(විමුක්ති එස් රුද්‍රිගු)
චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ලෝක ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාව පැවැත්වුයේ චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් සංවිධානය කර තිබූ රාජකාරී මට්ටමේ භෝජන සංග්‍රහයක් අතරතුර බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා
ganegoda Saturday, 10 December 2022 03:39 PM
මෙව්වා නිකන් බොරු වැඩ... වෙන වැඩකුත් නැහැ.. වෙන්න තියන දේකුත් නැහැ.
Sujeewa Saturday, 10 December 2022 04:54 PM
කොච්චර සත්‍ය කතාවක්ද කියලා තියෙන්නේ? සාකච්ඡාවට යවන්න තිබුණේ... ‘‘අග්‍ර පණ්ඩිත ගනේගොඩ උතුමන්‘‘ නොවේද?
ගලපර Sunday, 11 December 2022 11:12 AM
ගනේගොඩගේ කතාව එක අතකට හරි. මේ හොරු ආණ්ඩු කරනකම් මොන සල්ලි හම්බ වුණත් හොරාකනවා මිසක් රටටත්, ජනතාවටත් සත පහක වැඩක් නැහැ. නැත්නම් රාජපක්ෂලා රනිල්ලා අවුරුදු 25ක් 30ක් ආණ්ඩු කරලා මුලු රටම බංකොළොත් කරලා වලපල්ලට යවලා නැත්තට නැතිකරයිද?
asela09Sunday, 11 December 2022 02:00 PM
ළමාවියේදී තැන්තැන්වල දූෂණයට පත්වූ ළමයින්, යම් දවසක වැඩිහිටියන් වුණාට එයාලාට, කෙළින් හිතන්න, කෙළින් කතාකරන්න, කෙළින් ක්‍රියාකාරීවෙන්න අපහසුයි... ඉතින් සුජීව ඔයත් ඒ වගේ උදාහරණයක ප්‍රතිඵලයක්...
Sama Sunday, 11 December 2022 11:17 PM
එදා වේලට ජනතාව රැවටීම...
R Sugathadasa Monday, 12 December 2022 09:43 AM
කොච්චර කතා කළත් ප්‍රතිඵලයක් නෑ. මේ තරම් බලගතු මේ අයට පුළුවන්ද ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් සොරාගත් මුදල් තිබෙන තැන් සොයාගෙන ඒ මුදල් ලංකාවට ගේන්න. එවිට විවිධ මාධ්‍ය ප්‍රචාරවලට අනුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන නිසා ශ්‍රී ලංකාවට ආපසු ගෙන ඒමට හැකි නිසා ශ්‍රී ලංකාවට ණය ලබා දීම අවශ්‍ය නොවේ.
sharm warn Monday, 12 December 2022 02:54 PM
ලංකාවේ හොරුන්ව පෝෂණය කරපු චීනෙට විරුද්ධව කතාකළා කියලා රාසමානික්කම් මන්ත්‍රීවරයාට විරුද්ධව පෝස්ටර් උස්සගෙන හිටපු වහල්ලු ඉන්න රටක්නේ මේක... තව මොන කතාද? ‘‘ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින‘‘ ආච්චිගේ ඉටිගෙඩිය තමයි.