(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නාගවිල්ලුව ප්‍රදේශයේ ජන්ද දායකයින්ට අද (24 ) දින සවස වියළි සලාක මලු බෙදා දි ජන්දය ඉල්ලා සිටිම පිළිබඳ කෝප වු පිරිස් තම වියළි සලාක මලු එරික්කුලම්පිට්ටි මුස්ලිම් දේවස්ථානයකට ආපසු බාර දි ඇතැයි වාර්තාවේ.
වන්නිය නියෝජනය කරනු ලබන ප්‍රබල ඇමතිවරයකුගේ හිතවතෙක් නාගවිල්ලුව කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග වදි. ඔහු වෙනුවෙන් මෙම වියළි සලාක මලු නාගවිල්ලුව ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දි පසුව ඔහුට ජන්දය දෙන ලෙස ඉල්ලා තිබේ. ඡන්දය ඉල්ලා සිටීමෙන් පසුව ප්‍රදේශයේ පිරිස්
එයට විරෝධය පා තිබේ .
එහිදි සලාක මලු බෙදීමට පැමිණි පිරිස් පිටව ගොස් ඇති නමුත් පසුව සලාක මළු ලබා ගත් ඇතැම් පිරිස් එම බඩු මලු එරික්කුලම්පිට්ටි මුස්ලිම් දේවස්ථානයට ගෙනවිත් බාර දී තිබේ.
කෙසේ නමුත් මේ පිළිබඳව 24 දින රාත්‍රි වන තුරුත් කිසිවකු පොලිසියට හෝ වෙනත් නිළධාරියකුට පැමිනිලි කර නොතිබු බව කියයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd