මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (29) පස්වරු 6.00 වනවිට නව ආසාදිතයන් 323 දෙනෙකු එක් වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 19,773 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් පිරිස පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝ වෙති.