IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ

 

(නිමන්ති රණසිංහ,බිමල් ශ්‍යාමන්ඩබ්ලිව් කීර්ති, ටී. කේ.ජී. කපිල සහ  ටෝනි කරුණානායක)

ලෙබනන් ජාතික ධනවත් තරුණ යුවළක් මධුසමය ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ගුවනින් චාරිකාවේ යෙදී සිටි පෞද්ගලික සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානායක් අද (27) මීගමුව දාගොන්න, පත්තායම්වත්ත ප්‍රදේශයේ වෙල්යායකට ගොඩ බස්වා ඇත.

මෙම ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ධාවන පථයෙන් නික්මී කොග්ගල දක්වා ගමන් කරමින් සිටියදී මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

මෙසේ ගොඩබා ඇත්තේ සකුරායි ඒවියේෂන් ගුවන් සමාගමට අයත් සෙස්නා 172 වර්ගයේ සැහැල්ලු ගුවන් යානායකි.

මෙම යානයේ සිව්දෙනකු ගමන් කර ඇති බවත් කොග්ගලට ගමන් කරන අතරතුර ඇතිවූ හදිසී තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සුදානම් වුවත් කාලය මදිකම හේතුවෙන් එය කිඹුලාපිටිය වෙල්යායකට ගොඩ බස්වා ඇති බවත් වාර්තා වේ.

නියමුවරයකු සහ නියමුවරියක් විසින් මෙම පුද්ගලික ගුවන් යානය සංචාරක යුවළක් රැගෙන රත්මලානේ සිට සීගිරිය බලා ගොස් නැවත කොග්ගල ප්‍රදේශයට පියාසර කරමින් සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසී ගොඩබෑමක් සිදුකර ඇතැයි පොලිස් මුලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ සදහන් වේ.

මෙම තරුණ යුවළ ඊයේ (27) උදෑසන රත්මලාන ගුවන් තොටුපලෙන් ගමන් ආරම්භ කර සීගිරිය නරඹා කොග්ගල බලා පියාසර කරමින් සිටියදී ඊයේ (27) දහවල් 2.00ට පමණ ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදුකර තිබිණී.

එම ගොඩබෑමේදී ඇතිවූ කම්පනය සහ සු`ථ තුවාල හේතුවෙන් යානයේ සිටි සිදෙනාම මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිස් මූලස්ථානය සදහස් කරයි.

සිද්ධිය වාර්තා වූ සැනින් කටුනායක ගවන් තොටුපලේ ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භට පිරිස් අදාළ ස්ථානයට යොමු කරවීමට ගුවන් හමුදාව කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

එම ගුවන් යානයේ අයිතිකාර සමාගමේ බලධාරීන් එම ස්ථානයට එනතුරු ගුවන් යානයේ කොටස් ආරක්ෂා කර දෙනු ලැබූ බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම පෞද්ගලික ගුවන් සමාගමට අයත් මෙවැනි ම ගුවන් යානායක් ඉකුත් 22 වැනිදා බේරුවල වෙරළ තීරයට හදීසියේ ගොඩබෑමක් කර තිබිණී.

 

 



අදහස් (13)

මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ

Sunil Monday, 27 December 2021 03:37 PM

කුඩා ගුවන් යානා හදිසියේ ගොඩ බැස්සවීම දැන් සාමාන්‍ය දෙයක් වෙලා...

:       4       40

Surain Monday, 27 December 2021 03:58 PM

බාල බඩුවල හිලක් ඇතේ...

:       7       53

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 27 December 2021 04:09 PM

ගෑස් පමණක් නොව ඇතැම් විට මෙවැනි යානාවලට භාවිතා කරනා ඉන්ධන වල පවා මේ වනවිට ගුණාත්මක භාවය පිරිහී තිබෙන්නට බැරිකමක් නැත. දූෂණය, වංචාව, නාස්තිය නිසා රටක් කඩා වැටෙනවිට සමස්තයම කඩා හැලෙන බව පැවසෙනුයේ ඒ නිසායි.

:       81       93

පිටිගල මිලානෝ Monday, 27 December 2021 04:49 PM

කෝටි ගණන් දීලා ගත්ත වාහනවලට දෙයියන්ගේම පිහිටයි. ඊළඟට පුපුරන්නේ පෙට්‍රල් ටැංකි...

:       7       22

සමන්ත මීගහවත්ත​ Monday, 27 December 2021 06:49 PM

මෙහෙම තමයි බලාපොරොත්තු නොවූ කොරොනා පොකුරු හැදෙන්නේ....

:       5       13

saman Monday, 27 December 2021 06:58 PM

හදිසියේ ගොඩබෑවාට කමක් නෑ... අහිංසක මිනිහෙක්ගේ ඔලුව උඩට ගොඩ බාන්න නම් එපා.

:       5       21

gagana Monday, 27 December 2021 07:44 PM

දවසක් මේ වගේ ගොඩබෑමක් කරලා තිබ්බා.. මගේ යාලුවෙක් අලුත්ම වාහනයක් අරන් ඉන්ශුවරන්ස් කරන්නට යන ගමන්. වාහනේ කුඩු. අතින් කයිට්වෙලා සසර කලකිරිලා මිනිහා මහණ වුණා...

:       8       11

kamalTuesday, 28 December 2021 11:03 AM

අන්න බලන්න සසරේ පින පෑදෙන හැටි.

:       1       30

de silva Tuesday, 28 December 2021 08:03 AM

ගුවන් යානා පමණක් නොව වාහන අමතර කොටස් වල හිඟ කම නිසා ඉදිරියේදී විශාල වාහන අනතුරු ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්

:       2       1

Perera Tuesday, 28 December 2021 08:48 AM

හැම දෙයක්ම කඩාවැටිලා තියෙන රට නේ.

:       2       4

priyantha Tuesday, 28 December 2021 08:53 AM

හැප්පිලා පරලොව යන්නේ නැතිව, වහනයට රක්ෂණයක් නැතිනම් පාරට දැමීම නීති විරෝදී . සෑම පුරවැසියකුම රටේ නීතියට අනුගත වියයුතුයි. දියුණු සමාජයක මුලික සලකුණ විනයයි.

:       0       1

leel gunawardena Tuesday, 28 December 2021 11:58 PM

රට කඩා වැටෙනවා විතරක් නොවෙයි දැන් දැන් අහස් යානාත් කඩා වැටෙනවා

:       1       2

sampath Wednesday, 29 December 2021 10:02 PM

ඉඳලා හිටලා එන සංචාරකයන් බයවෙලා එන ඩොලර් ටිකත් නැති වෙනවා මේවගෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1917 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site