IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති

(ටී.කේ.ජී.කපිල)

ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ නිලධාරීන් අද සවස  ජපානයේ නරීටා සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ගුවන් යානයෙන් බැස ගත් ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි පී.සී.ආර්.පරීක්ෂණ මධ්‍යස්ථානය සදහා යොමු කෙරුණි .

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලද පසුව මෙම පැරාලිම්පික් පදක්කම්ලාභී මෙම ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී  විශේෂ උත්සවයක් පවත්වා ඔවුන් පිළි ගත්තේය.

මෙම උත්සවය සදහා ග්‍රාමීය හා පාසැල් ක්‍රීඩා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තේණුක විදානගමගේ, ක්රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පැරාඔලිම්පික් ක්‍රීඩා කමිටුවේ සාමාජිකයන් ද ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිති .



අදහස් (8)

මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති

fairoos Tuesday, 07 September 2021 07:21 PM

උණූසුම් සුබ පැතුම් ජයවේවා

:       0       29

Raveendra Tuesday, 07 September 2021 09:58 PM

කොල්ලනේ .... නුබලාට අපගේ උණුසුම් සුබපැතුම්.... ඉදිරියේදීත් ලංකාමාතාවට ජයග්‍රහණ ගෙනඒමට නුබලාට හැකිවේව.!

:       1       22

Nimal Tuesday, 07 September 2021 10:56 PM

ජාතික ගීය යනකොට ආපු හැඟීම විස්තර කරන්න බෑ.

:       0       24

RaveendraWednesday, 08 September 2021 06:44 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. ඔබට මෙන් අපගේ ඇස්වලට කඳුළු එන්නේ නිරායාසයෙන්ය... ජාතික ගීතය ඇසෙනවිට පුරවැසියකුට එසේ හැඟීම් ඇතිවෙනවා යනු එම පුරවැසියන් තමන් උපන් රටට තම මවට මෙන් අවංකව ආදරය කරන්නෝය. අවාසනාව නම් අප රටේ පුරවැසියන් වැඩි පිරිසක් අනෙකුත් රටවලට ආදරය කරන්නෝය. අපගේ මාතෘ භූමියට යහපතක්ම වේවා..!!! 

:       1       11

Senarath Wednesday, 08 September 2021 09:42 AM

ඔවුන්ගේ යුතුකම් උපරිමයෙන් කළා. දැන් අපේ යුතුකම් ඉටුකරමු. අනෙකුත් ක්‍රීඩකයොත් උනන්දු වෙන්න. ජය වේවා

:       0       13

p.d goonawardene Wednesday, 08 September 2021 09:48 AM

උණූසුම් සුබ පැතුම් ජයවේවා

:       0       9

දර්ශණ Wednesday, 08 September 2021 01:59 PM

සුබ පැතුම් !...

:       0       4

Kumudu Fernando Friday, 10 September 2021 03:44 PM

අප රටේ දක්ෂ පුද්ගලයන් ඉන්නවා සෑම විෂයක් සම්බන්ධව. අප මේ සුබපැතුම් එක් කරන්නේ ක්‍රීඩා අංශයට. කාර්මික අංශවල ඉන්නවා ඉන්ධන රහිතව වාහන හදන දක්ෂතාවය තිබෙන පුද්ගලයින් හෙලිකොප්ටර් හදන දරුවන් ඉන්නවා. මේ වගේ සම්පත්වල අගය වටිනාකම හඳුනන රජයක් බිහිවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 372 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site