
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් 30 වැනි වරටත් සංවිධානය කළ, ‘ජාතික අපනයනකරුවන්ගේ සම්මාන උළෙල’ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වුණු අතර, එහිදී 2022 වසරේ මෙරට හොඳම අපනයනකරු සම්මානය ලාෆ්ස් සමූහ ව්‍යාපාරයට අයත්, ‘ලාෆ්ස් කෝපරේෂන් (රබර්)’ සමාගමට හිමිවිය.
ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චින්තක වෑගපිටිය මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා අතින් එම සම්මානය ලබාගත් අයුරු.
ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ සභාපති අජිත් ජයවර්ධන මහතා ඇතුළු එහි නිලධාරීහු සහ ලාෆ්ස් කෝපරේෂන් (රබර්) සමාගමේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ටයර් සහ උපාංග අංශයේ රන් සම්මානයද ලාෆ්ස් රබර් සමාගමට එහිදී හිමිවිය. ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා ද මෙම සම්මාන උත්සවයට එක්ව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට අමු කැවිල. එක කහ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලේ නැහැ.
මේ තමයි ඩොලර් හොරු.
මෙයා බිලියන ගානක් බැංකුවට පොලු තියලා.ඉතින් මොන සම්මානද?රටට දෙය්යන්ගෙම පිහිටය්.
හොරු විසින් පාලනය කරන හොරු වෙනුවෙන් දේශය...