
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද (10) මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.
මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෝටර් රථය හදුන්වා දීමෙි අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැක්කාම අපත ජෙප්පන්ගේ ඇස්වලට කටු අනින්න වගේ ඇති... රටේ දියුණුව දකින්නම අකැමැති කාලකණ්ණි ටිකක් තමයි මේ... !
ලංකාව පළමු වරට මෝටර් රථයක් එකලස් කරපු එකයි වුණේ. පිට රැටියො ඇවිත් මෙහෙ කාර් එකලස් කරන එක මේ ගෝත්‍රික සමාජයට ලොකු ජයග්‍රහණයක්....
හරිම ආඩම්බරයි... තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවායි මගේ එකම පැතුමයි...
වොක්ස්වැගන් රනිල්ගේ තවත් මැතිවරණ ගුණ්ඩුවක්...
ඔයිට වැඩිය ලොකු වාහන එකලස් කරන වැඩ්ඩන් ලංකාවේ අපේ ගමේත් ඉන්නවා. වැදගත් වන්නේ එකලස් කිරීම නෙවෙයි අපේ රටේ නිෂ්පාදනය කරපු අමතර කොටස් සොච්චමක් වත් මේ රථයේ අඩංගුද යන්නයි.
පොඩි එකෙක්ව සෙල්ලම් කාර් එකකින් තිබ්බා වගේ...
සුබපැතුම්! කාලීන අවශ්‍යතාවක් ඉටුවීමක්...
එකලස් කිරීමයි, නිෂ්පාදනයයි කියන්නේ එකක් නෙමේ දෙකක් හොඳේ. කොහොම වුණත් වැඩේ හොඳයි...
රනිල් මුලින්ම පැදෙව්වා කියන්නේ දෙවියන්ගේ පිහිටයි. බස් මෑන්ට දුන්නා නම් කොහොමද? හර්ෂ කියයි... මේ කාර්එක හොඳට පදවපු නිසා රට පාලනයට සුදුසුයි කියලා....
ඇත්තෙන්ම මේක හොඳ ප්‍රවණතාවයක්... අපි ගරු කළයුතුයි. දිරිමත් කළ යුතුයි ඔවුන්ව...
ගොඩක් හොඳයි...!
වාහන එකලස් කිරීමයි, නිපදවීමයි ලොකු වෙනසක් තියෙනවා. 1970 ඉඳලා ලංකාවේ වාහන එකලස් කරනවා. නමුත් තවම නිපදවන්න බැරිවෙලා තියෙනවා.
මේ ප්‍රවෘත්තිය බලපු ප්‍රමාණය දැක්කාම හිතෙනවා වාහන සිහිනය සැබෑ කරගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවාද කියලා. මේ ප්‍රවෘත්තියේ වාහනයේ මිල සඳහන් කරලා නැති වුණාට, මේකේ හඳුන්වාදීමේ මිල ලංකාවේ රුපියල්වලින් ලක්ෂ අසූ තුනක් වෙනවා. මේ වගේ සමාගම් වලට, ඉතා අඩු මුදලට හෝ නොමිලේ ඉඩම් ලබා දීලා, බදු සහනත් දීලා ඇති. එහෙම වාසිත් අරගෙන මේක විකුණන මිල නම් කිසිම සාධාරණයක් නැහැ. ආණ්ඩුව වගේම තමයි.
මා දන්නා තරමට නම් ලංකාවේදී එකලස් කර නිෂ්පාදනයවූ මුල්ම මෝටර් රථය වන්නේ උපාලි විජේවර්ධන මහතා 1970 දී හෝමාගම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කල " උපාලි මැස්ඩා" මෝටර් රථයයි. ඒකාලයේ මෙම කර්මාන්ත ශාලාවේ වාහන 500 ක් නිෂ්පාදනය කරනු ලැබුවා. පසුව එම කර්මාන්ත ශාලාවේදීම " උපාලි ෆියට් 128" වාහනයද නිෂ්පාදනය කරනු ලැබුවා. උපාලි විජේවර්ධන මහතා කොළඹ ගංගාරාමය විහාරස්ථානයට පුජා කල උපාලි ෆියට් 128 මෝටර් වාහනය අදත් එහිදී දැකගන්නට පුළුවන්. ඒ මහතා අකාලයේ රටට අහිමි කිරීම නිසා විශාල සේවයක් අපේ රටට අහිමි උනා.
හොරෙකුට අහු නොවුණා නම් ලංකාවේ හදපු වොක්ස්වැගන් වාහනේකත් ඔය විදිහටම වාඩිවෙලා හිනාවෙලා පින්තූරයක් ගන්න තිබුණනේ... නේද?
