IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


අනුරට ඉතාලියේදි ඉහළ පිළිගැනීමක්

(ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)

ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ.

රෝම,නාපෝලි,කතානියා, ෆිරෙන්සි හා මිලානෝ හි ජනහමු කිපයක් සදහා අනුර කුමාර මහතා දෙදින සංචාරක නිරත විය. ඔහු පිලිගැනිමට හා ජන හමු සදහා විශාල පිරිසක් සහභාගි වූහ.

ශ්‍රි ලාංකික දේශපාලකයකු සහභාගිවු ජනහමුවක් සදහා ඉතාලියේ මෙවන් පිරිසක් පැමිණි හා විශාල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් දැක්නට ලැබුණු ප්‍රථම අවස්ථාද මෙය බව ඊට සහභාගී වුවෝ පවසති.

මිලානෝ නගරයේ ජනහමුව ඇමතු දිසානායක මහතා මෙසේ පැවැසීය: අපේ රටේ ආණ්ඩුව පෙරළිවලදී ඒ රැල්ල ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කවරුත් දන්වා. අද මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට සූදානම් බව පෙන්නුම් කරනවා .මෙතන ඉන්න අය ඉතාලියට ආවේ නැවත යන්න බලාගෙන. නමුත් එහෙම යන්න බෑ ඔබට ඉතාලියට එන්න වෙලා තිබෙනවා . ඔබට ආර්ථික ගැටලුව නො තිබුණත් තම මාතෘභූමිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන මොහොතක තම රට ගැන හැඟීමක් ආදරයක් තම රට අලුත් දිසාවකට යොමු කිරීමට හැඟීමක් ඇතිවී තිබෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රමට ව්‍යවස්ථා වෙනස් කිරීම, නීතිය විධානය ආධිපත්‍යය සුරකින රටක් ඇති කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම,ලෝකයත් එක්ක පිළීගන්න රටක් බවට පත් කිරීම,දූෂිතයන්ට දඬුවම් දීම වැනි දෙවල් ජාතික ජන බලවේගය ප්‍රධාන අරමුණ බව ද වැඩි දුරටත් පැවසීය .



අදහස් (25)

අනුරට ඉතාලියේදි ඉහළ පිළිගැනීමක්

Milan-italy Monday, 12 December 2022 08:39 PM

අපි මේ මිනිස්සුන්ගේ තත්වය දන්නවා. බොහෝ දෙනා එන්නේ නීත්‍යානුකූලව නොවේ...

:       47       110

මංගල Tuesday, 13 December 2022 01:51 AM

ඉතාලි රජයට ප්‍රශ්නයක් නැත්නම් ඔයාට තියන ප්‍රශ්නය මොකද්ද එන ක්‍රමය ගැන ?

:       9       29

සේනක මිලානෝ Tuesday, 13 December 2022 12:15 PM

දැන්වත් රනිල් රාරාජපක්ෂලාගෙ වහල් බවෙන් මිදියල්ලා.ඔබලා වැනි අපතයින් මෙි මිලානෝ ඉන්නවා කියන එක ගනණන් ගත යුතු නැත.

:       5       16

BamunuarachchiTuesday, 13 December 2022 10:44 PM

ගස් නැති රටේ එඬරු ගහත් ගහක්ලු. ලුලා නැති වලට කනයා පණ්ඩිතයාලු . මේ උපමේය දෙකෙන් කෝකද ගැලපෙන්නේ? .

:       4       2

siri Monday, 12 December 2022 08:43 PM

ලබන ඡන්දෙදී ඔය අතරින් කීදෙනෙක් "සෝමේ ඡන්දය දෙන්නට ආමි" කියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලගෙන ලංකාවට එයිද දන්නේ නැහැ නේද සහෝදරයා? එක වතාවක් එහෙම ආපු මිනිස්සු දැන් උන්නාද මලාද කියලා හොයා ගන්නවත් නැති නිසයි ඇහුවේ. අයියෝ සල්ලි...

:       16       99

SUNIL MILANO Monday, 12 December 2022 08:45 PM

මුළු ඉතාලියේම ඉන්න ජෙප්පන් මේ රැළියට සහභාගි වුණු මිලාන්වල ඉන්න ජෙප්පොත් කටවල් ඇරගෙන බලාගෙන හිටියා. මමත් ටිකවේලාවක් හිටියා අඳුනන ජෙප්පොත් එක්ක එකඑක පළාත්වලින් බස් ඇවිල්ලා තිබුණා.. මේකත් ජෙප්පන් ගේමක් පමණයි.

:       249       99

ShammiMonday, 12 December 2022 09:37 PM

ඔන්න බලන්න මහින්ද මහත්තයා තමයි "කවදා හරි" මේ රට හදන්නේ...

:       93       29

බද්රානි Tuesday, 13 December 2022 02:29 AM

ඉතාලියේ සුනිල් මිලානොලට වඩා සැපට ජීවත් වෙන බලු කුක්කන් පවා තමන්ගේ වරිගයා වෙනුවෙන් පෙනී සිටින බව බල්ලන්ව එලි පහලියට ගෙනියාමෙන් ගානක් සාක්කුවට දා ගන්නා සුනිල් මිලානෝ හොඳට දන්නව ඇතිනේ.. මෙතන පවතින ගැටලුව වන්නේ, ඉතාලියේ බල්ලන්ටත් වඩා අන්ත ජීවිත ගත කරන මිලානෝ සුනිල් ලා, තමන්ගේ වර්ගයේම එවුන් ලංකාවේ ගත කරන ජීවිකාව ගැන නොවැටහී තිබීමයි..ඔය අනුර කුමාර දිසානායක කියන්නේ ලංකාවේ නිවට බල්ලන්ගේ විමුක්තිය වෙනුවෙන් ඉතාලියට පැමිණ සිටින මිනිසෙකුයි... කොහෙද ඉතින් ඉතාලි බල්ලෙකුට වැටහෙන දේ ඉතාලියේ දඩාවතේ යන සිරි ලන්කන් බල්ලන්ට නොතේරෙන එකනේ ගැටලුව? නේද, මිලානෝ සුනිල්??? පර බල්ලෝ, ඉතාලියට නොවේ, ලෝකේ කොහෙට ගියත් ඌ බල්ලමයි...මෙවුන් ඉතාලියේ සැප විඳින බල්ලන්ටත් ලැජ්ජාවක්. නොදකින්!! කාපු පතේ පහරන්නේ නැතිව පලයව් ලංකාවටම!!

:       5       17

සේනක මිලානෝ Tuesday, 13 December 2022 12:29 PM

පව් අප්පා,ඔබ වැනි රාජපක්ෂ වහලෙක් මෙි මිලානෝවල තවත් නැත.හිතට අමාරුයි නම් වහල් බවෙන් මිදියල්ලා.

:       3       15

uk ranga Monday, 12 December 2022 10:05 PM

පිළිගැනීම නිසා වෙන්න ඇති හූ කිව්වේ... ලෝකය වටේ ගිහින් රට පාවා දෙන වාමාංශිකයෙක්...

:       308       112

යෝගා Monday, 12 December 2022 10:11 PM

කවුරුත් විනෝදෙට වගේ ඔය කතා අහනවා. නමුත් ඡන්දයකදි 3%යි. හොරු වගේම අන්ත පැසිස්ට්වාදීන්වත් ජනතාවට පිළිකුල්.

:       259       114

මංගල Tuesday, 13 December 2022 01:59 AM

නියම පැසිස්ට් වාදී හොර පවුල කවුද කියල මිනිස්සු දන්නවා .

:       3       22

මංගල Tuesday, 13 December 2022 02:01 AM

හොර පැසිස්ට්වාදී පවුල කරපු හරිය මදිද ?ණය වාරිකය ඩොලර් බිලියන 3.2 ඇරියස් .

