(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳ සැල් අද (28) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරීක්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වීමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දැමිමට කටයුතු කල බවයි.
අදාල ආසාධිතයා සමග 50 දෙනෙකු දින දෙකකට පෙර හදිසි ජෛව පටල සාම්පල පරික්ෂාවකට ලක්කර ඇති අතර අදාල වාර්තා 28 දින ලැබී තිබු බවත් එහිදි මෙම මත්ස්‍ය අලේවි සැල් වල වෙළඳාම් කල අදාල තැනැත්තා ආසාධිතයකු බවට සනාථ වී ඇති බව කියයි.
මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළෙඳාමේ නිරත ස්ථාන 100 ක් පමණ සම්පූර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි .
ඒ සමගම ආසාධිතයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගිලන් රථ මගින් රැගෙන යාමට කටයුතු කල බව සෞඛ්‍ය අංශ පවසයි.
නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියේ පවතින තත්වය අනුව 29 දින 100 ක පිරිසකගේ ජෛව පටල සාම්පල ලබා ගැනිමට කටයුතු කරන බවත් මේ වන විට ජනතාව දැනුවත් කිරිම් කල බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාරවිල මුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දමයි
lakshman Sunday, 29 November 2020 12:53 AM
මාලු ගන්න ගිය අයට මොකද වෙන්නේ ..? අපිත් ගියෝ...