(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ.
එය සංකේතත් කරමින් සියලු ක්‍රිස්තියානි ආගමික නායකයින් හා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අද පස්වරුවේ මීගමුවේදී පා ගමනක් පවත්වන බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
කොළඹ අගදරගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය එල්ල වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති ‘ දෙවසරක පාස්කු කඳුළ’ වැඩසටහනට එක්වෙමිනි.
අප්‍රේල් 21 වැනිදා දිනය අමතක නොවන ඛේදනීය දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බව කී කාදිනල්තුමෝ කාලයේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත්කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධවීමට කිසිසේත්ම සූදානම් නැතැයිද පැවසූහ.
වසර දෙකක් ගතවුවත් මේ මිනිස් සංහාරය සිදුකළේ කවුද, කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් අපොහොසත් වී තිබීම විශාල ප්‍රශ්නාර්ථයක් බව කී අගරදගුරුතුමෝ රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්‍ෂමතාවය කිසිකෙනෙකුට වරදක් නොකළ දරුවන් 68ක් සහ වැඩිහිටියන් 201 ක් ඇතුළු 269 දෙනෙකු අමුඅමුවේ ඝාතනය කළ මේ කුරිරු මිනීමැරුම කෙරෙහි ක්‍රියාත්මක නොවීට ගැටලුවන් බව ද කියා සිටියහ.
එදා පැවති රජයත්, වත්මන් රජයත් පෙන්වන උදාසීනබව, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා, ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව බලවත් ශෝකයක් පවතින බවත් එම ක්‍රියාදාමය පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව කාටත් පැහැදිලි වෙමින් තිබෙන බවත් කාදිනල්තුමෝ කියා සිටියහ.























































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයා සාධාරණය වෙනුවෙන් සටන් කරද්දි බැරියෑ. ඔයා රාජපක්ෂ හොර පවුල ලවා නොබෙල් ත්‍යාගයට නොමිනේට් වෙන්න බලන් රඟපෑම නම් සුපිරියට කරනවා.
අනික ඔබතුමා ගැන විශ්වාසයක් නෑ
දැන් ඔබවහන්සේ ජාත්‍යන්තර අධිකරණයට යන්ඩ ඕන කාලය ඇවිල්ලා ඔය අපරාධයට ශ්‍රී ලංකාවේ කවදාවත් පිහිටක් හම්බවෙන්නේ නැහැ මෙයාලා ඉන්නකම්
මේක එක ආගමකට හෝ දෙකටවත් සීමා වූ ප්‍රශ්නයක් නෙමෙයි මුස්ලිම් සහ හින්දු ආගමික නායකයනුත් මේකට එක්කර ගන්න තිබුණා අපි මෙහෙම බෙදුණොත් දේශපාලකයනට එක වාසියක් වෙනවා.
"මඩේ හිටවපු ඉන්නක්" වගේ වැඩ කරලා නම් සාධාරණයක් ඉල්ලා කිසිම බලපෑමක් කරන්න බැරිවෙයි.
"හොරාගේ අම්මගෙන් පේන අහලා" පලක් නොමැති නමුත්, වෙන කළ හැකි දෙයක් නොමැති නිසා ඒකවත් කරමු. උන් ඒ තරමටම තිරිසන්නු???
ඔය ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ ඉන්න කතෝලිකයෝ දෙපිල බෙදිලා පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙනවා ඉදිරියට මිනිස්සුත් දෙපිල බෙදිලා රණ්ඩු වෙයි ඔබවහන්සේ දවසින් දවස පරස්පර විරෝධී ප්‍රකාශ කරනකොට සටන නිකන්ම දියාරු වෙලා යනවා
අද කියන එක හෙට වෙනස් කරනවා මේ පාලකයින්ගෙන් කවදාවත් සාධාරණයක් ඉටුවෙන්නැ
මේ රජයට මේ සම්බන්ධයෙන් මුලින්ම කරන්න තිබුණේ,මේ මහා මිනිස් සංහාරය සිදුවෙනකන් බලාන සිටි මෛත්‍රීපාල ට,ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කර මරණ දඬුවම නියම කිරීමයි.අනෙකුත් වගකිවයුතු අයටත් දඬුවම් කිරීමයි.ඒත්, පසුගිය මැතිවරණයේදී පැවැති රජය පරාජය කිරීමට මෛත්‍රීපාල දුන් සහයෝගය නිසාත්,ඔහු තවමත් රජයේ පැත්තේ සිටින නිසාත්,එසේ කිරීමට හෝ කරන්නට බැහැ. මේ නිසා වර්තමාන රජයේ ප්‍රකාශ ගැන විශ්වාසයක් තබන්නට නොහැකි බවක් පෙනෙනවා.එසේ හෙයින් දැන් හෝ කලයුත්තේ මේ සඳහා ජාත්‍යන්තර අධිකරණය වෙත යාමයි.එවිට,මේ රටේ දේශපාලකයන්ට දවල් තරු පෙනේවි. වැරැද්ද නිවැරදි කරන්නට දඟලන ඇතැම් නීති පාර්ශව වල ඇඳුම් ගැලවී ඔවුන්ගේ සැබෑ නිරුවත පෙනේවි.රටේ ජනතාව මෙතෙක් කල් රැවටී සිටි අයුරු ඔවුන්ට අවබෝධ වී නිසි තීන්දු තීරණ ගනීවි.සිදුකළ යුත්තේ එයයි. ඒත්, තවමත් සිදු නොවූයේද එයයි.
මේ පාස්කු ප්‍රහාරයේ මළමිනී මතින් තම අරමුණු ඉෂ්ඨ කර ගත්තු අය මේ ආණ්ඩුවෙත්, ආණ්ඩුවට සම්බන්ධ වුණ පාර්ශව වලත් ඉන්නවා. ඒ දෙගොල්ලෝම අද වැඩියෙන්ම සතුටු වෙන දවසක්.