(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු හා මෙවර ද අපේක්ෂකයකු වන පුද්ගලයකු තවත් පිරිසක් සමග පැමිණ තම රාජකාරියට බාධා කළ බවට ගාල්ල මහ නගර සභාවේ නාගරික ඉංජිනේරු ඩී.ජී.මානවඩු මහතා අද (18) ගාල්ල පොලිසියට හා ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
අනුමත සැලැස්මක් අනුව ඉදිකරන පුද්ගලික තාප්පයක් සම්බන්ධව ඇතිවූ ගැටලුකාරී තත්වයක් ගැන චෝදනා කරමින් හිටපු මන්ත්‍රීවරයා රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ බව මෙම පැමිණිල්ලේ සඳහන් වේ.
එම තාප්පය සම්බන්ධයෙන් නගර සභාවට ගම්වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධ මැනුමක් සිදුකිරීමට ද තීරණය කර තිබියදී හදිසියේම පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා තම රාජකාරියට බාධා කළ බවත් නාගරික ඉංජිනේරුවරයා සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංත්රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද? සැලැස්ම අනුමත කරන්න සාක්කුවට කීයක් වැටුනද කියලා හොයල බැළුවොත් නරකද?
දැන් පොලිසිය ගන්නේ කාගේ පැත්තද? පරණ JVP කෝන්තර දැන් මෙතන අදින්නේ නැතුව සාධාරණය ඉටු කරන්න.
මොන කයිය ගැහුවත් මෙගොල්ලන්ගේත් වෙනසක් නැහැ. අර එක්කෙනෙක් පොලිසියට කඩා පැන්නා. මේ තව එක්කෙනෙක්. ඒ කාලේ කරපු සෙල්ලම් ආයිත් කරන්න හිතිලා වගේ.
ජම්ම ගතිය.............. උන පුරුකේ දැම්මත් කෙලින් කරන්න බැරි ජාතියක්.
මන්ත්‍රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද? සැලැස්ම අනුමත කරන්න සාක්කුවට කීයක් වැටුණද කියලා හොයල බැලුවොත් නරකද? ජ.වි.පෙ. මංත්‍රීවරයෙක් ඉල්ලීමක් ඉදිරිපත් කළොත් මේ නිළධරීන්ට හොඳටම හිත රිදෙනවා. ඒත් වෙන පක්ෂයක කඳ බඩ මහත මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළොත් ඉහලින්ම ඉටු කරලා දෙනවා. නගර සභාවක සේවය කරන නිසා ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
මංත්රීවරයා ඉදිරිපත් වෙලා තියෙන්නේ ගම්වාසීන් වෙනුවෙන් නේද? සැලැස්ම අනුමත කරන්න පෙර ගම්වාසීන් ගැන හිතුවෙ නැත්තේ ඇයි? ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් ඉදිරිපත් කළොත් මේ නිළධරීන්ට හොඳටම හිත රිදෙනවා. ඒත් වෙන පක්ෂයක කඳ බඩ මහත මන්ත්‍රීවරයෙක් ඉල්ලීමක් කළොත් ඉහලින්ම ඉටු කරලා දෙනවා. නගර සභාවක සේවය කරන නිසා ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.
මේවායේ ඉන්නේ බොහොමයක්... උපාධි නොමැති මැති, ඇමතිලා පස්සේ ගොස් පදවි ලබාගත්තු සෙකන්ඩ් ක්ලාස් ඉංජිනේරු අය තමයි...
මානවඩු මහතා හොඳ ඉංජිනේරුවරයෙකි. ඔහු නිතරම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඔහු නිතරම කරන්නේ නිවැරැදි දේවල්..
කියන්නේ නම් දූෂිතකම් කරන අය අප ළඟ නැහැ කියලයි. ජාන වෙනස් කරන්න බැහැනේ.