
(ජයමාල් චන්ද්‍රසිරි සහ ඉන්දිකා රාමනායක)
කාන්තා අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතාවක් අතර තුර කාන්තාවක අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කන්තාවන් 14 දෙනකු සිටින බව ද පොලිසිය සඳහන් කරයි.
කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ මෙම විරෝධතාව එක්සත් ජාතින්ගේ කාර්යාලය ගොස් එතැනින් මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී එක් කාත්වක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට විරෝධය පා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූහ. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූතන විහාරමහාදේවි ලෙසින් ඉතිහාස ගතවීමට දරන උත්සාහයක්...? ජනාධිපති තනතුරට හෝ අගමැති තනතුරට නම් ආසාවක් නැතිව ඇති..?
හැසිරීම නම් බින්දුවයි...
හිරුනිකාට ඕන උනේ මෙච්චරයී. යාන්තන් ඇති අත් අඩංගුවට ගත්තා. ලබන පාර පෝස්ටරේ දාන්න දෙයක් තියෙනවා.
පැහැදිලිවම මනාප එකතු කරගැනීමේ අනවරත උත්සාහයක නිරතවන අපේ කාලයේ සුරූපී දේහ විලාසිනිය පෙරටම...
රටේ ජනතාව මර නින්දේ... රට හොරුන්ගෙන් බේරගන්න අභීතව කතාකරන යකඩ ගැහැණියට රටේ ජනතාවම බේරගන්න ඉදිරිපත්විය යුතුයි...!
මොන රටේ මොන ජනතාවද? ආ මේ කොන්ද පණත් නැති, උද්දච්ච ණයට කන්න දන්න සිංහලයාද? ඔය රට හදන්න නම් තරුණ අයට රට බාරදිය යුතුයි...!
සුමති ටෙලි සම්මාන උළෙලට නිර්දේශ කරමි...
ජාතියක් හැටියට අපට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඇඳුම් නැතිව ජීවත්වීම පමණයි.
හිරුණිකාගේ වැරැදි තිබෙන්න පුළුවන්... ඒත් මේ තිබෙන මර්දනයට විරුද්ධව මේ කරන දේ අගය කළ යුතුයි...
ඔය මනුස්සයා කොලොන්නාව මන්ත්‍රී කාලේ ඒ පළාත ගං වතුර නිසා බැට කන කොටවත් මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටුණු වෙලාවේ වත් තමුන්ගේ ආසනයේ අය ගැනවත් නොබලපු කෙනෙක්. ඉතින් කොහොමද එයා රටේ බඩගින්න නිවන්න හදන්නේ.
අපේ රටේ ජනතාව කසිප්පු මුදලාලිලා , කුඩ්ඩො, බුකියෝ, නිදන් හොරු ඔක්කොමල රට හදන්න ඇරලා , රටට මේ තත්වය උදාකරල දීල දැන් අඩනවා . දැන් පෙනෙන හැටියට ඊළගට රට හදන්න දෙන්නේ ,නළු නිළියොයි ,තවමත් දෙමව්පියන්ගෙන් යැපෙන සහ ඕන කෙනෙක්ව මිරිකන්න පුළුවන් වැදගත් අම්මණ්ඩිලාටයි . විනයක් ඇති නිර්පාක්ෂික අරගලය හොද දෙයක්, ඒක තමයි ඇත්ත . ඒක විනාස කලේ මේ නොහොබිනා පිරිස . කවදාකවත් දියුණු වෙන රටක් කියල හිතන්න අමාරුයි . .
කවුරු මොනවා කිව්වත් හිරුණිකා ජනතාව වෙනුවෙන් මජර දේසපාලනය වෙනුවෙන් පාරට බැසීමයි වැදගත්. එහෙම නොවන්නට දුශිත බලලෝබි දේසපාලුවන්ට බයෙන් තමා ජනතාවට ජීවත් වෙන්ඩ සිද්ද වෙන්නේ ?
බලය තියන කාලේ මිනිස්සුන්ට කරපු දේවල් අද මිනිස්සුන්ට අමතක වෙලා.මේ හිරුනිකා හොඳ ගෑනියෙක්ද ?බලයට එන්න තියන කෑදර කම තමයි මේ පෙනෙන්නේ .
මේ දුෂ්ට කාන්තාවගේ තැත සාර්ථක වී තිබේ. අගයක් නැති පිච්චියකට අගයක් ලැබී තිබේ.
මේ නාඩගම ගැන ගැහැණුන් හැටියට මටත් ලැජ්ජයි.ජාතකයේ කුමක් හෝ දෝෂයක් ඇති .තාත්තා හොඳ මිනිහෙක්ද ?
අනේ ෂෝක් අනේ
නියමයි හොඳ වැඩේ
ඒක හොදයි මල කරදර, කාන්වො තමයි හොරකන් දූශන ලමා අපචාර වලට වැඩියෙන් සම්බද
මන්ත්‍රී වෙලා ඉන්න කාලේ හරියට රටට වැඩ කරපු කෙනෙක්නෙ මෙයා, දන්නෝ දනිති , ගියපාර චන්දෙන් ගෙදර යන්න වුනු ගෑනි ,දැන් එල්ලෙන්න වැලේ වැල් නැතිව කොහෙද යන ගෑණු දෙතුන් දෙනෙක් අල්ලාගෙන පිස්සු නටනවා මොන ක්‍රමේකින් හරි චන්දෙ ගන්න බලන උප්පරවැට්ටි .මෙයාටත් ආවඩන අ ය ඉන්නවනේ
ඔය කිසි කරදරයක් නැහැ නෙව මහ මඟ තපුලලන්නෙ නැතුව සුව පහසුව පාර්ලිමේන්තුවට ගිහින් “මේ අයවැය ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන අයවැයක්“ කියා ප්‍රකාශ කළා නම්. අපල උපද්‍රව සේරම දූරී භූතවෙලා යනවා. ෂුවර්...
ශාප ලත් කාන්තාවක් ඡන්ද ටිකක් එකතු කිරීමට ගැලරියට සෙල්ලම් කරයි
ප්‍රජා තන්තෘවාදය ලංකාවේ තිබෙන බව තහවුරු කරන්න බැරි නම් මහජනතාව පාරට බහිනවා හැරෙන්න වෙන විකල්ප නැත. අයිතිවාසිකම් බුක්ති විදීම අත්අඩංගු වට පත්වීමට තරම් සුදුසුදැයි යන ප්‍රශ්නය මතූවෙ. එබැවින් මා විරුද්ධ ය.