරනායක මහත්තයා. අදටත් ඒ පෙරේතයා බෝතලේ ඇතුළට දාගන්න අපිට බැරි වෙලා තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මම දකින්නේ ඒ වගේම සුළුතර කොටස්වල ග‍්‍රහණයට හසුවූ ජනාධිපති කෙනෙක් විදිහට. තුනෙන් දෙකක බලය ලැබුනත් ඒ බලය රට වෙනුවෙන් පාවිච්චි කරන්න එතුමාට බැරිවෙලා තියෙනවා. ඔහුත් දේශපාලන සිරකරුවෙක් බවට පත්වෙලා තියෙනවා. පෙරේතයා එළිපිට කරන රණ්ඩුව මේ මොහොතෙ පෙනෙන්න තියනවා.

 

ඔබ දේශපාලන නොස්ටැල්ජියාවෙන් පෙලෙන්නෙක්ද?

කොහෙත්ම නෑ. ගොඩක් අය කැමති අතීතයේ පම්පෝරිවලට. ගොඩක් අයගෙ හැන්දෑවල් ගතවෙන්නෙ එහෙම මාතෘකා ඇතුලේ. නමුත් මම එහෙම තැන්වල ඉන්නවත් කැමති නෑ. අතීතය ගැන උදම්වන්න තරම් අපට යමක් කරන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අනාගතය වෙනුවෙන් තමයි අපි මේ මොහොතේ වැඩකළ යුත්තේ.

 

මංගල සමරවීර කියන්නේ අසංස්කෘතික මනුස්සයෙක් කියලයි සාමාන්‍ය මිනිසුන් කියන්නෙ, ඇත්තටම ඔබ සංස්කෘතික මිනිසෙක් නොවෙයිද?

මම තරම් සංස්කෘතියට ආදරය කරන කෙනෙක්, ගරු කරන කෙනෙක් මම දන්නෙ නැති තරම්. සංස්කෘතිය කියන වචනෙ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. සංස්කෘතිය කියන්නේ මහාවංශය ගැන කතා කිරීමවත් අවුරුදු 2500 ක ඉතිහාසය ගැන කතා කිරීමවත් නොවෙයි. ඒවා අපි අගය කරන්න ඕන. නමුත් එයට ඇලිලා ඉන්න ඕනෙ නෑ. මම එංගලන්තෙ ශිෂ්‍යයෙක් විදියට ඉඳල මේ රටට ආවෙත් මේ රටේ සංස්කෘතියට තිබෙන ආදරේට. මම හැමදාම මහන්සි වුනේ අපේ රටේ සංස්කෘතිය ලෝකයේ සංස්කෘතියට ගලපන්න. හැබැයි අපේ රටේ කරුමෙට සංස්කෘතික මිනිස්සු කියලා පෙනී හිටින්නේ ලිං පතුලක ඉන්න ලිං මැඩියෝ ටිකක්. ඔවුන්ට ජාත්‍යන්තරවාදී මානසිකත්වයක් නෑ. ඔවුන් තමයි හැමදාම මට විරුද්ධව ඉන්නෙ.

 

ඔබ අපේ රටේ භික්ෂූන් වහන්සේලා විවේචනය කරනවා ?

ඔව් මම පරම්පරාගත බෞද්ධයෙක් විදියට සිවුරු දාගෙන බුද්ධාගම විකුණගෙන කන චීවරධාරීන් එක්ක රණ්ඩු කරනවා. ඔවුන් අපි විශ්වාස කරන, හදාරණ බෞද්ධ දර්ශනය විකෘති කරනවා. නිර්මල බුදු දහම ඔවුන් විනාශ කරලා දානවා. එහෙම කරන්නේ ජනප‍්‍රිය අතලොස්සක්. ඔවුන්ගේ ඝෝෂාව තමයි ඔය ඇහෙන්නෙ. ඒ ඝෝෂාව තමයි මාධ්‍යවල යවන්නෙත්. ඔය චීවරධාරී අතලොස්ස තමයි දැන් ජනාධිපති තුමාව නටවන්න හදන්නේ.

 

කොහොමද එහෙම චෝදනා කරන්නේ?

රාජපක්‍ෂ පවුලේ මම අඩුවෙන්ම අඳුනන්නේ ගෝඨාභය. ඒ නිසාම ගෝඨාභය ජනාධිපති වෙද්දී එයා ගැන මම හිටියේ විශාල බයකින්. නමුත් එක පැත්තකින් මම හිතුවා එයා කියන දේ කරන හොඳ පෞරුෂයක් තියෙන නායකයෙක් කියලා. මම අදටත් එහෙම හිතනවා නමුත් ඒ නායකත්වය අර මම කලින් කියපු ලිං මැඩියො ටිකයි, අර පෙරේතයොයි ඔය කියූ සුළුතර චීවරධාරීන් ටිකයි විනාශකරලා තියෙනවා. ඔහුට බැරිවෙලා තියෙනවා ඒ බලවේග වලට පිටින් ගිහින් වැඩකරන්න.

 

ඔබ මතු භවයක් ගැන විශ්වාස කරනවද ?

ඔව්. හැම ජීවියෙකුටම ආත්මයක් තියෙනවා. කවදා හරි මේ ශරීරය මියැදුන දවසට එ ආත්මය මියදෙන්නේ නෑ. එය දිගින් දිගටම පවතිනවා.

 

ඔබේ දේශපාලන දැනුම අනුව තුනෙන් දෙකක් ගත්ත මේ ආණ්ඩුව කොපමණ කලක් පවතීද?

ඒ ගැන කියන්න මට බෑ. නමුත් ඕනෑම ආණ්ඩුවක් දිනෙන් දින යන්නේ පරිහාණියට. මේ ආණ්ඩුවත් එහෙමයි. ආණ්ඩුව පත්වෙලා අවුරුද්දක් යන්න කලින් අපිට දැන් පරිහාණිය පේන්න පටන් අරගෙන තිබෙනවා.

 

පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයෙන් නිපුණ රණවක පළවෙනියා වීමත්, ඩලස් අලහප්පෙරුම තුන්වෙනියා වීමත් ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?

ඡන්ද දායකයන් අද දවසේ මුලාවට පත්වෙලා තිබෙනවා. ඒකයි මම කියන්නේ අද දවසේ දේශපාලනය පරාදයි කියලා.

 

ඔබ විශ්වාස කරන විදියට තවත් අවුරුදු පහකින් හෝ දහයකින් අපේ රටේ නිර්මාණය වන දේශපාලන තත්ත්වය මොන වගේද?

ඒක හරි සංකීර්ණ ප‍්‍රශ්නයක්. අපි කවුරුත් නොහිතන භයානක දේශපාලන වාතාවරණයක් මේ රටේ බිහි වේවි. ඒ නිසා එය මැඩ පැවැත්වීමට ආණ්ඩුවත් විපක්‍ෂයත් දෙකම කටයුතු කළ යුතුයි.

 

මංගල සමරවීරගේ අලූත් රාජකාරිය මොකක්ද?

මම නැවත පාර්ලිමේන්තු යන්න අදහසක් නෑ. නමුත් මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම සඳහා සක‍්‍රීයව මැදිහත් වෙනවා. මේ රට වෙනුවෙන් මට කළ හැකි හැම දෙයක්ම වෙනුවෙන් කරනවා.

 

බෝතලයක හිරකරලා තිබුණු පෙරේතයා එලියට දැම්මේ බණ්ඩාරනායක මහත්තයා. අදටත් ඒ පෙරේතයා බෝතලේ ඇතුළට දාගන්න අපිට බැරි වෙලා තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මම දකින්නේ ඒ වගේ සුළුතර කොටස්වල ග‍්‍රහණයට හසුවූ ජනාධිපති කෙනෙක් විදිහට.

සංජක ප‍්‍රසාද් දොලේවත්ත

ඡා​යාරූපය මදුසංක නුවන් රාජපක්ෂ


 



අදහස් (0)

දේශපාලනය පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site