
(වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග)
පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම සුලං තත්වයක් ඇති අතර දැඩි සීතලක් ද පවතී.
වැසි බර කාලගුණය සමග මුහුදේ රළුවීම නිසා නින්දවුර් ප්‍රදේශයේ මුහුදු තීරය දැඩි මුහුදු කෑමකට ලක්ව තිබේ.
නින්දවුර් ප්‍රදේශයේ මුහුද අසලින් ඇති මාර්ගය ආසන්නයටම මුහදු කෑමට ලක්ව ඇති අතර එම මාර්ගය මුහුදට කඩාගෙන යෑමේ අවධානමක් තිබෙන බව ප්‍රදේශවාසිහු පවසති.
මුහුදු කෑමට ලක්ව ඇති ප්‍රදේශයේ කඩිනමින් කලුගල් ඇතිරීමට පියවර ගන්නා බව වෙරල සංරක්ෂණ දෙපාර්මේන්තුවේ පොතුවිල් කල්මුනේ ප්‍රදේශය භාර සැලසුම් සහකාර එම්.අයි. එම්.ජසුර් මහතා පැවසීය.
මේ අතර පවතින සුලං තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 126 කට හානි සිදුවි ඇති බව අම්පාර දිසාපති ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පැවසීය. උහන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරි වසම් 31 ක නිවාස 85 ක්ද, අම්පාර ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයයේ නිවාස 20 ක්ද දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 05ක්ද, නාවදන්වැලි කොට්ඨාශයේ නිවාස 8ක්ද,සමන්තුරේ කොට්ඨාශයේ නිවාස 06 ක්ද,කාර්තිව් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශාය් නිවාස 03 ක්ද , පදියතලාව කොට්ඨාශයේ නිවාස 01 ක්ද , තිරුක්කෝවිල් කොට්ඨාශයේ නිවාස 01ක් ද සාමාන්‍ය වශයෙන් හානි සිදුවී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වටේම මුහුද ගැඹුරට හාරලා ඒ වැලි විකුණලා අපේ රට ඒ ගැඹුරට හාරා ගත්ත වලටම ගිලා බසින හැටි බලාගනිල්ලා. මේක අපේ පාලකයෝ අපිටම කපපු වල.
ලංකාවෙ මුහුද හාරලා චීනා හදාපු ඔවුන්ට අයත් "පොර්ට් සිටි" භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා ලංකාවෙන් සුළු බිම් කඩක් චීන හමුදා මුලස්ථානය වෙනුවෙන් මේ සිරි ලංකා භූමියෙන් ඉතිරි වෙනවා නම් ඒ හොඳටම ඇති.. මේ මව්බිම චීනෙට වික්ක ජාතිය මේ රටෙන් තොලොංචි වෙලා යා යුතුමයි!!! උඹලට වෙලා තියන නස්පැත්තිය තේරුම් ගන්න බැරි නම්, ගේ අසල මිදුලේ විශාල වලක් හාරා බලපල්ලා ටික කාලෙකින් ඔය ගෙදරට අත්වෙන ඉරණම... ඔයගැන හිතන්න අමුතුවෙන් ඉංජිනේරු උපාධියක් ඕනා නැහැ, මොඩයිනේ ,, ඔය භුමිය මුහුදු ඛාදනය වෙන එක දැන් වලක්වන්න බැහැ..