හරියටම කිව්වොත් පිටරටින් ඔක්කොම කෑලි ටික ගෙනැල්ලා ලංකාවේදි මූට්ටු කරනවා.
මෙයා හිතාගෙන ඇති මෙයා කරපු දෙයක් කියලා. අන්න මිට්සුබිෂි සමාගම ලංකාවේ තත්වය ඉතාමත් නරක නිසා රට දාලා යනවා. මේ පින් ජනාධිපතියා මිනිසුන්ව රවට්ටමින් සිටිනවා.
එතකොට කෝ අර වොක්ස්වැගන් එක...?
මයික්‍රෝ කම්පැණිය අනාදිමත් කාලෙක ඉඳලා මෝටර් රථ එකළස් කරනවා. කවුරුවත් උදව් කරන්නෙත් නෑ. ඒ ගැන කතා කරන්නෙත් නෑ. ලෝරන්ස් ප්‍රනාන්දු මහත්තයා කොමිස් හා අල්ලස් නොදෙන හින්දාද මන්දා... මයික්‍රෝ පැන්ඩා පොඩි නිසා පේන්නේ නැතුවද? සුඛෝපබෝගී සංචාරක බස් කොච්චර පාරෙ දුවනවාද? ඒවා ගැන කතා නෑ. පෙස්ටොන්ජිලාට දෙන සප් එක ලෝරන්ස් මහත්තයාට දුන්නා නං මෙලහට ලංකාවෙ කාර් අලුතෙන්ම හදනවා. අනුන්ගේ ලබු එකලස් කරන්නේ නැතුව.
එතකොට මේකෙන් බදුල්ලේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික ලැබෙනවාද? අනුරාධපුරේ බඩගින්නේ ඉස්කෝලේ යන ළමුන්ට කන්න ටික ලැබෙනවාද? මෝඩ චූන් එපා රනිලෝ... හදලා ගෙනාවත් ඩොලර් යනවා. හදන්න කෑලි ටික ගෙනාවත් ඩොලර් ටික යනවා. කිරෙන් බාල වුණු එවුන්ගේ ආතල් මේවා...!!!
වැරැදි පින් බතෙක් ඉස්සරවෙලාම එළවන්න අරගෙන තියෙන්නේ. දැන් ඉතින් පිරිත් වතුර ටිකක්වත් දාලා ආයෙත් පටන් ගන්න. නැතිනම් ඔක්කොම කාබාසිනියා වෙලා යයි ...
මේක බද්ද / බද්ධ වගේ නේද? උපාලි ෆියට්, උපාලි මැස්ඩා අමතකද? පුතේ! යුනික් රේඩියෝ?
මා දන්නා තරමට නම් ලංකාවේදී එකලස් කර නිෂ්පාදනය වූ මුල්ම මෝටර් රථය වන්නේ උපාලි විජේවර්ධන මහතා 1970 දී හෝමාගම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කල " උපාලි මැස්ඩා" මෝටර් රථයයි. ඒ කාලයේ මෙම කර්මාන්ත ශාලාවේ වාහන 500 ක් නිෂ්පාදනය කරනු ලැබුවා. පසුව එම කර්මාන්ත ශාලාවේදීම " උපාලි ෆියට් 128" වාහනයද නිෂ්පාදනය කරනු ලැබුවා. උපාලි විජේවර්ධන මහතා කොළඹ ගංගාරාමය විහාරස්ථානයට පූජා කළ උපාලි ෆියට් 128 මෝටර් වාහනය අදත් එහිදී දැකගන්නට පුළුවන්. ඒ මහතා අකාලයේ රටට අහිමි කිරීම නිසා රටට අහිමිවූ දේ අප්‍රමාණයි.
ඔය කැකිරි පැලෙන ලස්සන හිනාව දැක්කාම මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ලම අමතක වෙනවා.
හොඳ දෙයක්වත් අගය කරපල්ලා. හැමදාම කෙඳිරි ගගා ඉන්නේ නැතුව ජෙප්පන් වගේ...
කරුණාකර මයික්‍රෝ ආයතනය දිරිගන්වලා එකලස් කිරීම අගය එකතුකරන මොඩලයටවත් යවන්න. අනික වේගා රථය. උදව් කරන්න ඕනෑ ව්‍යාපෘති...
බයිසිකලේට හුළං ගහන්න පොම්පයක් හදාගන්න බැරි නුඹලා කොහොමද මෝටර් රථයක් නිෂ්පාදනය කරන්නේ ?