
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් නිර්මාණය කරන ලද Discover Ceylon නමැති පරිගණක ක්‍රීඩාව මේවන විට ජනප්‍රිය වෙමින් පවතී
වයස අවුරුදු 25 ට අඩු ගෝලීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අලෙවිකරණ හිඩැස පියවීම මෙහි මූලික අරමුණ යැයි එහි නිර්මාතෘ ඇන්තනි ලැම්බර්ට් මහතා පැවසීය
Roblox වේදිකාව පදනම් කරගත් මෙම ක්‍රීඩාව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා භූගෝලීය අනන්‍යතාවය අතථ්‍ය අවකාශයක් (Virtual Space) තුළ ප්‍රතිනිර්මාණය කතිබීම විශේෂත්වයක් බවද ඔහු කීය
ජනවාරි මාසයේදී සිදු කරන ලද සති දෙකක බීටා (Beta) පරීක්ෂණයේදී මිලියන 5 කට අධික දර්ශන (Impressions) ප්‍රමාණයක් සහ 55,000 ක ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලබා ගනිමින් මෙය ඉහළ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවද ලැම්බර්ට් මහතා සදහන් කළේය
විශේෂයෙන්ම සියයට 72 ක ඉහළ රඳවා ගැනීමේ අනුපාතයක් පෙන්නුම් කිරීම මෙහි සුවිශේෂී ජයග්‍රහණයකි.
මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ වසර 5කට ආසන්න කාලයක සිට ක්‍රියාත්මක වන විශේෂිත මෘදුකාංග සහ ක්‍රීඩා සංවර්ධන ආයතනයක් විසින් බවද ඔහු පැවසීය
මෙහි නිර්මාර්තෘ ඇන්තනි ලැම්බර්ට් මහතා මෙම ආයතනයේ නිර්මාතෘවරයා වන අතර, ඔහු වයස අවුරුදු 17 දී සිය ව්‍යවසායකත්ව ගමන ආරම්භ කර ඇත.
වර්තමානය වන විට ඔහුට ක්ෂේත්‍රයේ වසර කිහිපයක පළපුරුද්දක් පවතී.
ශ්‍රී ලංකාව තුළ පූර්ණ කාලීන සේවකයින් 20කට අධික ප්‍රමාණයක් මෙහි සේවය කරති .
යුරෝපය, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල්
ආවරණය වන පරිදි ස්වාධීන සේවා සපයන්නන් 26 දෙනෙකු පමණ ඕනෑම අවස්ථාවක සම්බන්ධ වේ.
Discover Ceylon යනු හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව, ශ්‍රී ලංකාව අතථ්‍ය ලෙස අත්විඳිය හැකි ගිල්වන සුලු (Immersive) පරිසරයකි.
වේදිකාව: ලොව පුරා මිලියන 300 කට අධික දෛනික පරිශීලකයින් සිටින Roblox ප්ලැට්ෆෝමය හරහා මෙම ක්‍රීඩාව ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සහ සන්ධිස්ථාන මෙහි ඇතුළත් වේ (කොළඹ, මහනුවර, නුවරඑළිය සහ දකුණු වෙරළ තීරය) නෙළුම් කුළුණ සහ නිදහස් චතුරස්‍රය වැනි විශේෂිත ගොඩනැගිලි අතථ්‍ය ලෙස ප්‍රතිනිර්මාණය කර ඇත.
ප්‍රවාහන මාධ්‍ය ලෙස ත්‍රීරෝද රථ සහ දුම්රිය භාවිතා කළ හැකිය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd