(අංජුල මහික වීරරත්න සහ මුදිතා දයානන්ද)
ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥනීස්සර නාහිමියන්ට අද පිළිගැන්වීය.
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානීස්සර නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.
දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා අත්සන් තැබීය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ තව මොනාද සංවර්ධනය කරන්න තියෙන්නේ? සමහරුන්ට ආයිත් කලඑලි බහින්න අවස්ථාවක් හදලා දුන්නා වගෙයි පේන්නේ!
රට විනාශකරපු හොරු ඔක්කොම ඇවිත්
ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ පිරි සුබ උපන්දිනයක් වේවා...! 80 දශකයේ සිට ශාසනයට ඉමහත් සේවයක් කළ ඔබවහන්සේව පාද නමස්කාර කර ගෞරවයෙන් සිහිපත් කරමු.
පින් ජනපතියාගේ පිහිටෙන් රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ සෙට් එකත් ඇවිත් ඉන්නේ ,
මෙවන් දේ දුටුවාම අප්පිරියාවේ ඉන්න බැරි මට විතරයිද?
හවුල් චවුර පවුලේ සැබෑම හමුවීමක් එකම තැනක. සුනාමියා නොහොත් ගම් කබරයා , මිග් කාරයා නොහොත් 88-89 මාතලේ වීරයා සහ මහා බැංකු හොරා නොහොත් ෆොක්ස්වැගන් සමග ..............................කට්ටියටම අපායේ විසා රෙඩි. නමුත් ඊට කලින් ශ්‍රී ලංකාවේ සිපිරි ගෙදර කුරු ගනින්න අවස්තාවක් ළඟදීම උදාවේ.
පොඩි හාමුදුරුවෝ ළමයින්ට වෘත්තීය පුහුණුව වගේ දේවල් දෙන්න ගොඩක් මහන්සි වුණා. කර්මාන්ත වලටත් යම් අනුග්‍රහයන් දැක්වූවා. හැබැයි තව දෙයක්..,. පොඩි හාමුදුරුවන්ට රටේ ගොඩක් තැන්වල ඉඩකඩම් තියෙනවා. මුදලින් වුණත් ඔය පන්සලට කිසිම අහේනියක් නෑ. ඒ නිසා මේ පන්සල සංවර්ධනයට රජයේ සල්ලි දෙනවාට වඩා, ඊට වඩා අගහිඟකම් තියෙන පන්සල්වලට දෙනඑක තමයි වඩාත් යෝග්‍ය වන්නේ...
මේ පන්සල මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කිසියම් සේවයක් කරපු තැනක්. ඒත් ඇත්තටම ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කළයුතුද? පින්තූරයේ විදියට හාමුදුරුවෝ වුණත් ඒකට කැමැති බවක් පෙනෙන්න නැහැ....
පොඩි සාදුගේ මුණේ දුකින් ඉන්නේ අනේ මේ කාලකන්නි රට කෑවා කියල .
දේශපාලනය සහ ආගම එක්වූ තැන හැදෙන්නේ මාෆියාවකි.
ගංගාරාම විහාරස්ථානය කියන්නේ තරැණ ප්‍රජාවට පමණක් නොව ආබාධිත පුද්ගලයන් හටත් විශාල සේවයක් සලසපු ආයතනයක්. මම ආබාධිත පුද්ගලයෙක් වශයෙන් පරිගනක පුහුණු පාඨමාලාවක් හදාරා එම ආයතනයේම වසර 3 ක් සේවය කළෙමි. ඉන්පසුව ජර්මන් ජාතික මහතෙකු ගේ මග පෙන්වීම මත ආබාධිත පුද්ගලයන් සඳහා වූ පුණරැත්ථාපන ආයතනයක පරිගනක උපදේශක වරයෙක් හා ආයතන කලමනාකරැවෙකු වශයෙන් පුරා වසර 20 කට අධික කාලයක් සේවය කළ බව ඉතාමත් කෘතවෙිදීව සඳහන් කරමි. පොඩි හාමුදුරුවෝ නොවන්න ඒ කාර්ය හුදු සිහිනයක් පමණක් වන්නට ඉඩ තිබුණි. උන වහන්සේට නිදුක් නිරෝ්ගි දීර්ඝායුු සුව ලැබේවා .