IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති

(රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග)

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසරේ සිසුවියනට  පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අවුරශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් සිසුවියෝ දැඩි පීඩාවන්ට පත්වූහ.

සිසුවියන්ට පංති කාමරයක් නොලැබීම හේතුවෙන් පාසල් ගොඩනැගිල්ලේ මිදුලේ විභාගය ලිවීමට සිදුව ඇත.

එහිදී ඇතම් සිසුවියන්  අව් රශ්මිය බේරෙන්න යතුරුපැදි හෙල්මට් සහ කුඩ ඉහලාගෙන විභාගයට පෙනී සිටි අයුරු දැකගත හැකි විය.

මෙලෙස සිසුවියන් එලිමහනේ විභාගය ලිවීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ මාපියන්ද දැඩි අපහසුතාවයන්ට පත්වූ බවත් එලිමහනේ මෙලෙස විභාගය ලිවීමට සිදුව ඇත්තේ පාසලේ විදුහල්පති සහ ගුරු මණ්ඩලය අතර ඇති වූ මත ගැටුමක් බවද සිසුවියන්ගේ මාපියෝ පවසා සිටියහ.

එමෙන්ම විභාගය පැවත්වීමට පහසුකම් ඇති ශාලාවක් මෙන්ම පංති කාමරයක් තිබියදී තම තරුවන් මෙලෙස දැඩි අව් රශ්මියේ විභාගය ලිවීම ඉතා ඛේදනීය තත්වයක් බවටත් පාසලේ විදුහල්පති මෙයට වගකිව යුතු බවටද දෙමාපියන් වැඩිදුරටත් පවසා සිටියහ.



අදහස් (9)

විදුහල්පතිගේ ආරෝවෙන් දරුවෝ අව්වේ විභාග ලියති

prasanna Monday, 13 March 2023 10:00 PM

කලින් අවුරුදු වල කොහොමද විභාහගයට ළමුන් ලියුවේ ?

:       4       3

Perera Tuesday, 14 March 2023 03:27 AM

ආසියාවේ ආශ්චර්ය

:       1       6

සෙල්ලසාමි Tuesday, 14 March 2023 07:14 AM

තිරිසනෙක් කියන්න පුළුවන් හරියට ලංකාවෙ පාර්ලිමේන්තුව 225 උන්දැලා වගේමයි

:       0       17

චිරන්ත Tuesday, 14 March 2023 07:32 AM

මේ විදුහල්පති මිට්ට තට්ටෙගෙ සංගමයේ ප්‍රභලයෙක් වෙන්නම ඕන එහෙම නැත්නම් උසස් පෙළ පිළිතුරු පත්‍ර පපරීක්ෂා නොකරන පිරිසේ කෙනෙක්ම වෙන්න ඕන දරුවනේ නුඹලාවත් වැඩිහිටියන් වුනු දවසක නුඹලාට පසුව උපදින දරුවන්ගේ අනාගතයට බාධා නොකිරීමට හිතාගෙන හොද පුරවැසියන් වෙන්න අදිටන් කරගන්න

:       4       15

Lalla Tuesday, 14 March 2023 08:41 AM

පාසලේදී ගනන්කාරයා පාරෙදී බල්ලෙක් කරන්න ඕන. වෙන මොන නීතියද කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීම මිසක්..

:       3       6

Bunny Preena Tuesday, 14 March 2023 09:57 AM

විදුහල්පති දේශපාලුවෙකුගෙ අතකොලුවෙක් වෙන්ට ඔනෙ නැතිනම් කිසිම බයක් නැතිව මෙවැනි අමානුශික දෙයක් කරයිද.

:       0       9

ura Tuesday, 14 March 2023 11:33 AM

වැරදි ආකල්ප සහ මමත්වය පාලනය කරන සියලුම මෝඩයන් අප සිටින තාක් මේ රට කිසිදා නිවැරදි මාවතකට නොයනු ඇත

:       0       6

ගමේ එකාලා Tuesday, 14 March 2023 01:43 PM

පපුවේ කිසිම තෙතමනයක් නැති කාලකන්නි පිනා...

:       0       6

Hafeel Tuesday, 14 March 2023 02:27 PM

ඇත්තටම හරි කනගාටුයි. මේ සිසුවියන්ගේ මාපියන් දැන්වත් අවදි වෙන්න ඕන. ඔවුන් පත් කරන මන්ත්‍රීලා මේ වගේ අත්‍යවශ්‍ය කටයුතු පෙත්තකට තියල, ඉල්ලන්නේ ඉතිහාසයේ නොලබන ෆෙඩරල්, ස්වං පාලනය, උතුරු නැගනහිර ඒකාබද්ධ කිරීම වගේ අනවශ්‍ය ඉල්ලීම්. අනික මේක සිදු වෙලා තියන්නේ අර මැරිච්ච ත්‍රස්තයන් වෙනුවෙන් බුරන ශ්‍රීදරන්ගේ ආසනයේ. මෙම සිසුවියන්ගේ මාපියන් පත් කරන මන්ත්‍රීලාගේ කිසිම දරුවන් මෙවැනි පාසල්වල ඉගෙන ගන්නත් නැහැ. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නෙත් කොළඹ සුපිරි පාසල්වල. දකුණේ දේශපාලුවොත් එහම තමයි. මෙම සිසුවියන්ගේ මාපියන් දැන්වත් බුද්ධිමත් වෙන්න ඕනේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site