IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ජජබ ගම්පහ උද්ඝෝෂණයේදී...

(තිලකරත්න දිසානායක.)

"ඡන්දය නවත්වා ප්‍රජාතන්ත්‍රවාදය වැලැක්වීමේ ආණ්ඩුවේ බියගුලු උත්සාහය පරදවමු " යන්න තේමා කරගනිමින් ජාතික ජනබලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (18)  සවස ගම්පහ දුම්රියස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. 

විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදහස් දක්වමින් සදහන් කර සිටියේ , රජයේ මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලා සිටින මුද්‍රණාලයේ  ආරක්ෂාව පිනිස පොලිස් නිලධාරීන් ලබාදීම සිදු නොකරන්නේ නම් මාලිමාවේ 10 දෙනෙකු පැමිණ මුද්‍රණාලය ඉදිරිපිට උපවාසයක් ඇරඹිය හැකි බවත් එවිට පොලිස් නිලධාරීන් යෙදවීම හේතුවෙන් අවශ්‍ය ආරක්ෂාව මුද්‍රණාලයට ලැබෙනු ඇති බවය. 

හෙතෙම තව ද ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන මැතිවරණ සදහා අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍යාංශයට නොහැකි නම් ජාතික ජනබල වේගය විසින් දේශීය හා විදේශීය හිතවතුන් සමග එක්ව අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබාදීමට සූදානම් බවත් ලෝකය පුරා ජනතාව රුපියල් කෝටි ගණනින් එවීමට සූදානමින් සිටින බවත්ය. 

මෙම අවස්ථාවට ජාතික ජනබල වේගය විධායක සභික මහින්ද ජයසිංහ , හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල යන මහත්වරුන්ද පළාත් පාලන මන්ත්‍රීවරුන්ද  එක්ව සිටියහ. 



අදහස් (14)

ජජබ ගම්පහ උද්ඝෝෂණයේදී...

Sanith Saturday, 18 February 2023 09:11 PM

පුළුවන් විදියට අපිත් දායකත්වය දෙනවා. තව අවුරුදු 2ක් විඳවන්න අමාරුයි.

:       2       10

චන්න Saturday, 18 February 2023 10:00 PM

අපි වසර 75ක් රැවටුණා. මේ පාර අපි මාලිමාවට... !

:       7       20

මැක්ස් Sunday, 19 February 2023 06:37 AM

මේ උන්දැලාම නේද 2015 - 2019 කාලේ ඡන්ද නොතියන කොට මීක් නැතුව හිටියේ... ජවිපෙ කොයි දේටත් එහෙයි කියන දායක සභාවට කෙසේවෙතත් අපට නම් ඒවා හොඳට මතකයි...

:       24       14

fairoosTuesday, 21 February 2023 12:32 PM

ඇනෙ උඹගෙ මතක ශක්තිය 2020-2022 රටටම බන්කලොත් කරපු නන්දසේනව අමතක උනාද?දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න

:       1       4

Bamunuarachchi Sunday, 19 February 2023 07:36 AM

ඔය උද්ඝෝෂණ කරන කවුරුවත් ජෙප්පන්ගෙන් අහන්නේ නැහැ.. ඔබලා බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද කියලා? ජෙප්පෝත් ඒ පොරොන්දුව දෙන්නේ නැහැ. ජෙප්පන්ටත් ඒක කරන්න බැහැ. පාරේ කෑගහලා ගෙදර යන්න. රනිල් ඔය උද්ඝෝෂණ ගණන් ගන්නේ නැහැ.

:       29       12

PiyalMonday, 20 February 2023 10:12 AM

මෝඩ ගොබ්බ බමුණෝ දැන්වත් වෙනස් වෙයන් බූරුවො...මේ 21 වන සියවස.මේ රට විනාස කරපු රාජපක්ෂ කාලකන්නින්ටම කඩේ යන්නේ නැතුව වහලෙක් නොවී මනුස්සයෙක් වගේ හිතපන්.උඹ මේ දූපතේම හිරවෙලා ඉඳලා උඹේ මොලේ මඤ්ඤං වෙලා.

:       3       13

BamunuarachchiMonday, 20 February 2023 07:30 PM

ඉපදුනේ ඊයේ පෙරේදාද? රාජපක්ෂ බලයේ නොසිටි කාලේ මිනිසුන්ගේ අතුනු බහන් එකතුකළේ සවලෙන්. 2005 රාජපක්ෂ බලයට නාවා නම් දැන් ඔබ කඹුරන්නේ ප්‍රභාකරන්ට..? දැන් නුඹලා පක්කලිකම් කරන අනුරයා යුද්ධය කාලේ කොහෙද හිටියේ? ඒ කාලේ අනුර කියන නම අහලා තිබුණාද? කියන්න බලන්න... 1977න් පසුව මහින්ද තරම් රටට වැඩ කළ එක නායකයෙකුගේ නමක්?

:       9       5

BamunuarachchiTuesday, 21 February 2023 07:17 AM

මෝඩ ගොබ්බ piyal ප්‍රශ්නෙට උත්ත දීපන් ජෙප්පෝ බලයට ආවොත් විදුලි ගාස්තු, වතුර ගාස්තු, බෙහෙත් මිල, ඉන්ධන මිල ගණන්වලට අඩුකරනවද ? අඩු කරන්නේ නැතිනම් මොන මගුලකටද උද්ගෝෂණ කොරන්නේ? නැහැ යකෝ මම ද්විත්ව පුරවැසියෙක්. මුගේ කතාව හරියට මෙයා ස්වීඩන් වල ඉපදුනා වගේ.

:       4       1

podiekaaMonday, 20 February 2023 04:00 PM

දූෂණ යටිමඩි ගැසීම්, ජාතික ධනය බැංකුවකින් හොරකම් කිරීම වගේ දේවල් සදහටම නැතිකරලා, රටේ ධනය රටටම ආයෝජනය කෙරුවොත් අපිට මේ රටේ ඉතා හොඳින් ජීවත් වෙන්න පුළුවන්..!

:       1       6

saththyaaMonday, 20 February 2023 04:06 PM

ගොබ්බයින් රැළක් හූරගෙන කමින් සැපට පහසුවට ජීවත් වෙමින්... රටේ ධනය පිටරටවල් වලට අදිමින් රට අගාධයට යවමින් මේ කරන පාලනය දේශපාලනයක්ද?

:       0       5

Krishan Sunday, 19 February 2023 08:30 AM

ජවිපෙ පක්ෂ අරමුදලෙන් දෙන්න පුළුවන්නේ... ලංකාවේ පොහොසත්ම පක්ෂය බිලියන 8කට වඩා තියෙනවා. ඒකෙන් බිලියනයක් දුන්නා නම් හරි. මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දය පවත්වාගෙන යන්න. අනික ඔබලාම කියන විදියට ඔබලා 80%ක් ලබා ජයග්‍රහණය කරනවා කියලා. එහෙම නම් බිලියන 8න් බිලියනයක් මැතිවරණය පවත්වන්න වියදම් කළාට පාඩුවක් වෙන්නේ නැහැ... මොකද ජවිපෙ ඉතිහාසය තුළ ලබන විශාලතම ජයග්‍රහණය නිසා...

:       19       8

SanthuSunday, 19 February 2023 06:31 PM

අනේද කියලා අවුරුදු 50කට වැඩි දැන් බැරි වුණු බලය ගන්න හොඳ අවස්ථාවක්... මේක 80% ක් නොවේ 100%ම ගත්තත් මොකද? ඔය බය නැතුව වියදම් කළොත් ඡන්දය වෙනුවෙන් තමුන්ටත්, රටටත් හොඳයි..

:       5       0

සෙනෙවිරත්න Monday, 20 February 2023 02:00 PM

සල්ලි උදලුතල, ප්ලාස්ටික් පුටු එහෙම බෙදන්න කියනවාද? අරක්කු බාගේ බෝතල්, බත්පැකට් දෙන්න කියනවාද? ඒවා කියන්න ඔබගේ පක්ෂයට... ජවිපෙට ඡන්දෙ නොදෙනවා නම් ඒකෙ අරමුදල ගැන කලබල වෙන්න එපා... නීතිවිරෝධී නම් පැමිණිලි කරන්න. ජවිපෙ රජයක් නොවන නිසා ඔබට සාධාරණයක් ඉටුවේවි...!

:       0       5

සෙනෙවිරත්න Monday, 20 February 2023 01:57 PM

ජවිපෙ අරමුදල ගැන කවුරුත් කලබල වෙලා, රනිල්ට කියලා මොනවා හරි කරන්නකෝ... අපටත් ඔය කතාවල සත්‍ය, අසත්‍ය බව දැනගන්න අවශ්‍යයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6141 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9413 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 550 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 456 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1880 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1673 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site