
(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (28) පස්වරුවේ පැවැති පෙළපාළියට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ බැංකු මාවතට පිවිසීමට ගත් උත්සහයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
මෙම පෙළපාලියට බැංකු මාවත ඇතුළු මාර්ග කීපයකට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය තහනමක් පනවා තිබියදී උද්ඝෝෂකයන් බැංකු මාවතට පිවිසීම සඳහා මාර්ග බාධයක ඉවත්කරමින් සිටියදී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය ක්‍රියාත්මක කළේය.
පොලිසිය බැංකු මාවතට පිවිසෙන අවස්ථාවේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එළව එළවා කඳුළු ගෑස් එල්ල කිරීමට නිසා උද්ඝෝෂකයන්ට පසු බැසීමට සිදුවිය.
මෙම උද්ඝෝෂණයට ගුරු සහ සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් සහ අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
පෙළපාළිය අද පස්වරුවේ කොල්ලුපිටියෙන් ආරම්භ වී අරලිගහ මන්දිරය අසළින් ගමන් කර පොලිස් මූලස්ථානය පිහිටි ප්‍රදේශයට ඇතුළත් වීමට උත්සහ ගත්තේය.
එම උද්ඝෝෂකයන් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ වර්තමාන ආණ්ඩුව පළවා හරින තෙල් සටන අත්නොහරින බවයි.
( ඡායාරූප ගයාන් අමරසේකර)




(ඡායාරූප ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුළු ගෑස් නෙමෙයි 20-30ට බැටන් චාර්ජ් රබර් උණ්ඩ නෙමෙයි, දණිස්සෙන් පහළට ජීව උණ්ඩ වුණත් කමක් නැහැ... තියලා දාන්න. මොන මගුලක්ද මේ? මේ රටේ වැඩක් කරන්න නැහැ. ටුවරිස්ට් කෙනෙක් එන්නේ නැහැ.. ඉන්න ආයෝජකයෝත් යන්න යනවා. ජවිපෙට, පෙරටුගාමීන්ට, අන්තරේට, රස්තියාදුකාරයින්ට, මැරයින්ට ඕන විදිහට රටක් ගෙනියන්න බැහැ. මෙහෙම වුණාම මේක අරාජික රටක් වෙනවා. ඕනෑම දේක සීමාවක් තියෙනවා. නිකං කන්න බොන්න හම්බවෙන අයට වෙන වැඩකුත් නැහැනේ. අපිත් අරගලේට ගියා. දැන් වැඩේ ඕනවට වැඩියි.
රට අගාධයට වැටී ඇති මොහොතක මොවුන්ගේ හැසිරීම හරිම තුච්චයි ..! කඳුළු ගෑස් වෙනුවට දුවන්නම දුන්නා නම් ඉවරයිනේ..!
1971දී සිරිමාවෝ මැතිණියගේ ආර්ථික ක්‍රමයටත් විරුද්ධව කැරලි ගැහුවා, 1988/89 වසරවලදී ජේ.ආර් ගේ ක්‍රමයටත් විරුද්ධව කැරලි ගැහුවා. දැනුත් ඒ සුපුරුදු විනාශයම කරනවා. මේ රට හදන්න නම් සියලු විශ්ව විද්‍යාලවල දේශපාලන සංගම් සහ රාජ්‍ය ආයතනවල වෘත්තීය සංගම් තහනම් කළ යුතුයි.
මෙම උද්ඝෝෂණ වලට හේතුව කුමක්ද? එයට හේතුව මූලික භාණ්ඩ වල උග්‍ර හිඟය, දිනෙන් දින වැඩිවන බඩුමිල, ඉහළ යන ජීවන වියදම, අක්‍රමිකතා සහ දූෂණයයි. ඵයට හේතුව වත්මන් පාලකයින්ගේ අකාර්යක්ෂම හා දූෂිත පාලනය බව කවුරුත් දනිති. එයට එරෙහිව උද්ඝෝෂණ කිරීම පුදුමයක් නොවේ. සංචාරකයින් නොපැමිණීම සහ ආයෝජකයින් ඉවත් වී යාම සිදුවී ඇත්තේ රට බංකොලොත් වී ඇති නිසායි. රට බංකොළොත් කලේ වත්මන් පාලකයින්ය...