:       5       15

sharm warnTuesday, 13 December 2022 10:06 AM

හැබැයි දිඩි දඩි ගාලා පපුවට ගහගත්තම ඔන නාකු හම්පඩ හොරෙකුට චන්‌දෙ දෙනවා.. මොකද උන් හොරකම් කලාට " පැසිස්ට්වාඩියො නෙමෙයි " නේ.. නේද? අනෙ ඉතින් මෙ රට...අපි පව්..

:       5       13

අජිත් වීරතුංග Tuesday, 13 December 2022 12:21 AM

ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා කටාර් වල අපි

:       13       28

nihal Tuesday, 13 December 2022 02:40 AM

සුනිල් මිලනො....ශම්මි....යොග.............අපරට කාබාසිනිය කල බැසිය ..රනිය...මරා,,,,,තුප්පහින්ට කත් අදින තවත් තුප්පහියො වෙති.

:       0       2

Anura Nanayakkara Tuesday, 13 December 2022 07:37 AM

ජවිපෙ පිළිගන්න පුළුවන් පක්ෂයක් නොවේ.

:       3       4

bandaWednesday, 14 December 2022 01:23 PM

JVP පිලිගත් පක්ෂයක් හැටියට කංකාවෙ ලියාපදිංචි වෙලා තියෙන්නෙ

:       1       2

විජේබීර Tuesday, 13 December 2022 08:20 AM

අනුර අය්යා ලෝකේ කොහේ ගිහින් මොනවා කීවත් කෙරුවත් චන්දෙදි 3% ඇයි ඒ. ඒක ගැන හොයන්න වෙනවා.දැන් ලංකාවට ඇවිත් මොනවා කරයිද දන්නේ නෑ.

:       14       9

3% පෙරමුණ Tuesday, 13 December 2022 11:27 AM

අනුර අපිට අපි අනුරට! වැඩ කුලියට ඡන්දෙ $$$$ වලට ලපයා3% අපිට අපි ලපය3% ට වැඩ කුලියට ඡන්දෙ $$$$ වලට MILLION HEARTY CHEERS!!!

:       13       7

kamal Tuesday, 13 December 2022 12:06 PM

ඉතාලියේ අයම නේද සර්ව දිනවන්නත් ඇවිත්අතින් කයිට් කරගෙන ගියේ.

:       10       9

SUNIL MILANO Tuesday, 13 December 2022 02:16 PM

වහල්ලු වහල්ලු කියන මේ අපතයන්ද, තවත් හොරෙකුගේ වහලෙක් බව අමතක කරන්න එපා.

:       1       5

3% ලපයා Tuesday, 13 December 2022 11:41 PM

සියල්ල (නො) දත් මෙි මහල්ලගෙ ෂා..හ් කොල්ල වගේ, කෙස් ගහක් සුදු නැහැ. අයර්ලන්තෙන් එන ඩයි තමයි තවරන්නෙ. 1971-2022 අවු .51 ක් ජෙප්ප ලගෙ දේශපාලනයට අවු.51.ක් කඹුරල, කඹුරල ජනමතය 3% යි. අයියෝ වයසකම තරැණයා. කාන්ත/ටිල්වන්/විජිත/සමන්ත/හදුන්නෙත්ති ඔක්කොම 55 කල්ලිය දැන් බැස යන්න. මහරගම අරයගෙ මහලු නිවාසෙ අන්න දැන් ලැහැස්තියි, දුවපියවි, දුවපියවි.

:       3       4

Anuradha Wednesday, 14 December 2022 09:53 AM

ඔයා පැරිස් නගර සභාවට තරඟ කරලා එහේ ඉන්න.. අපේ රට ලේ විලක් කරන්නෙ නැතුව

:       5       3

banda Wednesday, 14 December 2022 01:14 PM

ලෝකෙ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙදාපාර අනුරට තමයි...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 162 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site