
(ආරියරත්න රණබාහු)
දශක හතකට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියක් සහ සමස්ත සමාජයට කළ අනූපමේය මෙහෙවරක් නිමා කොට සසුනඹර බැබල වූ සරා සදවන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතිව වැඩ විසූකොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණෝ අද (05) මළ හිරු බැස යන සැන්දෑ යාමේ දැයෙන් සදහටම සමුගත්තහ.
රාජ්‍ය අනුග්‍රහය මත පැවැත්වුණු මෙම ආදාහන පූජෝත්සවය සඳහා අති විශාල මහා සංඝරත්නය සමග විදේශීය භික්ෂූන් වහන්සේලාද වැඩම කර තිබූ අතර අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායක මහින්දයාපා අබේවර්ධන හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්තුරු සමග තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිස් සමඟ සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් ව සිටියහ.
දින තුනක් පුරා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ නාහිමියන්ගේ දේහය අද පස්වරු තුනට පමණ ආදාහන පූජෝත්සව මළුවට වැඩම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි
ඒ අනුව දේහය රන්සිවි ගෙය සමන්විත විශේෂ රථයක තැන්පත් කිරීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සව පෙරහැර විහාරස්ථානයේ සිට හුණුපිටිය පාර ඔස්සේ ඩබ්ලිව් ඒ ඩී.රාමනායක මාවත දිගේ පැමිණ ඉන්ද්‍රා ට්‍රේඩස් අසලින් ශ්‍රීමත් ජේමිස් පිරිස් මාවතට පිරිස ජිනරතන මාවත ඔස්සේ ආදාහන මළුවට පැමිණියේය.
දේහය රැගත් ආදාහන පූජෝත්සව පෙරහැර ගමන් කළ මාර්ගයට උඩුගුවනේ සිට විශේෂ හෙලිකොප්ටරයකින් මල් ඉසුණු ලැබිණි .
ආදාහන පූජෝත්සව පෙරහැර ගමන් කළ මාවත්වල අවට රැඳී සිටින සැදැහැවත් ජනතාව නාහිමියන්ගේ දේහයට වැඳ නමස්කාර කරමින් ගෞරවාචාරය පුද කළහ
නාහිමියන්ගේ දේහය ආදාහන මළුවට වැඩම කිරීමෙන් පසුව එහි තිබූ විශේෂ පීටිකාවක තැන්පත් කෙරිණි. අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.
එහිදී ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව සිදුකර අතර පිරිස පන්සිල්හි පිහිටුවීම දී ඉඹූල්කුඹුරේ විමල ධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ සිදු කළහ
මතක වස්ත්‍ර සහ පැන් වැඩීම ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි
අනතුරුව උන්වහන්සේ ද ඇතුළත්ව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහා නායක හිමියෝ ද අනුශාසනා පැවැත්වූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ගිහි පිරිස වෙනුවෙන් කතා කළහ ස්තුති පූර්වක අනුශාසනාවද විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝම සිදු කළහ.
අනතුරුව ඉතාමත් අලංකාර අන්දමින් ඉදිකර තිබූ චිතකය වටා නාහිමියන්ගේ දේහය තෙවරක්පැදකුණු කිරීමෙන් අනතුරුව චිතකයට වැඩම කෙරිණි. පසුව පැවිදි දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද බෑනුනූවන් දෙදෙනෙකු විසින් චිතකයට ගිනි දල්වනු ලැබිණි
ධර්ම සංවේගයට පත් ව මහා සඟරුවන එම අවස්ථාවේ පිරිත් සජ්ඣායනය කළහ.
කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ළඟා විය.
නහිමියන්ගේ දේහයට විහාරස්ථානය තුළදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විහාරවාසී භික්ෂූන් වහන්සේලා වන්දනා මාන කිරීමෙන් පසු පස්වරු තුනට පමණ අවමගුල් පෙරහැර පිටත් විය.
නහිමියන්ගේ රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානයේ සිට හුණුපිටිය පාර රාමනායක මාවත ඉන්ද්‍රා ට්‍රේටස් අසලින් ශ්‍රීමත් ජේම්ස් පීස් මාවතට පිවිසර් සී ගින්දර මාවත ඔස්සේ දාන මළුව කරා
වැඩම කෙරිණි
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



2025 ඔක්තෝබර් මස 08
1839
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1484
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති
kasun Monday, 05 August 2024 11:49 PM
නිවන් සුව පොඩි හාමුදුරුවනේ