ගෝඨාභය අනිවාර්යයෙන් ගෙදර යා යුතුයි. කවුරුන් හෝ මේ අරගල, උද්ඝෝෂණ ආදිය හෙලා දකියිද? පහත් කොට තකයිද? ඔවුහු මේ අර්බුදයේ ඍජු කොටස් කරුවෝය. කෙතරම් කඳුළු ගෑස් ගැහුවද, මේ අරගල නැවැත්විය යුත්තේ වෙළඳපොළ විශ්වාසයක් ඇති ආර්ථික, දේශපාලන වටපිටාවක් හැදුණු පසුවයි. ඔව් මේ උද්ඝෝෂණ අමාරුයි. සුද්දන් එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා නෙවෙයි. ටැක්සි වලට තෙල් නැහැ. හැමතැනම ඩොලර් කාක්කන්. අස්ථාවර රටක කොච්චර ලස්සන වුණත් සුද්දන් එන්නේ නැහැ. මේ වෙලාවේ සුද්දන් ආවත් වැඩකුත් නැහැ. ඔවුන්ට සලකන්න, බඩුගන්න ඩොලර් නැහැ. සුද්දගෙන් ඩොලර් බැංකුවලට එන්නේ නැහැ. බොරුවට කිඹුල් කඳුළු හලලා වැඩක් නැහැ. මේ මජර පාලක හැත්ත නැවත දේශපාලනයට එන්නේ නැති වෙන්නකම් මේ අරගලය කරන්න ඕනේ. මේ රට හදන්න පුළුවන් මිනිස්සු ඕනේතරම් ඉන්නවා. ඒ කට්ටිය පේන්න නම් මේ අසාධාරණ විදිහට මිනිස්සුන්ගේ ඇස් අන්ධ වෙන්න ගහලා තියෙන ෆ්ලෑෂ් ලයිට් ගලවන්න ඕනේ.
ගෝල් ෆේස් අරගලය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටයි. මෑත යුගයේ මේ රටේ කිසිඳු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනාගත නොහැකි වූ කරුණු රැසක් අද වනවිට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ. එමෙන්ම මේ රට තුළ සිදුවිය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදටද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටියි. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශවයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුදදිය යුතුයි. අරගලයකින් තොරව ජයග්‍රහණයක් නැත. එය දේශපාලන නියායකි. රාජපක්ෂවරුන් මෙම රටට අත්කර දී ඇති විනාශය පිළිබඳ හා තවමත් සමහර අයගේ කතාවලට මට නම් ඇත්තේ මහත් පිළිකුලකි. අරගලයට ජයවේවා...!
දැන්වත් තේරුණාද ලෝකේ සියලුම සමාගම් සිංගප්පූරුවේ තම මූලස්ථානය කරගන්නේ ඇයි කියලා...? උද්ඝෝෂණ නැහැ, වැඩ වර්ජන නැහැ. ආයෝජනයට සුදුසු වටපිටාව නිකන්ම හැදෙනවා. ඕනෑම ආයෝජකයෙක්ම සිංගප්පූරුවට යනවා. ලෝකෙට තියෙන්නේ මේ ගොඩබිම විතරක් නම් මෙහෙම හැසිරුණාට කමක් නැහැ.
මේ ජෙප්පන් පොහොරවලට ගන්න.
1989 කාලේ වගේ ජනතාවට මොවුන්ව එපා වෙනතුරු උද්ඝෝෂණ කරන්න ඉඩ හරින්න. ඊට පස්සේ තුවක්කුවෙන් උත්තර දෙන්න. අපි පරණ ටයර් සපයන්නම්...
සන්නද්ධ බලයෙන් මේවා නතර කරන්න හැදුවොත්... බලමු මොකද වෙන්නේ කියලා..?
ඕන්න රටේ මිනිස්සු උඩ දාගෙන හිටපු නිර්පාක්ෂික අරගලේ තරම.. මේ අය මේ රටට ගොඩයන්න දෙන්නේ නෑ.. දේව සාපයක් මේ අය නම්...!
දැන්නම් මේ අරගලය සර්ව පාක්ෂික එකක් නොවෙයි. මෙය දැන් තනිකරම ජේවීපී අරගලයක්... 88/89 ජේවීපී උද්ඝෝෂණ තිබුණෙත්, මේ විදිහටම තමයි. පස්සේ සන්නද්ධ අංශයක් යටින් ක්‍රියාත්මක වුණා. රෑට රෑට මුහුණු බැඳන් ඇවිත් දේපල මංකොල්ල කෑම් හා මිනීමැරුම් සිදුකළා. පසුව එය තවත් වර්ධනය වී දවසේ අනෙක් වෙලාවල් වලදීත්, මිනීමැරුම් හා නොයෙකුත් ආකාරයේ අපරාධ සිදුකළ බව රහසක් නොවෙයි. මේ යන්නෙත් එවන් යුගයකටද කියා බියක් දැනෙනවා...!
ධර්ම, ස්විස් සහ අතුල වගේ අය ලංකාවේ නෙවෙයි ජීවත් වෙන්නේ. රටට කරපු මේ විනාශයට ගෝඨාභය ගෙදර නෙවෙයි, එවන්න ඕනේ උළු ගනින්න.
නිර්පාක්ෂික අරගලයකට සහය දිය යුතුමයි. නමුත් අවාසනාවට මේක දැන් ඒක පාර්ෂික අරගලයක් බවට පත්වෙලා.