(විමුක්ති එස් රුද්‍රිගු)
චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ලෝක ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාව පැවැත්වුයේ චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් සංවිධානය කර තිබූ රාජකාරී මට්ටමේ භෝජන සංග්‍රහයක් අතරතුර බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නිකන් බොරු වැඩ... වෙන වැඩකුත් නැහැ.. වෙන්න තියන දේකුත් නැහැ.
එදා වේලට ජනතාව රැවටීම...
කොච්චර කතා කළත් ප්‍රතිඵලයක් නෑ. මේ තරම් බලගතු මේ අයට පුළුවන්ද ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් සොරාගත් මුදල් තිබෙන තැන් සොයාගෙන ඒ මුදල් ලංකාවට ගේන්න. එවිට විවිධ මාධ්‍ය ප්‍රචාරවලට අනුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන නිසා ශ්‍රී ලංකාවට ආපසු ගෙන ඒමට හැකි නිසා ශ්‍රී ලංකාවට ණය ලබා දීම අවශ්‍ය නොවේ.
ලංකාවේ හොරුන්ව පෝෂණය කරපු චීනෙට විරුද්ධව කතාකළා කියලා රාසමානික්කම් මන්ත්‍රීවරයාට විරුද්ධව පෝස්ටර් උස්සගෙන හිටපු වහල්ලු ඉන්න රටක්නේ මේක... තව මොන කතාද? ‘‘ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින‘‘ ආච්චිගේ ඉටිගෙඩිය තමයි.