IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පාතාලේ වෙඩි තැබීම්වලින් මාස දෙකට 16ක් මරුට

  • අවුරුදු 10ට අඩු දරුවන් දෙදෙනෙක් ද ඒ අතර
  •  පාතාලය මර්දනය කරන බව ජනපති කියයි

ගයාන් සූරියආරච්චි
මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධි 16 ක් වාර්තා වී තිබූ අතර ඉන් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම වෙඩි තැබීමේ සිද්ධිවලින් 5 දෙනෙකු තුවාල ලබා ඇත. එමෙන් ම මිද්දෙණිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදුකරනු ලැබූ වෙඩි තැබීමෙන් පියකු සහ අවුරුදු 6 සහ 9 වයස්වල පසුවන දරුවෝ දෙදෙනෙක් ද මිය ගියහ.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර පවතින ආරවුල් මත සිදු කළ වෙඩි තැබීම් සංඛ්‍යාව 10 ක් ලෙස වාර්තා වේ. එහිදී කළ වෙඩි තැබීම්වලින් 14 දෙනකු මියගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසයට වාර්තා වී ඇත.
එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 5 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වේ.
ඉකුත් සති කිහිපයේ දී දෙහිවල, ගල්කිස්ස, කොහුවල, කලු‍බෝවිල, මිද්දෙණිය, ගාල්ල, කඹුරුපිටිය, සීදුව, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා විය. කොළඹ අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ගනේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන පුද්ගලයකුට සිදු කළ වෙඩි තැබීමත් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.
ආසන්නතම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ලෙස වාර්තා වූයේ ඉකුත් 19දා රාත්‍රී 10.45 ට පමණ උස්වැටකෙයියාව, මෝගන්වත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරයට පුද්ගලයකු රැගෙන විත් වෙඩි තබා ඝාතනය කිරීමය.
කෙසේ වෙතත් ඉකුත් 2024 වර්ෂයේ වෙඩි තැබීමේ සිද්ධි 103 ක් වර්තාවී තිබූ අතර එයින් 63 දෙනකු මියගොස් ඇත. එම මියගොස් ඇති පුද්ගලයන් අතරින් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති ආරවුල් මත වෙඩි තැබීම් 56 ක් සිදුවී ඇත. ඉන් 45 දෙනකු මියගොස් තිබේ. වෙනත් ආරවුල් මත වෙඩි තැබීම් සිද්ධි 47 ක් වාර්තා වී ඇත. එම වෙඩි තැබීම්වලින් 16 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පසුගිය සති කිහිපයේ දී දිගින් දිගටම වෙඩි තැබීම් සහ ඝාතන සිදුවූ අතර  පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, අපරාධ කොට්ඨාස ඇතුළු ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
මෙම ඝාතන රැල්ල පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂක කමිටු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසූයේ වැඩිකල් නොයා පාතාලය සහමුලින්ම අතු ගා දමන බවය.
එහිදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ ඉදිරියේ දී නීතිඥයන් ඇතුළු සියලු‍ පාර්ශ්ව පරීක්ෂාවට ලක් කරමින් නවීන තාක්ෂණය ද උපයෝගී කරගෙන අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩි කරන බවය.
කොළඹ  අලු‍ත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පාර්ලිමේන්තුවේ දී පැවසූවේ එම සිද්ධිය ඇති වූයේ පොලිස් නිලධාරීන්ට අධිකරණය තුළට අවි ආයුධ ගෙන යෑමට අවස්ථාව නොලැබුණු නිසා බවය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම සිද්ධිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමිනි.
එහිදී ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් කීපයක් පසුගිය දිනවල සිදු වූ අතර අධිකරණ සංකීර්ණයේ  සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවය.

 

 



අදහස් (0)

පාතාලේ වෙඩි තැබීම්වලින් මාස දෙකට 16ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31366 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13589 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11014 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 128 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1004 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site