IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෛත්‍රී ගෝඨා හමුවක්

ශ්‍රීලනිප-පොහොට්ටු සාකච්ඡාවට බැසිලුත්

 

 

(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

ඉදිරි ජනාධිපතිවරණය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානයට අද‌ාළ කාරණා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි පැවසේ.  


ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවට පෙර ජනාධිපතිවරයා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ගවලින් පැවැසේ.  


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද විපක්ෂනායකවරයා විසින් නම් කරනු ලැබ ඇත. සාකච්ඡා තීන්දු තීරණ ගත හැකි මට්ටමින් පවත්වාගෙන යාම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතා පත්කරනු ලැබ ඇති අතර, දෙපාර්ශ්වයේ සාකච්ඡාවලට මීට පෙර සම්බන්ධ වූ කමිටු දෙක ද මේ වන විට වෙනස් කර තිබේ.  


ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කමිටුවට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, සන්ධාන මහලේකම් මහින්ද අමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.  


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කමිටුවට බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු විපක්ෂනායකවරයා විසින් පත්කරනු ලැබ සිටිති.  


ඒ අනුව ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අනිද්ද‌ා (27) සිට යළි ආරම්භ වීමට නියමිතය.  

 

 



අදහස් (0)

මෛත්‍රී ගෝඨා හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site