ඊශ්රායලයේ සිටින පිරිසක් කඩිනමින් ලංකාවට ගෙන එන්නැයි ඉල්ලිමක්
රැකියා වීසා බලපත්රයේ වලංගු කාලය ඉක්ම වුවද, පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඊශ්රාලයේ සාත්තු සේවයේ සහ හෝටල් සේවයේ නිරතව සිටි ශ්රී ලාංකික ශ්රමිකයින් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලමින් ඊශ්රායලයේ ටෙල්අවිව් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දීමක් කර ඇත.