
(ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)
ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ.
රෝම,නාපෝලි,කතානියා, ෆිරෙන්සි හා මිලානෝ හි ජනහමු කිපයක් සදහා අනුර කුමාර මහතා දෙදින සංචාරක නිරත විය. ඔහු පිලිගැනිමට හා ජන හමු සදහා විශාල පිරිසක් සහභාගි වූහ.
ශ්‍රි ලාංකික දේශපාලකයකු සහභාගිවු ජනහමුවක් සදහා ඉතාලියේ මෙවන් පිරිසක් පැමිණි හා විශාල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් දැක්නට ලැබුණු ප්‍රථම අවස්ථාද මෙය බව ඊට සහභාගී වුවෝ පවසති.
මිලානෝ නගරයේ ජනහමුව ඇමතු දිසානායක මහතා මෙසේ පැවැසීය: අපේ රටේ ආණ්ඩුව පෙරළිවලදී ඒ රැල්ල ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කවරුත් දන්වා. අද මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට සූදානම් බව පෙන්නුම් කරනවා .මෙතන ඉන්න අය ඉතාලියට ආවේ නැවත යන්න බලාගෙන. නමුත් එහෙම යන්න බෑ ඔබට ඉතාලියට එන්න වෙලා තිබෙනවා . ඔබට ආර්ථික ගැටලුව නො තිබුණත් තම මාතෘභූමිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන මොහොතක තම රට ගැන හැඟීමක් ආදරයක් තම රට අලුත් දිසාවකට යොමු කිරීමට හැඟීමක් ඇතිවී තිබෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රමට ව්‍යවස්ථා වෙනස් කිරීම, නීතිය විධානය ආධිපත්‍යය සුරකින රටක් ඇති කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම,ලෝකයත් එක්ක පිළීගන්න රටක් බවට පත් කිරීම,දූෂිතයන්ට දඬුවම් දීම වැනි දෙවල් ජාතික ජන බලවේගය ප්‍රධාන අරමුණ බව ද වැඩි දුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ මිනිස්සුන්ගේ තත්වය දන්නවා. බොහෝ දෙනා එන්නේ නීත්‍යානුකූලව නොවේ...
ලබන ඡන්දෙදී ඔය අතරින් කීදෙනෙක් "සෝමේ ඡන්දය දෙන්නට ආමි" කියලා බෝර්ඩ් එකක් බෙල්ලේ එල්ලගෙන ලංකාවට එයිද දන්නේ නැහැ නේද සහෝදරයා? එක වතාවක් එහෙම ආපු මිනිස්සු දැන් උන්නාද මලාද කියලා හොයා ගන්නවත් නැති නිසයි ඇහුවේ. අයියෝ සල්ලි...
මුළු ඉතාලියේම ඉන්න ජෙප්පන් මේ රැළියට සහභාගි වුණු මිලාන්වල ඉන්න ජෙප්පොත් කටවල් ඇරගෙන බලාගෙන හිටියා. මමත් ටිකවේලාවක් හිටියා අඳුනන ජෙප්පොත් එක්ක එකඑක පළාත්වලින් බස් ඇවිල්ලා තිබුණා.. මේකත් ජෙප්පන් ගේමක් පමණයි.
පිළිගැනීම නිසා වෙන්න ඇති හූ කිව්වේ... ලෝකය වටේ ගිහින් රට පාවා දෙන වාමාංශිකයෙක්...
කවුරුත් විනෝදෙට වගේ ඔය කතා අහනවා. නමුත් ඡන්දයකදි 3%යි. හොරු වගේම අන්ත පැසිස්ට්වාදීන්වත් ජනතාවට පිළිකුල්.
ජාතික ජන බලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා කටාර් වල අපි
සුනිල් මිලනො....ශම්මි....යොග.............අපරට කාබාසිනිය කල බැසිය ..රනිය...මරා,,,,,තුප්පහින්ට කත් අදින තවත් තුප්පහියො වෙති.
ජවිපෙ පිළිගන්න පුළුවන් පක්ෂයක් නොවේ.
අනුර අය්යා ලෝකේ කොහේ ගිහින් මොනවා කීවත් කෙරුවත් චන්දෙදි 3% ඇයි ඒ. ඒක ගැන හොයන්න වෙනවා.දැන් ලංකාවට ඇවිත් මොනවා කරයිද දන්නේ නෑ.
අනුර අපිට අපි අනුරට! වැඩ කුලියට ඡන්දෙ $$$$ වලට ලපයා3% අපිට අපි ලපය3% ට වැඩ කුලියට ඡන්දෙ $$$$ වලට MILLION HEARTY CHEERS!!!
ඉතාලියේ අයම නේද සර්ව දිනවන්නත් ඇවිත්අතින් කයිට් කරගෙන ගියේ.
වහල්ලු වහල්ලු කියන මේ අපතයන්ද, තවත් හොරෙකුගේ වහලෙක් බව අමතක කරන්න එපා.
සියල්ල (නො) දත් මෙි මහල්ලගෙ ෂා..හ් කොල්ල වගේ, කෙස් ගහක් සුදු නැහැ. අයර්ලන්තෙන් එන ඩයි තමයි තවරන්නෙ. 1971-2022 අවු .51 ක් ජෙප්ප ලගෙ දේශපාලනයට අවු.51.ක් කඹුරල, කඹුරල ජනමතය 3% යි. අයියෝ වයසකම තරැණයා. කාන්ත/ටිල්වන්/විජිත/සමන්ත/හදුන්නෙත්ති ඔක්කොම 55 කල්ලිය දැන් බැස යන්න. මහරගම අරයගෙ මහලු නිවාසෙ අන්න දැන් ලැහැස්තියි, දුවපියවි, දුවපියවි.
ඔයා පැරිස් නගර සභාවට තරඟ කරලා එහේ ඉන්න.. අපේ රට ලේ විලක් කරන්නෙ නැතුව
ලෝකෙ වටේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ මෙදාපාර අනුරට තමයි...