
(ගයාන් සූරිය ආරච්චි)
පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ අදාළ ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී දැරිය යුතු පිරිවැය අධික ලෙස ඉහළ යාම නිසා පිළිකා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පසුගිය කාලයේ මුළුල්ලේම පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය පැවති අතර, රජය රෝහල් පද්ධතිය තුළ මෙම පිළිකා ඖෂධ නොමැති වීම නිසා ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධ ඉතා අධික මුදලකට විකිණීමේ ජාවාරමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අන්දමට බාහිර මසුවල පවතින ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධවල ගුණාත්මකභාවයද ප්‍රශ්න සහගත බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍යවරයා , ඇතැම් පිළිකා රෝගීන් සඳහා මසකට මෙම ඖෂධ බාහිරින් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය වන බවත් මෙම මුදලෙන් එම රෝගීන්ට හෝ ඥාතීන්ට දරාගත නොහැකි බවද පෙන්වා දෙයි.
මේ වන විට වෙළඳපොලේ බොහෝ ඖෂධවල මිල ඉහළ යමින් පවතින අතර මෙම තත්වය පිළිකා ඖෂධ කෙරෙහිද බලපා ඇති බව ඔහු පවසයි.
දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා පවතින ආර්ථික අර්බුදය හමුවේ විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය වීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd