
(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් සහ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
මොවුන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි . අනෙක් තැනැත්තිය 40 හැවිරිදි වියේ පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇන්තූරියම් පැළ 436 ක් සගවා ගෙන පැමිණ තිබූ අතර ඒ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍ර නොතිබුණු අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් මෙම පැළ තොගය රැගෙන විත් තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd