(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ.
එම ස්ථානයට එක්ව සිටි අරලගයේ ක්‍රියාකාරිකයෝ ඉටි පන්දම් දක්වමින් ‘අරගලයට’ සහභාගි වී සියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ පිරිස සිහිකළහ.
ඡායාරූපය:
අරගලයේ ක්‍රියාකාරිහූ ඉටි පන්දම් දල්වමින් මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ අරගලකරුවන් හිසිකළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු ගම කන්න ඇවිල්ලා.
මේ ඉන්නෙ මාසෙ පඩියට අරගල කරන සෙට් එක වෙන්න ඕන. රැට්ටලට, දමිතලට නම් කුට්ටිය එකපාරටම දුන්නනෙ.
එල්ටීටීය ද මහවිරුවන් සිහි කිරීම යනුවෙන් නම් කරමින් වසරක් පාසා මියගිය ත්‍රස්තවාදීන් සිහි කරති. ජවිපෙ සහ පෙරේට්ටන් ද වසරක් පාසා අප්‍රිල් මාසයේ සහ නොවැම්බරයේ තමන්ගේ ත්‍රස්තවාදීන් සිහි කරති. එසේම, මෑත දේශපාලනයේ අසාර්තකම, පාදඩ සහ සැලසුම් රහිත ක්‍රියාවලිය වූත්, "අරගලය" යන වචනයට නිග්‍රහයක් වූත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පරගලයක්" වූ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ප්‍රහසනය ඊට නියමිත අවසානය කරා ළගා වුවත්, එය සමරමින් බඩ වඩා ගන්නා පිරිසක් සිටීම අරුමයක් නොවන්නේ "හිට්ලර්" සමරන්නන් ද ඉදහිට සිටින බැවිනි.
ඔය සෙට් එක නිසා කොච්චර විනාශයක්ද උනේ.
වහලෙක් වගේ. අද ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත දේශපාලුවන් ඉන්න කරපු වැරැදි තීරණ තීන්දු නිසා. වපර ඇහෙන් බලන කොට ඔහොම්ම තමයි...
එදා මිනිස්සු මාස ගාණක් පාරේ ඉඳගෙන උද්ඝෝෂණය කළේ මොකක් වෙච්චි නිසාද කියලාවත් මතක නැති අමනයින් ඉන්න රටක කවදා සංවර්ධනයක් දකින්නද? උදව් ගන්නේ මේ රටේ ජාතික ධනය අර දියවන්නාවේ ඉන්න පාදඩයින් ටික මංකොල්ල කෑවා කියලාවත් මතක නැද්ද?