(ටී.කේ.ජී.කපිල)

09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල - 2026 (09 th Golden Globe Award - 2026 ) ,  මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී (Malaysia International Film Festival), ශ්‍රී ලංකාවේ "රිවස්ටන්" චිත්‍රපටයට රංගනයෙන් දායක වූ මහේන්ද්‍ර පෙරේරා හොදම නළුවාට හිමි සම්මානයත්, ප්‍රියන්ත සිසිර කුමාර හොදම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (26) පස්වරුවේ පැමිණියහ .

මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ විවිධ චිත්‍රපට සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වූ සිනමා නිර්මාණ පමණක් සහභාගී කර ගැනීම විශේෂත්වයකි .

ඔවුන් පිළිගැනීම සදහා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .