IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රුසියානු එන්නතෙන් වසරකට මිලියන 100ක් නිපදවීමට ඉන්දියාව එකඟවෙයි

ඉන්දියාව වසරකට, රුසියාවේ ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වයිරසය වැළැක්වීමේ එන්නත් මාත්‍රා මිලියන 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට එකඟතාව පළ කර ඇත.

රුසියාව එන්නත නිෂ්පාදනය කිරීම සඳහා රුසියාවේ ආයෝජන අරමුදල වන ‘රෂියා ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් (ආර්.ඩී.අයි.එෆ්)’ සහ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර පිහිටි ඖෂධ සමාගමක් වන හිටාරා බයෝෆාමා සමාගම අතර ගිවිසුමකට ද අත්සන් තබා ඇත.

රුසියාවේ ප්‍රධානම වෛද්‍ය පර්යේෂණ ආයතනය වන ගැමලෙයා ආයතනයේ විද්‍යාඥයෝ ‘ස්පුට්නික් 5’ එන්නත සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ හා අත්හදා බැලීම් කරමින් සිටිති. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මෙම පර්යේෂණ හා අත්හදා බැලීම් කෙරෙන අතර මේ සියලු කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ් ආයතනයයි.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ 40,000කට ආසන්න පිරිසක් සහභාගී කරවා ගනිමින් ගැමලෙයා පර්යේෂණ ආයතනය ඉකුත් දා අත්හදා බැලීමක් කර තිබිණි. එය තෙවැනි අදියරේ සායනික පරීක්ෂණයක් බව පැවැසිණි. ඒ අනුව දෙවැනි අන්තර්වාර විශ්ලේෂණයේ දත්තවලට මෙම එන්නත 91.4%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ගැමලෙයා මධ්‍යස්ථානය සහ ආර්.ඩී.අයි.එෆ් ආයතනය නොවැම්බර් 24 වැනිදා නිවේදනය කළේය.

‘ස්පුට්නික් 5’ එන්නතේ තෙවැනි අදියරේ සායනික පරීක්ෂණවලට මේ වනවිට අවසරය හිමි වී තිබෙන අතර බෙලරුසියාව, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, වෙනිසියුලාව සහ තවත් රටවල් කිහිපයක ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙයි. දෙවැනි හා තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් සඳහා ඉන්දියාව, චීනය, දකුණු කොරියාව සහ තවත් රටවල් කිහිපයක අවසරය හිමි ව ඇත. රටවල් 50කට ආසන්න සංඛ්‍යාවකට මෙම එන්නත ලබාදීමට බලාපොරොත්තු වන අතර මේ වනවිට එන්නත් මාත්‍රා බිලියන 1.2කට ආසන්න සංඛ්‍යාවක් ඇණවුම් කර ඇතැයි ආර්.ඩී.අයි.එෆ් ආයතනය සඳහන් කරයි.

‘ස්පුට්නික් 5’ එන්නතට කඩිනම් අනුමැතිය ගැනීම සඳහා ආර්.ඩී.අයි.එෆ් ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අයඳුම් පත්‍රයක් ද යොමු කර ඇත. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තු ගත කිරීම යනුවෙන් හැඳින්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම අවසරය ලැබුණු පසු ගෝලීය හදිසි මහජන සෞඛ්‍ය ආපදා තත්ත්වයකදී නව හෝ බලපත්‍ර නොලත් ඖෂධ නිෂ්පාදන ගෝලීයව භාවිත කිරීමට අවසරය ලැබේ.


ඒ.එෆ්.පී/රොයිටර්
- 055



අදහස් (2)

රුසියානු එන්නතෙන් වසරකට මිලියන 100ක් නිපදවීමට ඉන්දියාව එකඟවෙයි

Chandima Friday, 27 November 2020 10:02 PM

බයවෙන්න දෙයක් නැහැ. අපටත් ගෙනත් දෙයි.

:       0       3

lakvidu Monday, 30 November 2020 01:18 AM

අපට අනුන්ගේ මළඉලව් මොකටද? අපේ කුණ්ඩලීණී මුට්ටියයි, දුම් හට්ටියයි, සුදර්ශනී පැණියයි මුලු ලෝකෙටම විකුණලා මිලියන 1000ක් වුණත් හොයන්න පුළුවන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site